දිගු සති අන්තයේ අනුරාධපුර හා පොලොන්නරුවේ වන්දනාවේ පැමිණීම සීමාකරයි

lockdown

රටපුරා පවතින කොවිඩ් 19 වෛරස අවධානම හේතුවෙන් දිගු සති අන්තයේ අනුරාධපුර හා පොලොන්නරුවේ කණ්ඩායම් වශයෙන් වන්දනාවේ පැමිණීම සීමාකරන ලෙසත් පිටස්තරින් පැමිණෙන පුද්ගලයන් විශේෂ මාර්ග බධාක යොදා සෞඛ්‍ය කණ්ඩායම් අහඹු පී.සී.ආර් පරික්ෂණ සදහා යොදවන බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (23දා) උදෑසන පැවසුවේය. අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමිපානන් හා රුවන්වැලි චෛත්‍යරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමිපානන් බැහැදැක උන්වහන්සේලාගෙන් ලබාගත් අනුශාෂනා හා සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි හදිසි තීරණයට පැමිණි බව ආණ්ඩුකාරවරයා උතුරු මැද පළාත් සභා ශ්‍රවනාගාරයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේය. එහිදි වැඩිදුරටත් කථා කළ ආණ්ඩුකාර මහීපාල…

Read More

බස්නාහිර කොවිඩ් අවදානම ඉහලට

corona-outbreake

ගත වු පැය කිහිපයේදි මෙරටින් වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් 672 දෙනෙකු ගෙන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 192 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 117 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් ද කොවිඩ් ආසාදිතයින් 64 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 99 දෙනෙකු වාර්තා වී ඇත. මේ මොහොත වන විට සමාජය තුළ විශාල ආසාදිතයින් සංඛ්‍යාවක් සිටින බවත් ඔවුන් හඳුනාගැනීම සඳහා සංචරණ සීමා පැනවීම අත්‍යාවශ්‍ය බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ…

Read More

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සහ මරණ ගතවූ පැය 24 දී වාර්තා වෙයි

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසුව ලොව රටවලින් මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා විය. ඒ අනුව ඊයේ දිනයේදී පමණක් ලොව රටලින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්ෂ 88,444 ක්. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් හඳුනා ගැනුණේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව ලක්ෂ 03 කටත් අධිකයි. ඊට අමතරව බ්‍රසිලයෙන් ආසාදිතයින් 71,910 ක් සහ අමෙරිකාවෙන් ආසාදිතයින් 65,000 ක් ඊයේ වාර්තා විය. මේ අතර කොරෝනා වෛරසයේ ආරම්භයෙන් පසුව ලොව රටවලින් මෙතෙක් සිදුවූ වූ වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ද ඊයේ දිනයේදීයි. එම සංඛ්‍යාව…

Read More

රට තුල ව්‍යාප්ත වන්නේ බ්‍රිතාන්‍යය කොවිඩ් ප්‍රභේදය බවට සැකයක්

දිවයින පුරා විවිධ ප්‍රදේශවල මේ වනවිට කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීමත් සමග කොවිඩ් වෛරස් ප්‍රභේද පිළිබඳව නව පරීක්ෂණ ආරම්භ කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීවවිද්‍යා ආයතනය කටයුතුකර ඇත. බ්‍රිතාන්‍යයේ පැතිරී පවතින බී 117 විකෘති වයිරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැතිරී ඇත්දැයි සැකයක් මතුවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තවේද හා ශෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජිවන්දර මහතා පවසයි. බ්‍රිතාන්‍යයේ දී මෙම නව වෛරසය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේදී එහි එස් ප්‍රොටේන හඳුනාගැනීමේ හැකියාව නැතිව ගොස් තිබූ බවත් කොළඹ දී කරන ලද පරීක්ෂණ වලදී ද එවැනිම…

Read More

IDH රෝහලේ ධාරිතාව ඉක්මවයි

idh

IDH රෝහලේ පවතින ඉඩ ප්‍රමාණයට වඩා මේ වන විට රෝගීන් ඇතුළුත් කර ඇති බව එම රෝහල් ආරංචි මාර්ග පවසයි. එහි රෝගීන් 120 දෙනෙකුට ඉඩ පහසුකම් පවතින අතර මේවන විට කොවිඩ් ආසාදිතයන් 138 දෙනෙකු එහි ප්‍රථිකාර ලබයි. එමෙන්ම  දැඩිසත්කාර ඒකකයේ ඇති ඇඳන් 08ම පිරී ඇති බව සඳහන් වේ.  

Read More

පානදුරේත් කොරෝනා පොකුරක් මතුවෙයි

corona

පානදුර ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරන සේවක සේවිකාවන් 29 දෙනකුට කොවිඩ් – 19 වයිරසය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇතැයි පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. අලුත් අවුරුද්දට ගමේ ගොස් පැමිණි සේවක සේවිකාවන් වෙනුවෙන් සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණවලදී මේ බව තහවුරුව ඇතැයි පැවසේ. කොරෝනා වෛරසය වැළඳී ඇති රෝගීන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ටද පීසීආර් පරීක්ෂණ සිදුකරන බවත් පැවසේ.

Read More

ඉන්දියාවට කොරෝනා සුනාමියක්

Coronavirus-in-India

කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් ඉන්දියාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. විචාරකයින් පවසන්නේ ඉන්දියාව “කොරෝනා සුනාමියකට” මුහුණදෙමින් සිටින බවය. එරට සෞඛ්‍ය සේවා සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා බිඳ වැටීමට ආසන්න බව එරට මාධ්‍ය වාර්තා කරයි. අසරණ රෝගීන් ඔක්ෂිජන් සහ වෙනත් ඖෂධ සහ ප්‍රතිකාර නොමැතිව මියයන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ. දෛනික මරණ ගණන ඉහළ යෑම හේතුවෙන් සොහොන් පිටිවල ඉඩ නොමැති වීම හේතුවෙන් මළ සිරුරු එකතු වෙමින් පවතින බවද සඳහන් වේ.

Read More