උද්ධමනයෙන් අධි උද්ධමනයට

janake

ආසියාවේ දරුණතම උද්ධමනය ශ්‍රී ලංකාවේ පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකාර අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානි මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා සඳහන් කරයි. ගන්නා ලද වැරදි දේශපාලන තීන්දු හේතුවෙන් මෙම උද්ධමනය ඇති වී තිබෙන බවද ඔහු කියා සිටියේයි. මෙරට මුදලේ වටිනාකම වේගයෙන් අඩු වී ගොස් අතිධාවනකාරී උද්ධමනයකට යාමේ අනතුරත් ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

Read More

මැති ඇමතිවරුන් ඉතාම කැත ආකාරයට රාජ්‍ය නිළධාරින් දේශපාලන අවභාවිතාවන්ට යොදා ගනියි

rajja

“කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇතැම් මැති ඇමතිවරුන් ඉතාම කැත ආකාරයට රාජ්‍ය නිළධාරින් දේශපාලන අවභාවිතාවට යොදාගනිමින් සිටින බව ශ්‍රි ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ මාධ්‍යවේදි ශ්‍රිපාල් වන්නිආරච්චි මහතා  පසු ගිය දා මතුගමදි  කීවෙිය. මතුගම පැවති උත්සවයකින් අනතුරුව  ශ්‍රිපාල් වන්නිආරච්චි මහතා මේ අදහස් පළ ක‍ළේය. “ අතිතයේ සිටම අපේ බොහෝ දේශපාලනඥයින් රාජ්‍ය නිළධාරින් අව භාවිතා කළා. අවුරුදු පහෙන් පහට තම ජයග්‍රහණ   සදහා මෙය යොදා ගත්තා. මෙයට විරෝධය දක්වමින් මෙම ක්‍රමවේදය නතර කිරිම සදහා රාජ්‍ය සම්පත් අවභාවිතයට නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දැනුම් දුන්නා. තම පවුලේ සාමාජිකයින් රජයේ තනතුරුවලට යොදන්නෙ නැහැ කියන පොරොන්දුව…

Read More

යන එන මං නැතිවෙන එළවළු, බිත්තර, කුකුල් මස් මිල

elawalu

බිත්තර, කුකුල් මස් මිලද මේ වන විට දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර මෙම තත්වයන් මත පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මේ වන විට බිත්තරය මිල රුපියල් 22ත් 24ත් අතර මිලකට අලෙවි වන අතර කුකුල් මස් ක්‍රිලෝවක මිලද රුපියල් 800ත් 850ත් අතර මිලකට අලෙවි වන බවත් එම තත්වයන් මත තමන් මේ වන විට දැඩි අසීරුතාවයන්ට පත්ව ඇති බවත්ය. බිත්තර හා කුකුල් මස් මිල මෙසේ ඉහල යාම පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දක්වන කුකුල් මස් හා බිත්තර වෙළදුන් පවසනුයේ බිත්තර හා…

Read More

නාස්තිකාර සහනාධාර ලබාදීම නවතමු

pohora

නාස්තිකාර පොහොර සහනාධාරය නතර කළ යුතුය. එහි වාසිය අවසානයේදී යන්නේ මහා පරිමාණ හාල් මෝල්කාරයන්ටය. නිකම් දෙන නිසා ගහන පෝර ගැහිල්ල පසට ද හානිකරය. කෘෂි රසායනික භාවිතය අවදානම් සහිත නිසා පරිස්සමෙන් පරිහරණය කළ යුතුය. කොහොමත් පොහොර සහනාධාරය දෙන්නට රජයට සල්ලි නැත. ආණ්ඩුව කළ යුත්තේ විධිමත් කෘෂි රක්ෂණ ක්‍රමයක් ඇරඹීම, කෘෂි උපදේශක හා වෙනත් ආශ්‍රිත සේවා ශක්තිමත් කිරීම වැනි දේ මිස නාස්තිකාර සහනාධාර ලබාදීම නොවේ. එවැනි සේවා නොමිලේ ලබාදිය හැකිය. දැනටත් වාරි ජලය ගොවීන්ට නොමිලේ ලබාදෙන අතර වාරිමාර්ග ද මහජන මුදලින් නඩත්තු කරනු ලැබේ. ආහාර නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා එසේ කිරීම හොඳ දෙයකි.…

Read More

පාර්ලිමේන්තුවේ 225 හරි. අකාර්යක්ෂම රජයක් හදපු අපි හැමෝම වැරදි

kinniya-palama

ඉස්සර මං ජවිපෙ ෆුල්ටයිමර් කාලෙ අඟුලෙන් බයිසිකලේ අරන් ධර්ගා ටවුමෙ ඉඳන් බෙන්තර යනවා බෙන්තර ගඟ හරහා. ඒ කාලෙ මටත් පීනන්න බැහැ. අඟුල පාලම් පාරුවට වඩා අවදානම්. පෙරළුනා නම් මාත් දැන් නැහැ. එතන දැනුත් පාලමක් නැහැ. දාන්නත් බැහැ. ඕනැත් නැහැ. බෙන්තර පාලමෙන් රවුමෙන් යන්න පුළුවන්. දුරයි. අවදානම අඩුයි. හැම නාන තොටුපළක් ගානෙම පාලං හදන්න බැහැ. මං දන්න තරමින් කළු ගඟ හරහා කළුතර දිස්ත්‍රික්කෙම තියෙන්නෙ පාලම් තුනයි. කළුතර, අඟුරුවාතොට, නාරගල. දෙගොඩම සංවර්ධනය වෙනවා නම් සහ ප්‍රවාහන පහසුකම් තියෙනවා නම් එගොඩ මෙගොඩ ඔරු පදින්න ඕනැ නැහැ. ෂෝට්කට් හැම තිස්සෙම අවදානම්. කින්නියාවල පෙරළුණ පාලම්…

