රිජ්වේ රෝහලට ඇතුලත් කෙරෙන කොරෝනා රෝගීන් වැඩි වෙයි

richway

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කෙරෙන කොරෝනා සහ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ යම් වැඩිවීමක් දක්නට ඇතැයි එම රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය පවසනවා. කොරෝනා ආසාදිත දරුවන් 24 දෙනෙකු පමණ මේ වන විට එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි ඔහු පැවසුවේ.

Read More

අඹයි පොළොසුයි කෙසෙල්මුවයි වට්ටක්කයි කන යුගයක්

mango

බස්නාහිර පළාතේ අවසන් නගරය වන අලුත්ගම මෙන්ම දකුණු පළාතේ ආරම්භක නගරය වන බෙන්තොට ද එළවළු වෙළඳ සැල් 80% පමණ මේ වන විට වසා දැමීමට සිදුව ඇතැයි වෙළඳුන් පවසයි . මේ අතර පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළට පිට පළාත්වල සිට එළවළු ලැබීම සියයට 60කින් පමණ අඩු වී ඇතැයි මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති එච්.එම්. උපසේන මහතා පවසයි. මැනිං වෙළෙඳපොළේ ඇතැම් කඩවල් වැසීගොස් ඇතැයි උපසේන මහතා පැවසීය. එමෙන්ම දෛනිකව දිවා හා රාත්‍රී කාල වල ගෘහස්ථ ස්වයං රැකියාවක් ලෙස බත් පාර්සල් අලෙවි කිරීමේ කටයුතුවල නියුතු කාන්තා විවසායකයින් සඳහන් කළේ තමන්ගේ ව්‍යාපාරය ද සහල් එළවළු…

Read More

කොරෝනා මරණ 30 පනී – ආසාදිතයන් තවත් ඉහළට

corona

තවත් කොරෝනා මරණ 31ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14158 දක්වා ඉහල යයි. අද වාර්තා වන ආසාදිත ගණන 735කි.

Read More

අයවැය 2/3න් සම්මතයි

budjet

2022 වසර සඳහා අයවැය ලේඛනය දෙවන වර කියවීම වැඩි ඡන්ද 93කි සම්මත වෙයි. එහිදී පක්ෂව ඡන්ද 153 ක් සහ විපක්ෂව ඡන්ද 60ක් ලැබී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවේ පක්ෂ, අයවැය දෙවැනිවර කියැවීමට පක්ෂව ජන්දය භාවිත කළ අතර, සමඟි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ඇතුළු විපක්ෂයේ පාර්ශ්ව අයවැය දෙවැනිවර කියැවීමට විරුද්ධව ජන්දය භාවිත කළේය. හෙට(23) සිට කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වන අතර, සෙනසුරාදා ද ඇතුළුව දෙසැම්බර් 10 වැනි සිකුරාදා දක්වා දින 16 ක් එම විවාදය පැවැත්වේ. අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස…

Read More

ඉදිරියේදි කැරට් කාපු හාවන්ට උඳුපියළිය කන්නට සිදුවෙයි

rabbit

නුවරඑළිය, එළවළු ගොවීන් සිය එළවළු තොග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබුණි. පවතින පොහොර අර්බුදය හේතුවෙන් එළවළු ඵලදාව අඩුවී ඇති බවට ගොවීන් පවසන පසුබිමක ඒවායේ මිල ගණන් දිනෙන් දින සීඝ්‍රයෙන් ඉහළයමින් පවතී. තඹුත්තේගම සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙත  ලැබී තිබූ එළවළු තොග සීමාවීමත් සමග එහි මිල ගණන් ඉහළ ගොස් තිබුණේ වෙළෙඳුන්ද දුෂ්කරතාවට පත්කරමිනි. මේ අතර එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමඟ  සුරතලයට ඇති කරන හා පැටව්න්ටත් අහාර ලබා දීම සීමා කිරීමට සිදුවන බව සුරතලුන් අලෙවි කරන වෙළෙන්ඳන් පවසයි.

Read More

ඉදිරියේදී රටතුල මිට වඩා දුෂ්කර අවදියක්

bandula

1930 දි ලෝක ආර්ථික අවපාතයෙන් පසු ඇතිවු අමාරුම යුගය මේ යුගය බවත් මේ නිසා රටතුළ ඉදිරියේ දි මිට වඩා දුෂ්කර අවදියක් වීමට ඉඩ ඇති බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ගාල්ල හපුගල නව සතොස ශාඛාව විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. ඔහු මෙසේද කිවේය. “කොවිඩි 19 නිසා ඇතිවු මේ තාවකාලික පිඩනය තුල ඉන් ගොඩයාම සදහා අපේ රටේ සම්පත් හා මිනිසුන් මත වැඩි විශ්වාසය තියෙන ජාතික ආර්ථිකයක් ගොඩනගා ගැනිම සදහා අප සියලු දෙනා කටයුතු කළ යුතුයි. ඒ සදහා මේ රටතුල ඉදිරියේ දි මිට වඩා දුෂ්කර අවදියක් වෙන්න…

Read More

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ආර්ථික අර්බුදයක

water

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය  වියදම, ආදායමට වඩා ඉහළ යාම හේතුවෙන්දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති බවයි එහි සාමාන්‍යාධිකාරී තිළිණ විජේතුංග සඳහන් කරයි. ආර්ථික අර්බුදය පාලනයට ගෙන යන පියවර ප්‍රමාණවත් නොවුණහොත් ජල ගාස්තු වැඩි කිරීමේ වගකීම රජය සතු වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා පවසයි.

Read More

මත්පැන් තහනම ගැන අලුත්ම තීරණය

tamildhool vijay tv

මිලිලීටර් 180ක ධාරිතාවකින් යුත් මත්පැන් අඩංගු කුඩා බෝතල් ඉදිරියේ දී තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ. භාවිතයෙන් අනතුරුව අදාළ කුඩා බෝතල් පරිසරයට විශාල වශයෙන් මුදා හැරීම ඊට හේතු වී ඇත. 2018 වසරේදී සිදුකළ සමීක්ෂණයකට අනුව එවැනි කුඩා බෝතල් කෝටි 10කට අධික ප්‍රමාණයක් පුද්ගලයින් භාවිතා කර තිබූ බවත් එම කාලේ බෝතල්වලින් සියයට සියයක්ම පරිසරයට මුදා හැර ඇති බවත් පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.math  

Read More