අසනි සුළි කුණාටුව ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

අසනි සුළි කුණාටුව ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අසනි සුළිකුණාටුව සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නැවත දැනුම්දෙන තුරු මෙම ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු සිදුනොකරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ. ගිණිකොනදිග සහ නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ඉතා තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය…

වහාම ක්‍රියාත්මක වන පදිරි දිවයිනටම පොලිස් ඇඳිරිනීතිය

වහාම ක්‍රියාත්මක වන පදිරි දිවයිනටම පොලිස් ඇඳිරිනීතිය

වහාම ක්‍රියාත්මක වන පදිරි මේ මොහොතේ සිට දිවයිනම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

බස්නාහිර පළාතටම පොලිස් ඇඳිරිනීතිය – දිවයින පුරා උද්ඝෝෂණ ආරම්භ වෙයි

බස්නාහිර පළාතටම පොලිස් ඇඳිරිනීතිය – දිවයින පුරා උද්ඝෝෂණ ආරම්භ වෙයි

බස්නාහිර පළාත ම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. අරගල භුමියට හමුදා අනුකණ්ඩ කැදවයි. මේ අතර ජාතික රෝහලේ ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ වී ඇත.තැපැල් සේවකයන් දීප ව්‍යාප්ත වැඩ වර්ජයක් ද කොළඹ අලුත් කඩේ ඉදිරිපිට නීතිඥවරුන්ද උද්ඝෝෂණ මේ වන විටත් ආරම්භ කර ඇත.

විපක්ෂ නායකට ප්‍රහාරයක්

විපක්ෂ නායකට ප්‍රහාරයක්

විරෝධතා භූමියට ආ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතට ප්‍රහාරයක් එල්ල වෙයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට ගාලු මුවදොර අරගල භූමියට පැමිණ තිබේ. ඔහු සමග සුනිල් හඳුන්නෙත්ති, කේ. ඩී ලාල්කාන්ත, වෛද්‍ය නලින්ද ජයතිස්ස ද එම ස්ථානයට පැමිණ තිබේ. මේ අතර වෘත්තීය සමිති නායකයින් කිහිපදෙනෙක් ද අදාළ එම ස්ථානයට පැමිණ…

ගෝටාගෝගම අසළ උණුසුම Sirasa TV Live

ගෝටාගෝගම අසළ උණුසුම Sirasa TV Live

අග්‍රාමාත්‍යවරයාට සහය දක්වමින් අරලියගහ මන්දිරය අසලට පැමිණි ආධාරකරුවන් ඒ අසල පිහිටි “මයිනා ගෝ ගමට” පැමිණ එහි ඉදිකර තිබු අට්ටාල වලට පහරදීම හේතුවෙන් අරලියගහ මන්දිරය ඉදිරියේ මේ වන විට උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ. අග‍්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් නොවන ලෙස බල කිරීමට පැමිණි පිරිස් සහ ඒ ඉදිරිපිට මයිනාගෝගම ලෙස හඳුන්වාගෙන අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් කරන්නැයි බල කරමින් සිටි පිරිස…

සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම්දීමක්

මැයි මස 23 වැනිදා ආරම්භවීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයේ (2021/2022) ප්‍රවේශපත්‍ර නොලැබුණු පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් සිටී නම් මැයි 12 දිනට පෙර විභාග දෙපාර්තමේන්තුව අමතන ලෙස විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා ඉල්ලා සිටී. විභාගය මැයි 23 වැනිදා ආරම්භ වී ජුනි 01 වැනිදා තෙක් පැවැත්වේ. පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර හා කාල සටහන්…

IMF මීලග සාකච්ඡා වටය අද සිට

IMF මීලග සාකච්ඡා වටය අද සිට

තාක්ෂණික සහය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මීලග සාකච්ඡා වටය අද ආරම්භ කෙරෙනවා. එය ලබන 23 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි මූල්‍ය අරමුදලේ මෙරට නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී මසාහිරෝ නොසාකි සඳහන් කලේ.

ගෑස් කර්මාන්තශාලා වලට පමණයි.. පෝලිම්වල ඉන්න එපා

ගෑස් කර්මාන්තශාලා වලට පමණයි.. පෝලිම්වල ඉන්න එපා

ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳ පළට නිකුත් නොකරන නිසා තවදුරටත් ගෑස් සිලින්ඩර මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ගෘහස්ථ පාරිභෝගිකයින් ඉල්ලා සිටින බව ලිට්රෝ ගෑස් සමාගම ඉල්ලා සිටී. ඇතිව තිබෙන ගෑස් අර්බුදය මත කර්මාන්තශාලා පමණක් සඳහා පමණක් ගෑස් සපයන බව ද  ලිට්රෝ ගෑස් සමාගම සදහන් කරයි.

මෙවර IPL හොඳම පන්දු යැවීම වනිඳුගෙන්
|

මෙවර IPL හොඳම පන්දු යැවීම වනිඳුගෙන්

සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ කඩුලු 05 ක් ළකුණු 18 කදී දවාගැනීමට සමත්වුණා. ඒ අනුව මෙවර අයි පී එල් තරගාවලියේ පන්දු යවන්නෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීම වනිඳු හසරංග විසින් වාර්තා කර තිබෙනවා. රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නියෝජනය කරමින් අයි පී එල් තරගාවලියකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් විදෙස් පන්දු…