පවතින ඖෂධ හිඟය හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ජනතාව මෙම කාලයේ දී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රටේ පවතින ඖෂධ තොග ප්‍රමාණවත් නොවන අතර, තිබෙන ඖෂධ තොග අඩුවෙමින් පවතින බවත් ඒ නිසා මේ අවස්ථාවේදී හැකිතාක් ආරක්‍ෂාකාරීවිම වැදගත් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසන්න කොළඹගේ මහතා පැවසීය. රාජකාරී කටයුතු, නිවසේ කටයුතු, ආදියේදී අනතුරක් වුවහොත් රෝගියාට ප්‍රවාහන පහසුකම් සපයාගැනීම මෙන්ම වෛද්‍යවරුන් හා අනෙක් රෝහල් කාර්ය මණ්ඩලයටත් ප්‍රවාහන පහසුකම් සපයාගැනීම ද දුෂ්කර බැවින් දැඩි ගැටලුකාරී තත්වයක් ඇතිවිය හැකි බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.
Read MoreDay: June 28, 2022
කංචන කටාර් රාජ්‍යයට – සුසිල් රුසියාවට
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් යන මහත්වරුන් ඊයේ (27) රාත්‍රී කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා අද (28) අලුයම ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇති අතර ඉන් අනතුරුව රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ. ඉන්ධන සහ ශ්‍රමිකයින් පිළිබඳ සාකච්ඡා කිරීම එම සංචාරයේ අරමුණ වන අතර ඉන්ධන ලබාගැනීම සඳහා එහිදී මූලිකත්වය හිමිවනු ඇත.
Read Moreශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් නිවේදනයක්
ඉන්ධන හිඟය සහ එමඟින් ජනතාවට සිදුවන බලපෑම පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද නිවේදනයක් නිකුත් කර තිබේ. මේ මොහොතේදී මහජනතාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ වගකීම ජනාධිපතිවරයා ඇතුළු සියලු දේශපාලඥයින් භාරගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය සඳහන් කළේය. ආර්ථික අර්බුදය හේතුවෙන් දැනටමත් සංකීර්ණ වී තිබෙන ජන ජීවිතයේ සෑම අංශයකටම ඉන්ධන හිඟය මඟින් බලපෑම් එල්ල වී ඇති අතර රජය විසින් නිසි කළට නිවැරදි සහ විශ්වාසනීය තොරතුරු මහජනයාට සැපයීමට අසමත් වීම පිළිබඳ දැඩි කනස්සල්ල පළකරන බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය නිවේදනය මඟින් දැනුම් දී තිබේ.
Read Moreඉන්ධන හදිසි සේවා සදහා පමණයි
රට තුළ වරාය නැව් කෘෂි සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් ඉන්ධන නිකුත් කරමින් පුද්ගලික වාහන කිසිවකට ඉන්ධන නිකුත් නොකර සිටින්නට රජය තීරණය කර තිබේ. අද දිනයේ සිට ලබන මස 10 වැනි දින දක්වා පෞද්ගලික වාහන වලට ඉන්ධන ලබා දීම නතර කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එම කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වා යන්නට රජය සැලසුම් කර ඇති අතර අනෙක් සේවා සියල්ල නිවසේ සිට කරගෙන යන ලෙස දන්වා ඇත.
Read Moreතාත්තා කම් හෝම්
ආයෝජන ප්‍රවර්ධන නව ඇමති ධම්මික පෙරේරා මහතා ඊයේ දෙරණ 360 වැඩසටහනට පැමිණ කියූ කරුණු සාරාංශ වශයෙන් මෙසේය. ‘මේ වගේ වෙලාවක් ආවම රට වෙනුවෙන් යමක් කරන්න තමා මං ආවෙ. රටට අමාරු වුණ නිසයි පොඩි තැනකට ඇවිල්ල වැඩ කරන්න හිතුවේ. මට ඇත්තටම ආරාධනයක් ලැබුනේ. මං ඉල්ලන්න ගියේ නැහැ. මං ජීවිතේ විවිධ දේ අත්හදා බලා තියෙනවා. මේක තවත් එවැනි දෙයක් නෙමේ. රට දැන් පත්වෙලා තියෙන තත්වය අනුව අත්හදා බලන්න බැහැ. මේක මට බැරිවුනොත් මගේ ප්රතිරූපයත් ඉවරයිනෙ. ඉතින් මං අවදානමක් ගත්තෙ. මං ප්‍රවාහන අමාත්‍යංශේ හිටපු ලේකම් වරයෙක්. දැන් ප්‍රවාහනයත් නැතිවෙලා ගිහින් තමයි. වෙලා තියෙන්නෙ…
Read Moreඉන්දියාව සමඟ හදිසි කරුණු ගණනාවක් පිළිබද විශේෂ සාකච්ඡාවක්
ඛනිජ තෙල් සහ බලශක්ති ක්ෂේත්රයේ ද්වී පාර්ශවික සහයෝගිතාවයට අදාළ හදිසි කරුණු ගණනාවක් පිළිබද ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සහ ඉන්දියාවේ ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. නවදිල්ලි නුවර නිවාස සහ නාගරික කටයුතු අමාත්‍යංශයේදී මිලින්ද මොරගොඩ සහ හර්දිප් සිං පූරි මහතා අතර ඊයේ (27) පස්වරුවේ මෙම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වේ. එහිදී ඛනිජ තෙල් නිෂ්පාදනය, සැපයීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින උග්‍ර අභියෝග සහ ජනතාව මුහුණ දෙන දැඩි දුෂ්කරතා පිළිබඳ මහ කොමසාරිස් මොරගොඩ මහතා ඉන්දීය අමාත්‍ය ජූරි මහතාට කරුණු පැහැදිලි කර…
Read More