ලෝකයේ කොහේවත් Petroleum කර්මාන්තය පාඩු නැත. නමුත් ලංකාවේ Petroleum පාඩුයි. ලංකාවේ Petroleum එකේ තියෙන ලොකුම ප්‍රශනය තමයි තිබුන හැම ආණ්ඩුවකින්ම තමන්ට ජන්දේ දිනන්න උදව් කරපු හෙන්චයියෝ මේකට පුරවනවා. ලංකාවේ Petroleum එකේ සේවකයින්ට ගෙවන තරම් වැටුපක් ලංකාවේ වෙන කොහෙවත් ගෙවන්නේ නෑ. security firm එකක security කෙනෙකුට ගෙවන්නේ මාසෙටම රු.30,000/-ක් වගේ. නමුත් Petroleum එකේ 100,000.-කට වැඩි.. රජයේ කාර්යාලයක පියන් කෙනෙකුට ගෙවන්නේ 25000/-ක් විතර වැටුපක්.. නමුත් Petroleum එකේ පියන් කෙනෙකුට ගෙවනවා 120000/-ක් විතර වැටුපක්.. අවශ්‍ය සේවක පිරිස වගේ දහගුණයක් විතර ජන්දෙට පෝස්ටර් ගහපු උන්ගෙන් අතුල පිරිලා. ඊලග එක තමයි “සුද්ද Petroleum බෙදන්න හදපු…
Read MoreDay: June 30, 2022
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයක් මඟින් නිකුත් කර තිබේ. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ එම පනත් කෙටුම්පතට පසුගියදා කැබිනට් අනුමැතියද හිමිවුණි.
Read Moreඉන්ධන සංචිත ගැන රජයෙන් පැහැදිළි කිරීමක්
ඉහළ යන උද්ධමනය කළමණාකරණය කිරීම සදහා මුදල් අච්චු ගැසීම ලබන වසරේ මුල සිට නතර කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ප්රවෘත්ති ප්‍රධානීන් සමග අද පැවති සාකච්ඡාවකදී අග්‍රමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. වැට් සංශෝධනයේ ආදායම අගෝස්තු මාසයේ අපේක්ෂා කරන බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ. කෙසේවෙතත් රජයේ ආයතනවල ආදායම මාධ්‍ය ආයතනවල ආදායමට වඩා අඩු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. ලබන මස අග වනවිට සංශෝධිත අයවැයක් ඉදිරිපත් කිරීමටයි අග්‍රාමාත්‍යවරයා අපේක්ෂා කරන්නේ. ජූලි 10 වනදා වනවිට පෙට්‍රල් නෞකාවක් මෙරටට ලබාගැනීමට උත්සාහ කරන බව ඔහු සදහන් කළා. ලබන මස මුල් කාලයේ ඩීසල් නෞකාවක් ලැබීමට…
Read Moreකොන්සියුලර් සේවාවන් ද සීමාවේ
ඉන්ධන අර්බුදය නිසා මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතාව මත හෙට සිට ජූලි මස 10 වැනිදා දක්වා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය මහජන සේවා කටයුතු සතියේ දින තුනකට පමණක් සීමා කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව සඳුදා , බදාදා සහ සිකුරාදා යන දිනවල පමණක් කොන්සියුලර් අංශයේ කටයුතු සිදුකරනු ලබයි.
Read Moreඅද තෙල් ගන්න පුළුවන් තැන් මෙන්න
හෙට (30) දිනයේ ඉන්ධන ලැබීමට නියමිත පිරවුම්හල් ලැයිස්තුවක් ඓOC සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එම ඉන්ධන පිරවුම්හල් සියල්ල පහතින් දැක්වේ.
Read Moreවෙළෙද භාණ්ඩ වලට ගැසට්ටුවක්
සියලු වෙළඳ භාණ්ඩ වල ඇසුරුමේ උපරිම සිල්ලර මිල බර පරිමාව නිෂ්පාදන දිනය සහ ඇසුරුම් කළ දිනය නිෂ්පාදකයාගෙන් නම ලිපිනය ඇතුළු තොරතුරු ඇතුළත් කළ යුතු බවට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත .මෙය ජූලි මස 28 වන දා සිට බලපැවැත්වේ.
Read Moreදිනෙන් දින ඉහළ යන ඩොලරය පාලනයට යුවාන්
දිනෙන් දින ඉහළ යන ඇමරිකානු ඩොලරය පාලනය කිරීමට වෙනත් මුදල් වර්ග භාවිතා කරමින් විදෙස් ගනුදෙනු සිදු කිරීමට මේ වන විට රටවල් කිහිපයක් තීරණය කර ඇත. ඒ අනුව ඉන්දියාව ද පසුගියදා එරට සිමෙන්ති සමාගම් කිහිපයක් රුසියාවෙන් ආනයනය කළ ගල් අඟුරු සඳහා ගෙවීම් සිදුකර ඇත්තේ චීන මුදල් වන යුවාන් වලිනි. ඩොලරය ඉහළ යාම පාලනය කරගැනීම සඳහා මෙලෙස වෙනත් මුදල් වර්ග භාවිතා කරමින් ජාත්‍යන්තර ගනුදෙනු සිදු කිරීමට ඉන්දියාව තීරණය කර ඇත.
Read More