Day: May 1, 2022
තවත් මැයි දිනයක්.., බලාපොරොත්තු ගොන්නක්….
133 වන ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබේ. 1886 මැයි 01 වන දින අමෙරිකාවේ චිකාගෝ නගරය උණුසුම් වූයේ තම සේවා මුරය පැය 8කට සීමා කිරීම ඇතුළු වැඩකරණ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස ඉල්ලා පාරට පැමිණි කම්කරුවන් නිසාය. දින ගනනාවක් පැවති විරෝධතාවය පොලීසිය විසින් කෲර ලෙස මර්ධනය කරනු ලැබු නිසා ඉන් කම්කරුවන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට වී තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලැබීය. තවත් විශාල පිරිසක් සිරබාරයට ගැනුනු අතර, ඒ සම්බන්ධව පැවති නඩු විභගයකින් පසුව තවත් කිහිප දෙනෙකු ඒල්ලා මරණු ලැබීය. එලෙස මර්ධනය කරනු ලැබූවත් ඔවුන් නැගූ හඩ ලැව්ගින්නක් මෙන් ලොව පුරා…
Read Moreඅරගල මැද ලෝක කම්කරු දිනය සමරයි
රට තුළ පවතින ආර්ථික, දේශපාලනික හා සමාජයීය අර්බුදයන් හමුවේ මෙවර මැයි දින සැමරුම් වෙනස් මුහුණුවරකින් පැවැත්වීමට දේශපාලන පක්ෂ තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති එකුමුතුව විසින් සංවිධාන කරන මැයි රැළිය පැවැත්වෙන්නේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය පිහිටා ඇති පරිශ්‍රයේයි. ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය සහ සමස්ථ ලංකා ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය එක්ව පවත්වන මැයි පෙළපාලිය කොම්පඤ්ඤවීදිය, ඩි මෙල් පිටිය අසලින් පස්වරු 02 ට ආරම්භ වීමට නියමිතයි. සමගි ජන බලවේගයේ මැයි දින සැමරුම නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
Read Moreමැයි 02 රජයේ නිවාඩු දිනයක්
ලබන සඳුදා දින එනම් මැයි මස 02 වැනි දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. අද මැයි 01 වැනි දින කම්කරු දිනයට සමගාමීව මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර ඇත්තේ, කම්කරු දිනය මෙවර යෙදී ඇත්තේ ඉරිදා දිනක වීම නිසාවෙන්.
Read Moreඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළට
ඖෂධ වර්ග 60ක මිල සීමාව 40%කින් සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා නිකුත් කළ මෙම ගැසට් නිවේදනය අනුව අදාළ නියෝග (29) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක බවයි. පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 4 යි ශත 16 ක් වේ. ඇමොක්සිලින් මිලිග්‍රෑම් 375 පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 83 යි ශත 71 ක් වනු ඇත.
Read More