රට තවත් දින දහයක් වසා තැබීමට ගත් තීරණය ප්‍රායෝගිකයි

arjunada-silva

තවත් දින දහයක් වසා තැබීමට  ගත් තීරණය බොහෝ ප්‍රායෝගික යැයි රාගම වෛද්‍ය පීඨයේ  ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය. සංචරණ සීමා ක්‍රියාත්මක කළහොත් රටට ලබන නොවැම්බර් මාසය වනවිට යම් සැනසිලිදායි  තත්වයක්  උදා වනු ඇතැයි  තමා විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කළේය. කොවිඩ්  ආසාදිතයන් වාර්තාවීම එක්දහස් පන් සියයක  සංඛ්‍යාවක් රෝහල් පද්ධතියට  දරාගැනීම අපහසු නොවනු ඇතැයිද  පැවසුවේය.

Read More

පුද්ගලික බස් රථ සඳහා විශේෂ සහන පැකේජයක්

dilum

සංචරණ සීමා හේතුවෙන් පීඩාවට පත් පෞද්ගලික බස් රථ හිමියන් සහ එහි කාර්ය මණ්ඩල සඳහා විශේෂ සහනාධාරයක් කඩිනමින්  ලබාදෙන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඉදිරි සතියේ සිට සංචරණ සීමා නිමාවීමට ප්‍රථමයෙන් එම කාර්යය සිදුකරන බව  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  ඊයේ  (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් පළාත් සහ අන්තර් පළාත් අතර ධාවනය වන පෞද්ගලික  බස්රථ 17 000 කට සිය ගමන් වාර අහිමි වී ඇතැයි පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා බස් රථ හිමියන්ට  පමණක් සීමා නොවී බස් රථයට සහ  කාර්යමණ්ඩලට…

Read More

මාංචු දැමිය යුතු අත්වල කඹ වගේ පිරිත් නූල්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම මෙරට ප්‍රකට දේශපාලනඥයෙකු වන ආචාර්ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා විසින් සිය ෆේස්බුක් ගිනුම් වෙනස්ම ආකාරයේ සටහනක් තබා තිබෙන ආකාරය දකින්නට ලැබුණා. “මේ දිනවල මාංචු දැමිය යුතු අත්වල කඹ වගේ පිරිත් නූල් දක්නට ඇත” මගේ චරිතය සුදු චරිතයක් ලෙස පෙන්වීමට මම අත් පිරෙන්න පිරිත් නූල් බැඳ නැත. ඇතම් විට මගේ චරිතය කළු චරිතයක් ලෙස පෙන්වීමට ⁣දේශපාලනික බලපෑම් මත අත්අඩංගුවට ගෙන මාංචු වැටුනද. නීතීයේ ස්වාධිපත්‍ය මත නිදහස් විය. ඒ සම්බන්ධව ගෞරවනීය අධිකරණයට හිස නමා ආචාර කරමි.” ‍ ලෙසින්ද මාලක සිල්වා සිය ෆේස්බුක් ගිනුමේ සඳහන් කර තිබුණා.

Read More