ship

පොහොර නෞකාව කොළඹ වරාය පරිශ්‍රයට ඇතුළු වීම වළක්වන නියෝගයක්

චීනයේ සිට පැමිණෙන හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර රැගත් නෞකාව කොළඹ වරාය පරිශ්‍රයට ඇතුළු වීම වළක්වන ලෙස සියලු‍ අංශවලට නියෝග කළ බව කොළඹ වරාය පාලකවරයා හෙවත් හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් ද සිල්වා ප්‍රකාශ කළා. අදාල හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර රැගත් හිපෝ ස්ප්‍රිට් නම් මෙම නෞකාව පසුගිය 14 වනදා මලක්කා මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පැවති බවයි…

isolated areas in colombo

31සංචරණ සීමා ඉවත් වෙයිද?

පළාත් අතර සංචරණ සීමා මෙම 31 වැනිදා අලුයම 04.00ට ඉවත් කිරීමට තීරණය කර ඇති බව හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා පැවසීය. සංචරණ සීමා ලිහිල් කර ඇති මේ කාලය තුළ ජනතාව නොසැලකිලිමත් ලෙස හැසිරීම නිරීක්ෂණය වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. මෙම තත්ත්වය මත ඉදිරියේදී නැවතත් වෛරසය වර්ධනය වුවොත් සංචාරණ සීමා පැනවීමට…

sugar-ants sugar price sugar formula sugar song sugar series sugar 1kg sugar nearby sugar level 3 main types of sugars sugar or suger sugar daddy sugar restaurant

සීනි කූඹි රැගෙන යයි – පාරිභෝගිකයන් දුෂ්කරතාවයන්ට

සීනි හිගය නැවත උග්‍ර තත්වයන්ට පත්විමත් සමග පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පාරිභෝගිකයන් පවසනුයේ හැටන් ප්‍රදේශයේ වෙලද සැල්වල මෙන්ම සතොස ආයතය තුලද සිනි  නිසි ලෙස ලබා ගැනිමට ‍නොහැකිවිමෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් නගරයේ වෙලදුන් කිප දෙනකුම පවසන…

corona-delta

ඩෙල්ටා+ 100%ක් වළක්වන්න බෑ

ඩෙල්ටා ප්ලස් අනු කොවිඩ් ප්‍රභේදය මෙරට ව්‍යාප්තවීමට බොහෝ විට විදෙස් රටවලින් පැමිණෙන පුද්ගලයන් හේතුවිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. එම ප්‍රභේදය මෙරටට ඇතුළු වීම ප්‍රමාද කළ හැකි වූවත් 100%ක් නැවැත්විය නොහැකි බවත් යම් හෙයකින් ඩෙල්ටා ප්ලස් අනු කොවිඩ් ප්‍රභේදය මෙරටට පැමිණිය හොත් එහි පැතිරීම…

corona34

බූස්ටර් එන්නත ලබන මස මුල සිට

බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීම නොවැම්බර් 01වනදායින් පසුව ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත. ඒ අනුව තෝරාගත් පිරිස් සඳහා බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබා දෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය. ජනාධිපති ප්‍රමුඛව පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මෙය තීරණය වී තිබේ.

e news paper

තරුණයකුට එල්ලා ගැසූ පොලිසියේ දෙදෙනා වැරදිකරුවෝ වෙති

අමානුෂික ලෙස පහර කෑමට ලක්වූ තරුණයකුට රුපියල් ලක්‍ෂය බැගින් වූ වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අනුරාධපුර පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකුට සහ පොලිස් කොස්තාපල්වරයකුට ඊයේ (22) නියෝග කළේය. 2017 වසරේදී අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පැමිණිලිකාර තරුණයා නීතියට පටහැනිව අත්අඩංගුවට ගෙන එල්ලා සිදුකළ අමානුෂික ලෙස පහරදීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට නිගමනය කළ…

srilankawin
|

සුපිරි 12 අද සිට

ශ්‍රී ලංකාව, නැමීබියාව, ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලබා තිබේ. මූලික වටයේදී එම කණ්ඩායම් ලබාගත් ජයග්‍රහණ හේතුවෙන් අදාළ කණ්ඩායම් එසේ සුදුසුකම් ලබා ඇත. ඊයේ (22) නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරඟයෙන් කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත…