ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 117ක්

දින 30ක කාලය තුළ වැඩිම උද්ධමනයක් වාර්තා වී ඇති සිම්බාබ්වේ රාජ්‍යයට පසුව අවම මට්ටමක දියුණුවක් ඇති වැඩිම උද්ධමන වේගයක් ඇති රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාව සටහනේ පෙරමුණට පැමිණ තිබෙනවා. ඒ උද්ධමනය සියයට 117ක් ලෙස සටහන් කරමින්. ශ්‍රී ලංකාවේ ආර්ථිකය මරණ මංචකයක් අභියස සිටින බව අමරිකානු ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කේ (Steve Hanke) පවසනවා. අයි.එම්.එෆ්. විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කරගැනීමට වැඩසටහන් 16ක් සම්පාදනය කර දී තිබූ බවත් ශ්‍රී ලංකා බලධාරින් කිසිවෙකු එම වැඩසටහන් ක්‍රියාත්මක කර නොමැති බවයි ආර්ථික විද්‍යාඥවරයා කියා සිටින්නේ.  

Read More

ජාතික ආපදා තත්වයක් ප්‍රකාශ කරන්න

slp

ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කර අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට නිසි බලධාරියෙක් පක්තර නිසි යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු බවත් වර්තමානයේ රට තුළ පවතින තත්වය සාමාන්‍ය තත්වය යටතේ කළමනාකරණය කළ නොහැකි බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා ජීවිත අවදානම නොතකා මැදිහත් වන රාජ්‍ය නිලධාරීන්ට වන පීඩා පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය මැදිහත්නොවීමට විරෝධය දක්වන බවත් මාතර ප්‍රාදේශීය ලේකම්වරිය අපහසුතාවට පත්කළ මාතර මහ රෝහලේ සේවකයින් පිරිසට සහ වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම්වරයාගේ රාජකාරියට බාධා කළ කුරුණෑගල නගරාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නොමැති බවත් එම සංගමය සඳහන් වේ. මෙම…

Read More

‘‘දරුවන් බඩගින්නේ හඬනවා‘‘දරාගන්න බෑ

daruwa

ආහාර නොමැතිව කුසගින්නේ තම දරුවන් කිරි ඉල්ලා අඩන අයුරු බලා සිටිය නොහැකි බව පවසමින් 37 හැවිරිදි දෙදරු පියකු හෙම්මාතගම නගරයේ ප‍්‍රධාන මාර්ගය මධ්‍යයේ නාමපුවරුවක්ද ප‍්‍රදර්ශනය කරමින් මහ හයියෙන් හඩා වැටෙමින් සිටියදී පොලිසිය සහ ව්‍යාපාරිකයෝ සහ නගරවාසීහු පිරිසක් මැදිහත්ව ඔහුට අවශ්‍ය ආහාර පාන තොගයක් පරිත්‍යාක කළහ. හෙම්මාතගම සියඹලාව ප‍්‍රදේශයේ පදිංචි බී.එම්.සුසන්ත කුමාර නම් වන මොහු වෘත්තියෙන් පෙදරේරුවෙකි. වයස අවුරුදු 7 ක් වයසැති දරුවෙක් සහ අවුරුදු 13 ක් වයසැති පිරිමි දරුවකු ඔහුට සිටින අතර බිරිඳ රැකියාවක් නොකරන බව ඔහු පවසයි. රට පත්ව ඇති ආර්ථික අර්බුදය හමුවේ සිමෙන්ති මිල ඉහළ යෑමත් සමග තමන්ගේ…

Read More

දකුණු ආසියානු කඟවේනා යුපුන් අබේකෝන්

yupun-abecon

ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට අද සමත් වුණා. ඒ, ස්විට්සර්ලන්තයේ පැවැති 42 වන රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී එම ඉසව්ව තත්පර 9.96කින් අවසන් කරමින්. ඔහුගේ තරග නිමි කාලය වාර්තා අතරට එක් වුණේ නව දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක් ලෙසයි. යුපුන් අබේකෝන් මීට පෙර එම වාර්තාව ඔහුගේ නම ඉදිරියේ සනිටුහන් කරගෙන තිබුනේ තත්තර 10.06 ලෙසයි. තත්පර 10 අඩුකාලයකින් මීටර් 100 ඉසව්ව නිම කළ පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා ලෙසද යුපුන් අබේකෝන් අද වාර්තා අතරට එක් වුණා.

Read More

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice

සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් විසින්. ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියළු සේවාවන්, ඛනිජ නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම එලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර තිබෙනවා. ඊට අමතරව රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම, සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළයුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය ද එලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර තිබෙනවා. සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන…

Read More

ගාල්ලේ මුහුද ගොඩ ගලයි

galle-beach

දකුණු ප්‍රදේශයේ මුහුද චණ්ඩවී මුහුදු රළ ගොඩබිමට ගලාඒම නිසා ගාල්ල සමුද්‍ර මාවත, ගාල්ල වරාය පොලිසිය, රේගුව, ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දෙවට, කොග්ගල සහ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අකුරල සිට ගොඩගම දක්වා වූ ප්‍රදේශය  මුහුදු ජලයෙන් යටවී බොහෝතැන්වලට හානි සිදු වී ගමනාගමනයට ද බාධා එල්ලවිය. නිරිතදිග මෝසම් තත්ත්වය තව දුරටත් බලාපොරොත්තු වන අතර කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවල අද දිනයේද නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. පුත්තලම කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ…

Read More