srilankawin

ශ්‍රී ලංකාව, නැමීබියාව, ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලබා තිබේ.

මූලික වටයේදී එම කණ්ඩායම් ලබාගත් ජයග්‍රහණ හේතුවෙන් අදාළ කණ්ඩායම් එසේ සුදුසුකම් ලබා ඇත.

ඊයේ (22) නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරඟයෙන් කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 10ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 44 ක් පමණි.

නෙදර්ලන්ත පිතිකරුවන් 10 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කර යෑමට හැකි වුණේ නැත.

මහීෂ් තීක්ෂණ එක් පන්දු වාරයක් ක්‍රියාත්මක කරමින් ලකුණු 3 කට කඩුලු 2 ක් දවා ගත්තේ ය.

වනිදු හසරංග ලකුණු 9 කට කඩුලු 3 ක් දවා ගත් අතර ලහිරු කුමාර ලකුණු 7 කට කඩුලු 3 ක් දවා ගත්තේ ය.

ජයග්‍රහණය සඳහා ලකුණු 45ක ඉලක්කයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ඉනිම කුසල් ජනිත් පෙරේරා සමගින් පැතුම් නිස්සංක ආරම්භ කළ අතර කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 33 ක් රැස් කළේ ය .

ලහිරු කුමාර තරගයේ වීරයා බවට පත් විය.

Similar Posts