හොරකමේ ගිය පුද්ගලයා වයෝවෘද්ධ කාන්තාවක් මරා දමයි.

මත්කුඩු පානය සඳහා තමන් සන්තකයේ මුදල් නොමැති කමින් අළුයම් කාලයේ නිවාස බිඳිමින් සොරකමේ ගිය පුද්ගලයෙකු වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය පාර, රාජගිරිය ප්‍රදේශයේ නිවසක තනිව ජීවත්වූ වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල සිරකොට ඝාතනය කර නිවසේ තිබූ මුදල් පැහැරගෙන ගොස් මරණය අබිරහසක් ලෙස වසන් කිරීමට තැත්කල සැකකරුවකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් (26) වන දින උදෑසන අත්අඩංගුවට ගත් බව එම ඒකකය පැවසීය. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු (70) වන අංක 265, රාජගිරිය පාර, රාජගිරිය ලිපිනයේ පදිංචිව සිටි සිරිමා ගොපල්ලව නැමැති අවිවාහක වයෝවෘද්ධ  කාන්තාවකි. මෙම කාන්තාව නිවසේ තනිවම ජීවත්ව ඇති බවත් ඇයගේ සහෝදර…

Read More

දෙදෙනෙකුට මරු කැඳවු දඩයක්කරු රිමාන්ඩ්

සතුන් මැරීම සදහා බදින තුවක්කු දෙකක් සවිකර විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුට හා ගුවන් හමුදා සෙබළෙකුට දිවි අහිමි කරමින් සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතන සිදුකිරිමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දඩයක්කරුවෙකු ලබන මස (6දා)දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසාවිනිසුරු නාලක සංජය ජයසූරිය මහතා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ උට්ටිමඩුව පෙරිමියන්කුලම පදිංචි 62 හැවරදි දඩයක්කරුවෙකි. සැකකරු (24දා) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අපරික්ෂාකාරි ක්‍රියාවකින් සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනය දෙකක් සිදුකිරීම(ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය) සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළේය. දිය බීමට පැමිණෙන වන සතුන්ට…

Read More

මෙන්න අරුම පුදුම PCR

selton

ෂෙල්ටන් ජයමහ නැමති ව්‍යාපාරිකයා තම ව්‍යාපාරික අවශ්‍යතාවයක් සඳහා විදේශගතවීමට පුද්ගලික රෝහලකින් තම බිරිඳගේද සමග PCR පරීක්ෂණ දෙකක් සිදු කර ගෙන තිබේ. ඔවුන් ආසාදිතයන් නොවන බව තහවුරු වීමත් සමග ඔවුන් පසුදින  විදේශගතවීමට පිටත්ව ගොස් තිබේ. කටුනායක ගුවන්තොටුපොලේ පිහිටුවා ඇති ආසිරි පරීක්ෂණාගාරයෙන් දෙදෙනාටම තවත් PCR පරීක්ෂණයක් සිදු කරන ලෙස දැනුම්දී ඇත.ප්‍රතිඵලය අනුව මෙම ව්‍යපාරිකයා ආසාදිතයෙකු බවත් තහවුරු වී ඇත. ඔහු නැවතත් තමන් පළමු PCR පරීක්ෂණය සිදු කළ ඩර්ඩන්ස් පරීක්ෂනාගාරය වෙත ගොස් යළිත් PCR පරීක්ෂණයක් සිදු කරගෙන තිබේ.ඔහු යළිත් ආසාදිතයෙකු නොවන බව තහවුරු වී ඇත. පසුව ඔහු යළිත් වරක් ආසිරි රෝහල් ජාලයේ ගුවන්තොටුපොළ…

Read More

බණ්ඩාරනායක ගුණ සමරුව

bandaranayaka

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය, දිවංගත එස්. ඩබ්ලිව් .ආර් .ඩී. බණ්ඩාරනායක 62 වන ගුණ සමරුව අදට (26) යෙදී ඇත. බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේත්‍රා බණ්ඩාරනායක  යන මහත්මීන් බණ්ඩාරනායක සමාධිය අසලට අද (26) උදෑසන ගොස් පුෂ්පෝපහාර දක්වා සිටියේ ජනතා සහභාගීත්වයකින් තොරවය. බණ්ඩාරනායක ගුණ සැමරුම නිමිත්තෙන් වාර්ෂිකව හොරගොල්ල බණ්ඩාරනායක  සමාධිය අසල දී පැවති ගුණ සැමරුම මෙවර කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් නොපැවැත්වෙන බව හිටපු ජනාධිපතිනිය කල් තියාම පාක්ෂිකයින් වෙත දැනුම් දී තිබුණි.  නමුත් හැකි අවස්ථාවක සෞඛ්‍යාරක්ෂිතව පැමිණ උපහාර දක්වා යන ලෙසද ඇය වැඩිදුරටත් කියා තිබුණි.

Read More

තනිකඩ මවක් ඔන්ලයින් දරුවෙකු බිහිකරයි

online-baby

බ්‍රිතාන්‍ය තනිකඩ මවක් ඔන්ලයින් ඔස්සේ ශුක්‍රානු සහ ශුක්‍රානු ඇතුලත් කිරීමට අවශ්‍ය උපකරණ කට්ටලයක් මිලට ගෙන යූටියුබ් නිබන්ධනබලා දරුවෙකුට උපත ලබාදී තිබෙනවා. එම දරුවාට “ඊඩන්” ලෙස නම තබා ඇති අතර ඇයට තවත් දරුවෙක් සිටිනවා. තවත් දරුවෙකුගේ අවශ්‍යතාවය තිබුනත් සහකරු නොමැතිකමින් සාඵල්‍යතා සායනයක දී පවුම් 1600 ක් ගෙවන ලෙස පැවසූ පසු ඇය මෙම මර්ගයට පිවිස තිබෙනවා ඇය Ebay වෙතින් සංසේචන කට්ටලයක් මිලදී ගත් අතර Just Ebaby යෙදුම හරහා ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකු සොයා ගත්තාය. මෙම යෙදුම පරිශීලකයින්ට දේශීය හෝ ගෝලීය වශයෙන් අනාගත “සංකල්ප සහකරුවන්” සොයා ගැනීමට ඉඩ සලසයි. නිර්නාමිකව සිටීමට කැමති පරිත්‍යාගශීලියා පැවසුවේ “ඇය…

Read More