තාත්තා කම් හෝම්

dammikaperera

ආයෝජන ප්‍රවර්ධන නව ඇමති ධම්මික පෙරේරා මහතා ඊයේ දෙරණ 360 වැඩසටහනට පැමිණ කියූ කරුණු සාරාංශ වශයෙන් මෙසේය.

‘මේ වගේ වෙලාවක් ආවම රට වෙනුවෙන් යමක් කරන්න තමා මං ආවෙ. රටට අමාරු වුණ නිසයි පොඩි තැනකට ඇවිල්ල වැඩ කරන්න හිතුවේ. මට ඇත්තටම ආරාධනයක් ලැබුනේ. මං ඉල්ලන්න ගියේ නැහැ. මං ජීවිතේ විවිධ දේ අත්හදා බලා තියෙනවා. මේක තවත් එවැනි දෙයක් නෙමේ. රට දැන් පත්වෙලා තියෙන තත්වය අනුව අත්හදා බලන්න බැහැ.
මේක මට බැරිවුනොත් මගේ ප්‍රතිරූපයත් ඉවරයිනෙ. ඉතින් මං අවදානමක් ගත්තෙ. මං ප්‍රවාහන අමාත්‍යංශේ හිටපු ලේකම් වරයෙක්. දැන් ප්‍රවාහනයත් නැතිවෙලා ගිහින් තමයි. වෙලා තියෙන්නෙ ඩොලර් නැති කම. ඉන්ධන ගේන්න සල්ලි නැහැ. කලම්බු සිටි එකට අපි හදපු ප්ලෑන් එකක් තියනව. කොට්ටාව මොරටුව කඩවත පිළියන්දල වගේ බස් දාලා හැමෝටම කොළඹට එන්න ප්ලෑන් එකක්තියනවා. ඒක කරන්න තිබුණා.

පෙට්‍රල් නැති රටක අපි ඉන්නෙ. මං ඊයේ ගිහින් බීඕඅයි එකේ පොඩි සාකච්ඡාවක් කරා. මං ගිය ටිකට ජපන් ආයෝජකයෙක් ආවා ලබන සතියේ රැකියා අවස්ථා කීපයකට සයින් කරන්න එනව කිව්වා.
මොනොරේල් එක නිසා ජපානෙ තරහවුණ එක ගැන මට කියන්න බැහැ. ඒක හොඳ ‍ප්‍රොජෙක්ට් එකක්. මට ඒ ගැන කියන්න බැහැ.
නමුත් අපි හොඳ දේ ඔවුන් සමග කළ යුතුයි.

නෙළුම් කුළුනේ පහත වර්ග අඩි 45000 ක ෂොපිං සෙන්ටර් එකක් වෙන්කර තිබෙනවා. එතන එහෙම දේකට නොයොදවා අයිටී පාර්ක් එකක් දාලා තරුණ ළමයින්ට වැඩ කරන්න දෙන්න අදහසක් තියෙනවා.ඒ ගැන එම සමාගම එක්ක සාකච්ඡා කරනවා.

පෝර්ට් සිටි එකේත් බ්‍රෑන්ඩින් කරල කරන්න තියන වැඩ ගොඩක් තියනවා. රටක් බ්‍රෑන්ඩ් කරන්න ඕන එහෙම නැතිව බැහැ.

හැමෝම හොඳ වැඩ කියල කරන කොට ඉන්නෙ ජනපති එක්ක. අනෙක් අය අයින් වෙනව වැරදුණාම. කාබනික පොහොර ප්‍රශ්නෙදි ගොවියො විතරයි විරුද්ධ පාරිභෝගිකයො ඇතුළු ඔක්කොම ජනපති එක්ක මුලින් හිටියෙ හැබැයි වැරදුනාම ජනපති අතෑරියා. එහෙම තමා මේ රටේ වෙන්නේ.

බොහෝ ඒවා ටෙන්ඩර් කරලා කරන්න බැරි තත්වයක් දැන් තියෙන්නෙ.

මගේ පුද්ගලික ධනයෙන් මාසෙකට මිලියන 50 ගාණෙ දාලා කරන්න තමයි ඉන්නෙ. පුද්ගලික සල්ලි වලින් දාලා හරි වැඩේ කරන්න තමා මේ පුටුවෙ ඉඳගත්තෙ.

පාස්පෝට් පෝලිම තෙල් පෝලිම වගේ තමා. දැන් රික්වෙස්ට් එකක් දුන්නොත් අගොස්තුවෙ අපොයින්ට්මන්ට් එක ලැබෙන්නෙ. මං ඒක වෙනස් කරනවා. මාතර අයට වන්ඩේ පටන් ගන්නා. කැන්ඩිත් පටන් ගන්නවා. වවුනියාවත් පටන් ගන්නවා. කුරුණෑගල අවශ්‍ය පහසුකම් දීලා කරනවා. තව සෙන්ටර්ස් 5 ක් අරින්න ඕන. වවුනියාවෙ එක මං මගේ සල්ලි වලින් අරිනවා. ඉතිරි 4 ට ඩොනේෂන් ගන්න බලනවා.

මට මේ වැඩට එන්න ගෙදරින් පර්මිෂන් දුන්නා… අම්මා මට කිව්ව රටේ මිනිස්සු බඩගින්නෙ ඉන්නවනම් අපි කාලා ඉඳල වැඩක් නැහැ ගිහින් වැඩ කරන්න කිව්වා. මගේ බිරිය දරුවන් තුන්දෙනා (22.19 හා 16) කිව්වා මාස 6 කට කරල බලන්න. එහෙම බැරිවුනොත් ‘තාත්ත කම් හෝම්‘ කියල අපි බොඩ් උස්සං ගෙදර ඉන්නව කියලා. මට පැය 960 යි තියෙන්නෙ. මං පොසිටිව් දෙයක් කරන්න වෙනවා.නැත්නං ගෙදර යන්න වෙනවා.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….