නීතී විරෝධී ලෙස ප්‍රවාහනය කළ වාණිජ පුපුරණ ද්‍රව්‍ය රැසක් දැලේ

navy

ත්‍රිකුණාමලය, නිලාවේලි අටේ කණුව ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස වෝටර් ජෙල් නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු විසි හතක් (27) සහ විදුලි නොවන ඩෙටනේටර් පන්සියයක් (500) ප්‍රවාහනය කළ සැකකරුවෙකු  නාවික හමුදාව, නිලාවේලි පොලිසිය හා එක්ව ( 24 ) වන දින අත්අඩංගුවට ගෙන ඇත. නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා විජයබා ආයතනය සහ නිලාවේලි පොලිසිය එක්ව ඊයේ (24)  දින සන්ධ්‍යා කාලයේ ත්‍රිකුණාමලය, නිලාවේලි අටේ කණුව ප්‍රදේශයේ සිදු කල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරික්‍ෂාවට ලක්කරන ලදී. ඒ අනුව එම ත්‍රීරෝද රථයේ නීතී විරෝධී ලෙස…

Read More

හිසට සෙවණක් නැතිව ගම්පහ වීදියේ සිටි සිව් දින බිළින්ඳාට පුරපතිගෙන් පිහිටක්!

baby

හිසට සෙවණක් නොමැතිව මහමඟ සිටි සිව් දිනක් වයසැති බිලිඳෙකුට හිසට සෙවණක් ලබා දෙමින් පිහිට වීමට ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා පියවර ගෙන ඇත. සිව් දිනක් වයසැති බිළිඳකු සමග ගම්පහ නගරයේ වසා දැමු වෙළඳසැලක් ඉදිරිපිට මව්පිය යුවළක් සිටින බවට නගරාධිපතිවරයාට පෙරේදා (23) ආරංචි වුයේ ගම්පහ කමිටු රැස්වීමේ සිටින අතරවාරයේය. ඒ් සංචරණ ඇදිරි නීතිය පවතින මෙම කාලසීමාව තුළ ගම්පහ නගරයේ වෙසෙන යාචකයන්ට ආහාර පාන ලබාදීමට ගොස් සිටි  නගර සභා සේවකයන් පිරිසක් කළ දැනුම් දීම මතය. නගරාධිපතිවරයා වහාම ගම්පහ ප්‍රාදේශිය ලේකම්තුමිය වන ලක්ෂිණි ගුණතිලක මහත්මිය ද කැටුව අදාල ස්ථානයට යන විටත් සිව් දින…

Read More

හැටන් තරුණ තරුණියන්ට කොවිඩ් එන්නත

covid

අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ තරුණ පිරිස කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනිම සදහා දැඩි උනන්දුවක් දැක්විමත් සමග ප්‍රදේශයේ අවුරුදු 20ත් 29ත් අතර විශාල පිරිසක් එන්නත් ලබා ගැනිමට ඊයේ ( 24) දින එක්ව සිටින ලදි. එම තත්වයන් මත  හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ තරුණ පිරිස සදහා හැටන් ඩි.කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රයේදිද විදුලි පුර ප්‍රදේශයේ තරුණ පිරිස සදහා විදුලිපුරදිද 24 වන දින සයිනෝෆාම් එන්නත ලබා දිම සිදු කළ  බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් ජයසිංහ මහතා පවසන ලදි. එම තත්වයන් මත හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ තුන්දාහාසක පමන…

Read More

මෙරට භූ කම්පන මානයෙන් ඇමරිකාව ඔත්තු බලයි

earthque

ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලය මගින් පල්ලේකැලේ භූ කම්පන මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත්තේ ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදුකරනවා දැයි යන්න සොයා බැලීම සඳහා බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ (සිතියම් කරන) අජිත් ප්‍රේම් පැවසීය. 2000 වසරේ සිට 2004 වසරේ මෙරටට සුනාමි ව්‍යසනය බලපාන තුරුම එහි දත්ත භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට ලබාගැනීමට කැලිෆෝනියා විශ්වවිද්‍යාලය අවස්ථාව ලබා නොදුන් බව එම කාර්්‍යාංශයේ අධ්‍යක්ෂ (සිතියම් කරන) අජිත් ප්‍රේම් පැවසීය. මෙම භූ කම්පන මානය පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරු භූමියේ පාෂාණයක් මත මීටර් 100 ක් ගැඹුරට විදුම් සිදුකර ස්ථාපිත කර ඇතැයි…

Read More

මහනුවර සිට කොළඹ දක්වා මෙම වර්ෂය අවසානයේදී අධි සුභෝපභෝගී දුම්රියක්

train

මෙම වර්ෂය නිමවීමට ප්‍රථම මහනුවර සිට කොළඹ දක්වා අධිසුඛෝපභෝගී දුම්රියක් ධාවනයට එක් කරන බව  වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. එවැනි දුම්රිය දෙකක් වසර  අවසානයේ මෙරට ධාවනයට එක් කරන බව මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේදී ඊයේ  (24) පැවැති පුද්ගලික බස් රථ සඳහා සහනාධාර වට්ටම් ලබාදීමේ උත්සවයට සහභාගීවෙමින් ඒ මහතා ප්‍රකාශ කළේය. දැනට ධාවනය වන දුම්රිය සඳහා තව දුරටත් මැදිරි එක් කරන්නේ නම් දුම්රිය මාර්ග අලුත්වැඩියා කළ යුතු යැයි කී අමාත්‍යවරයා, භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ක්ෂේත්‍රය තව දුරටත් විධිමත් කිරීමට…

Read More

20 – 20 ලෝක කුසලානයේ අලුත්ම තුරුම්පුව

mahela

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස පත් කර තිබෙනවා. ඒ අනුව එළඹෙන 20 – 20 ලෝක කුසලානයේ පළමු වටයේදී ඔහු එම උපදේශක තනතුරේ කටයුතු කරනු ඇති. ජෛව බුබුල යටතේ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී එක්වනු ඇති. මහේල මේවන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසට ද කටයුතු කරනවා. ඕමානයේ දී පැවැත්වීමට නියමිත මූලික වටයේ තරඟ සඳහා පමණක් මහේල මෙම ධුරයේ කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

Read More