dilum

සංචරණ සීමා හේතුවෙන් පීඩාවට පත් පෞද්ගලික බස් රථ හිමියන් සහ එහි කාර්ය මණ්ඩල සඳහා විශේෂ සහනාධාරයක් කඩිනමින්  ලබාදෙන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඉදිරි සතියේ සිට සංචරණ සීමා නිමාවීමට ප්‍රථමයෙන් එම කාර්යය සිදුකරන බව  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  ඊයේ  (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් පළාත් සහ අන්තර් පළාත් අතර ධාවනය වන පෞද්ගලික  බස්රථ 17 000 කට සිය ගමන් වාර අහිමි වී ඇතැයි පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා බස් රථ හිමියන්ට  පමණක් සීමා නොවී බස් රථයට සහ  කාර්යමණ්ඩලට ද මෙම විශේෂ සහනය ලබාදෙන බව ප්‍රකාශ කළේය.

බස් රථයක් මගී ප්‍රවාහනයට සුදුසු තත්ත්වයට පත් කිරීමට හැකි සියලු අවශ්‍යතා වෙනුවෙන් මෙම සහන පැකේජය හිමිවන බව කී රාජ්‍ය අමාත්‍යවරයා, ඒ යටතේ ටයර්, ලිහිසි තෙල්, බැටරි, අමතර කොටස් ආදිය සඳහා පමණක් නොව රථයේ  රක්ෂණාවරණය සඳහා ද යම් වටිනාකම් සහිත වවුචර් ලබාදෙන බව  සඳහන් කළේයෙ

සංචරණ සීමා ඉවත් වන දිනය වන විට අදාළ සියලුම බස් රථ සඳහා මෙම ය හිමිවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් සඳහන් කළහ.

 

නදීක දයා බණ්ඩාර – මහනුවර

Similar Posts