Read More

බීඩි තොගයක් අත්අඩංගුවට

bidi

මාලබේ පොලිස් වසමේ හෝකන්දර පාර, හෝකන්දර උතුර ප්‍රදේශයේ තොග වශයෙන් භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ ආයතනයක් තුළ ප්‍රසිද්ධ වෙළඳ නාමයක් භාවිතා කරමින් ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද තෝර බීඩි විකිණීම් සිදුකරන බවට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ වැටලීමකදී ව්‍යාජ ලෙස සැකසූ රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුත් බීඩී තිස්අටදාහසකට අධික ප්‍රමාණයක් සහිත ඇසුරුම් 96 සහ බීඩි ඔතා ඇලවීමට උපයෝගී කරගන්නා  ලාංඡන සහිත මුද්‍රණ කොල පහළොස් දහසකට අධික තොගයක් සහ එක් සැකකරුවෙක්  නුගේගොඩ මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ සහ විෂ මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය මැඩලීමේ ඒකකයේ නිලධාරින් එක්ව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. මේ දිනවල…

Read More

එළවලු බත් පැකට්ටුවේ මිල ඉහළට

bathpackey

එළවලු සහාල් මිල ඉහල යාමත් සමග හැටන් හා ආශ්‍රිත ප්‍රදේශ කිපයකම එළවලු  බත් පැකට්ටුවේ මිල ඉහළ ගොස් ඇත. මෙම තත්වයන් පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශයේ කිප දෙනකුම පවසන ලද්දේ මේ වන විය මෙම ප්‍රදේශයේ සමහර හෝටල්වල එළවලු බත් පැකට්ටුව රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇති බවත්ය. මෙම තත්වයන් පිළිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හෝටල් හිමියන් කිප දෙනකුම පවසන ලද්දේ මේ වන විට එළවලු සහාල් මිල ඉහළ යාමත් සමග අකමැත්තෙන් වුවද එළවලු බත් කට්ටුවේ මිල ඉහළ දැමිමට සිදුව ඇති බවත්ය. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Read More

නොහික්මුණු කැබ් රථ රියදුරා තඩීව හප්පා මරණයට පත්කරයි

thadi

කහ ඉර භාවිතා නොකරමින් මගී ජනතාව ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරද්දි කහ ඉර මතින් පමණක් එහා මෙහා යෑමට පුරුදුවි සිටි මාධ්‍ය මගින්ද ඒ පිළිබදව පෙන්වා දුන් තඩී නමින් හදුන්වන සුනඛයාව නොහික්මුණු කැබ් රථ රියදුරෙකු විසින් හප්පා මරණයට පත්කර තිබේ. අනුරාධපුර නව බස් නැවතුම් පොළ ඉදිරිපිට පිහිටි සංඥා එළි ආසන්නයේ ගැවසෙන් සිටි සුනඛයා කැබ් රථයකට යටකර මරණයට පත් කිරීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ අනතුර සිදුකළ රියදුරාට දැඩි අප්‍රසාධය පලවෙමින් පවති. මෙම සුනඛ්‍යා මගී ජනතාව පාර පුරා ගමන් කරද්දි සංඥා එළි සවිකිරීමට පෙර තිබූ කහ ඉර මතින්ම පමණක් ගමන් කරනා අයුරු පුවත්පත්…

Read More

සිසුන් දැඩි උනන්දුවකින් පාසල් වෙත

school

මාස හයකට අධික කාලයක් වසා දමා තිබු පාසල්වල 6, 7, 8, 9, ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරිමට පියවර ගැනිමත් සමග හැටන් ආශ්‍රිත වතුකරයේ හා ග්‍රාමිය, නගර ආශ්‍රිත සියදුම පාසල්වල සියලුම ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු සදහා සිසුන් දැඩි උනන්දුවකින් පාසල් වෙත පැමිනෙන ලදි. කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් පාසල් වසා දැමිමට රජය මගින් පියවර ගත් අතර පසුව කොවිඩ් තත්වයන් ක්‍රමයෙන් පහල යාමත් සමග පාසල්වල අධ්‍යාපන කටයුතු කොටස් වශයෙන් ආරම්භ කිරිමට පියවර ගන්නා ලදි. එම තත්වයන් මත පාථමික අංශ හා සමන්‍ය පෙළ උසස් පෙළ පංති පසු ගිය දිනවල ආරම්භවු අතර එහි අවසන් පියවර ලෙස…

Read More