චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ නිවෙස් තුළ ගෑස් සිලින්ඩර්, රසායනික පොහොර,ඩීසල්, පරිප්පු තොගපිටින් හමුවේ

චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ නිවෙස් තුළ ගෑස් සිලින්ඩර්, රසායනික පොහොර,ඩීසල්, පරිප්පු තොගපිටින් හමුවේ

විරෝධතාකරුවන් විසින් විනාශයට පත් කළ නිවෙස් තුළ තිබී  ගෑස් සිලින්ඩර්, රසායනික පොහොර,ඩීසල්, පරිප්පු තොගපිටින් සොයාගෙන ඇතැයි මේ වනවිට වාර්තා වේ. චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු,  මහීපාල හේරත්,  තුෂාර සංජීව හා කුරුණෑගල ප්‍රා සභාපති අචල නිමන්ත යන අයගේ නිවෙස්වලින් සොයාගත් තොග ජනතාව කොල්ලකා අන් අයට  බෙදාදීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකකර ඇති බවද වාර්තාවේ. කුරුණෑගල ප්‍රදේශයේ දී විරොධතාකරුවන් ගිනි තබා…

වෙඩි තැබීමේ නියෝගයට පාර්ශව රැසකගේ විරෝධය

වෙඩි තැබීමේ නියෝගයට පාර්ශව රැසකගේ විරෝධය

ජනතාව නීතිය අතට ගතහොත් රටට අනාගතයක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසයි. මහජන දේපළ කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තබන ලෙස ත්‍රිවිද හමුදාවට, ඊයේ රාත්‍රියේ සිට ලබාදී ඇති නියෝගය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියි. වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ සාමාජික රවී කුමුදේශ් ද…

සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනට

සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනට

මෙම මස 23 වැනිදා ආරම්භ වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය (2021) යොදාගත් පරිදි පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා අද (11) පෙරවරුවේ පැවසීය. ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර් 16 වැනිදා සහ අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තොම්බර් 17 වැනිදා සිට නොවැම්බර් මස 12 වැනිදා දක්වා පැවැත්වීමටත් නියමිතය.

තලේබාන් පාලනයෙන් දැඩි ආහාර හිඟයක්
|

තලේබාන් පාලනයෙන් දැඩි ආහාර හිඟයක්

ඇෆ්ගනිස්තාය දැඩි ආහාර හිඟයකට මුහුණ පා ඇතැයි අන්තර්ජාතික සංවිධානයක් වන ‘සේව් ද චිල්ඩ්රන්‘ සඳහන් කර ඇත. විශේෂයෙන් පසුගිය රාමසාන් සමයේදී මේ තත්ත්වය වඩාත් දරුණු අතට හැරුණු බවත්, එරට කුඩා දරුවන් ඊට වැඩි වශයෙන් ගොදුරු වූ බවත් එම සංවිධානය පෙන්වා දී තිබේ. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය රට අත්පත් කර ගැනීමෙන් පසුව ඇෆ්ගනිස්තානය දැඩි මානුෂීය…

ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණ තම ගම්බිම් බලා යාමට නොහැකිවු පිරිසක් පොලිසියට
|

ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණ තම ගම්බිම් බලා යාමට නොහැකිවු පිරිසක් පොලිසියට

රට පුරා ඇදිරි නිතිය ක්‍රියාත්මක විමත් සමග 11වන දින හැටන් නගරය මුලු මනින්ම පාළුවට ගොස් තිබු ආකාරයක් දක්නට හැකි විය. රජය මගින් ඇදිරි නිතිය ක්‍රියාත්මක කිරිමට පෙර ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමින තම ගම්බිම් බලා යාමට නොහැකිවු පිරිසක් තමන්ට ගමන් පහසුකම් ලබා ගැනිම සදහා හැටන් පොලිසිය වෙත පැමිනි අතර එම පිරිසට අවශ්‍ය ගමන් පහසුකම් සලසා දිමට…