නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මයිනාගෝගමට පැමිණ එතැන සිටි පිරිස අමතමින් අත්අඩංගුට ගත් පිරිස සම්බන්ධයෙන් මෙලෙස සිය අදහස් ප්‍රකාශ කර සිටියේය. ” මම මේ නඩු තීන්දුව සම්පුර්ණයෙටන්ම බැලුවා. නඩු තීන්දුවෙන් අපි මේ කරගෙන යන ව්‍යාපාරයට කිසිදු ආකාරයකින් මහජනතාවට පීඩාවක් නොකර , ප්‍රචාණ්ඩත්වයකින් තොරව මේ ගෙනියන අරගලයට නඩු තීන්දුවන් කිසිදු බධාවක් නැ. මේක පොලිස් දේපාර්තමේනතුවට ලොකු වගකීමක් තියනවා සාමය පවත්වාගෙන යාමට. මේක සම්බන්ධයෙන් සම්පුර්ණයෙන්ම අධ්‍යනය කරලා බැලුවාම මේ ගෙනියන වැඩපිළිවෙළ සම්පුර්ණයෙන්ම නීතිවිරෝධි.මේ රට මේ තත්ත්වය පත්වුනේ ඇයි? එකට ප්‍රධානම හේතුව අපි පත් කරගත්ත මිනිස්සු. අපිට දැන් තියනවා වගකීමක් සියළුම පුද්ලයන්ට අපේ අදීකාරි බලය…
Read MoreDay: May 5, 2022
නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා තේරී පත්විය. රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාට ජන්ද 148ක් ද සමගී ජනබල වේගය පක්ෂයෙන් නම් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර්ට ජන්ද 65ක් ලැබී තිබුණා. ඒ අනුව වැඩි ඡන්ද 83 ක් ලබා රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායක ධුරයට පත්විය. තමා ජනතාව වෙනුවෙන් ඡන්දයට නැවත ඉදිරිපත්වූ බවත් උදේ වනතුරු තමා දැන සිටියේ විපක්ෂය තමන්ට ඡන්දය දෙන බවක් යයි සියඹලාපිටිය මන්ත්‍රීවරයා ඡන්දය ජයගැනීමෙන් පසු කීය.
Read Moreතුන් හිතකවත් අයියා ගෙදර යැවීමේ උවමනාවක් නැහැ
උතුර දකුණ හැමතැනම පුරවැසියන් අවධිව රාජපක්ෂ පවුලට රාජ්‍ය පාලනයෙන් ඉවත් වෙන්න යැයි බලකරමින් මහපාරට විත් උද්ඝෝෂණවල විරෝධතා ක්‍රියාමාර්ගවල නිරතව සිටී. පසුගිය දා අසන්නට ලැබුණේ පවුලම ඉවත් වෙන්නට තීරණයක් ගෙන ඇති බවයි. ඒ සඳහා ඔවුන් සාමකාමී හිරිහැරයක් නැති සෞම්‍ය අතහැරීමක් සඳහා විපක්ෂය සමග සාකච්ඡාවට කැමති සහ ලෑස්ති බව අසන්නට ලැබුණි. එහෙත් අද ඇසෙන්නේ වෙනත් කතාවක් ය. මහින්ද රාජපක්ෂ ශාරීරික දුබලතාවයෙන් වැනෙමින් ප්‍රකාශ කරන්නේ තමන් ඉවත් කළොත් මිසක් නොයන බවය. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ තමන්ගේ තුන් හිතකවත් මහින්ද අයියා ගෙදර යැවීමේ උවමනාවක් සැළැස්මක් නැති බවය. මේ කතාවලට අපිට කියන්නට තිබෙන්නේ අපි මුලින්ම යන්නට…
Read Moreපරිපාලන සේවය පුනරුත්ථාපනය
සමස්ත මහා වැඩ වර්ජනය අතරතුර, රාජ්‍ය පරිපාලන නිලධාරීන් නිහඬ විරෝධයක යෙදෙනවා දැක්කා. මතක තියාගන්න රට අද වැටී තියෙන තත්වයට දේශපාලකයන් තරමට හෝ ඊටත් වඩා වගකිවයුතු පිරිසක් තමයි පරිපාලන නිලධාරීන්. දේශපාලකයන් මහජන මුදලින් ගත්තෙ තීරු බදු රහිත වාහන. ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරීන් ඊට අමතරව හොඳ වාහනයක් රජයේ මුදලින් අරන් ඒක විශ්‍රාම යනකොට ගෙදරත් අරන් යනවා. දේශපාලකයන්ට වගේම අමාත්‍යාංශ ලේකම්ලාටත් පෞද්ගලික ලේකම් කෙනෙකු ඉන්න බව මා අසා තිබෙනවා. ඔබ එය දන්නවාද? මේ රටේ පරිපාලන නිලධාරීන් විවිධ පුහුණුවලට, ශිෂ්‍යත්වවලට කොයි තරම් පිටරට ගිහින් තියෙනවාද? මොනවද මේ රටට අරගෙන ආවෙ? පරිපාලන නිලධාරීන් තමයි දේශපාලකයන්ට වංචා…
Read Moreහෙපටයිටීස් යළි දරුවන් අතර පැතිරෙයි
“හෙපටයිටීස්” රෝගය යළි ලොව පුරා දරුවන් අතර පැතිර යමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මේ වන විටත් ලොව පුරා රටවල් 20 කින් හෙපටයිටීස් ආසාදිත දරුවන් 300 ක් පමණ වාර්තාවී ඇති බව සදහන් කරයි. කොවිඩ් ව්‍යාප්තියෙන් පසු දරුවන් තුළ හෙපටයිටීස් රෝග තත්ත්වය වැඩි වෙමින් ඇති බවයි මේ වන විට සිදුකර ඇති විමර්ශණයේදී අනාවරණ වී ඇත්තේ.
Read Moreඅන්තර්වාර ආණ්ඩුව මග නවතී
අග්‍රාමාත්‍යවරයා ඉවත් වන තුරු ජාතික ආණ්ඩුව බිහිනොවන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. මේ හේතුවෙන් රට තවත් අරාජික වන බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර ප්‍රකාශ කරන්නේ. රට ගොඩගැනීමට නම් ජනතාවගේ ඉල්ලීම අනුව අග්‍රාමාත්‍යවරයා මෙන්ම කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බව මන්ත්‍රීවරයා පවසයි.
Read Moreඅද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නවතී
අද මධ්‍යම රාත්‍රිී 12හේ සිට එක්දින වැඩ වර්ජනයක් සිදුකරන බව දුම්රිය වෘත්තිය සමිති සංධානයේ සම කැදවුම්කරු එස් පී විතානගේ පැවසුවේ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ එළඹෙන 06 වනදා දීපව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයට සහය පළකරමින් මෙලෙස දුම්රිය වැඩ වර්ජනයක් සිදුකරන බවය.
Read Moreඅධික උණුසුමෙන් ඉන්දියාවේ 25ක් මරුට
අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ 25 දෙනෙකු මියගොස් තිබේ. සෙල්සියස් අංශක 40කට වැඩි උෂ්ණත්වයක් ඉන්දියාවේ සෙසු ප්‍රාන්තවලින් ද වාර්තා වන බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read More