දිව්‍යමය සංගීතඥයන් හෙවත් ගාන්ධර්වයන් හඳුනා ගනිමු

gandabbayo

ගාන්ධර්ව යන නම අප බොහෝ විට අසා ඇත්තේ සංගීතය හා සම්බන්ධ භාවිතාවක් ලෙසිනි. විශේෂයෙන් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් හඳුන්වනු පිණිස ජාතියේ මහා ගාන්ධර්වයාණේ යන වදන යොදනු අපි අසා ඇත්තෙමු. එහෙත්, සැබැවින්ම මෙම ගාන්ධර්වයන් යනු කවුරුන්ද?, ඔවුන්ගේ ස්වරූපයන් සහ ගති ස්වභාවයන් කෙබඳු ද ආදී කරුණු අද බො‌හෝ දෙනෙක් නොදනිති. හින්දු සහ බෙෳද්ධ සාහිත්‍යයන්හි බහුල වශයෙන් හා ජෛන සාහිත්‍යයේ සුළු වශයෙන් සඳහන් වන මෙම ගාන්ධර්වයෝ දිව්‍යමය ශරීර ඇත්තෝ වෙති. ඔවුන් පිළිබඳව වැඩිදුර විමසීමේ දී ‘උප දේවතා’ ගණයෙහි ලා දැක්විය හැකි බව පෙනෙයි. ශරීරවලින් සොබාදහමේ විවිධ සුගන්ධයන් විහිදුවමින් මල්වතු, උයන් වතු ආශ්‍රිතව වෙසෙන මොවුහු…

Read More

මාරවිල රෝහලේ කාර්ය මණ්ඩලයෙන් කොවිඩ් පොකුරක්!

marawila hospital covid situation ICU

කොවිඩ් වසංගතය හමුවේ මෙවර සෞඛ්‍ය කාර්ය මණ්ඩලද ඊට සීඝ්‍රයෙන් ගොදුරු වෙමින් සිටියි. මේ සතිය ආරම්භය වන විට පමණක් වෛද්‍යවරු 40 ක් පමණ හා හෙද හෙදියන් 243 කු කොවිඩ් වෛරසයට ගොදුරු වී තිබුණි. දෙවැනි කොවිඩ් රැල්ලේදී රාගම රෝහලේ වෛද්‍යවරයෙකු හා රත්නපුර රෝහලේ සෞඛ්‍ය සේවකයෙකු මේ කොවිඩ් මාරයා විසින් බිලිගත්හ. නමුත් ඒ් අවස්ථාවේදී වෛරසය ආසාදනය වු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙතරම් ඉහළ ගොස් තිබුණේ නැත. වත්මන් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වන අවස්ථාවේ බොහෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිටින්නේ අවදානම් ත්ත්වයකය. මන්ද ඔවුන්ට නිසි පරිදි ආරක්ෂාවක් අදාල බලධාරින්ගෙන් නොලැබීම නිසාය. පහුගිය දිනෙක සමස්ත ලංකා හෙද සංගමය…

Read More

හොර පාරෙන් එන්නත් ගසා ගනියි

ennath

කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන් වලදි තමන්ට විශාල අසාධාරණයක් සිදුවන බව එන්නත් ලබා ගැනිමට ගිය ප්‍රදේශ රැසක ජනතාව චෝදනා කරති. කළුතර දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් රෝගින් වාර්තාවු ප්‍රදේශවල මේ දිනවලදි එන්නත් කිරිම ආරම්භ කර ඇත.මේ සෑම මධ්‍යස්ථානයකටම විශාල පිරිසක් පැමිණ සිටි අතර දිගු පෝලිම් දැකගතහැකිවිය. බොහෝ ස්ථානවල මිටරයේ පරතරය පවා නොතකා ජනතාව රැස්ව සිටින අයුරු දැකගතහැකිවිය. ප්‍රාදේශිය දේශපාලනඥයින් තම හිතවතුන් පෝලිම්වලට පිටතින් ගෙනවිත් එන්නත් කරගැනිම සහ වෙනත් ග්‍රාමසේවා වසම්වල පුද්ගලයින් රැගෙනවිත් එන්නත් කරවාගන යන අවස්ථාවලදි ගැටුම්කාරි තත්වයන් රැසක් පසුගිය සතියේ දැක ගතහැකිවිය. පසුගිය 13 දා කළුතර නගරශාලාවේදි, පසුගිය 14 දා…

Read More