රුසියානු ප්‍රහාරක ගුවන් යානා සමග චීනය ආක්‍රමණයකට සූදානම් වෙයි

china-thaiwan

ජාත්‍යන්තර විචාරකයන් පවසන්නේ චීනය ආක්‍රමණයකට සූදානම් වන බවයි. සාමාන්‍යයෙන් යුද අභ්‍යාසයකදී භාවිත කරන්නේ පුහුණු වෙඩි උණ්ඩ පමණයි. එහෙත් චීනය මෙම යුද අභ්‍යාසය සදහා භාවිත කරන්නේ සජීවී උණ්ඩ වීම විශේෂත්වයක්. මේ අතර තායිවානය ගුවන් කලාපය උල්ලංඝනය කරමින් චීන ප්‍රහාරක ගුවන් යානාද මෙම යුද අභ්‍යාසයට එක් කර තිබෙනවා. එම ගුවන් යානා අතර රුසියාවේ නිෂ්පාදිත ප්‍රහාරක ගුවන් යානා 16 ක්ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම ගුවන් යානා ඕනෑම කාලගුණ තත්ත්වයක් යටතේ පියාසර කරවිය හැකි බවත්, පියාසැරි වේගය පැයට කිලෝමීටර් 2100 ක් පමණ වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Read More

ධනීෂ් සති දෙකකට – ස්ටාලින් සතියකට ඇතුලට

arest

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන්නට කොළඹ කොටුව මහේස්ත්‍රාත් වරයා තීරණය කර තිබේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් රිමාන්ඩ් බාරයට පත්කර සිටි අරගල ක්‍රියාකාරිකයකු වන ධනීෂ් අලී තවදුරටත් රදවා තබාගන්නට හේතුවක් සොයමින් සිටි පොලිසිය ඔහු මැගසින් බන්ධනාගාර තුළ ජංගම දුරකතනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් වරදක් අධිකරණයට දන්වා සිටි පොලිසිය ඔහුට රිමාන්ඩ් භාරයේ සිටියදී ජංගම දුරකථන පාවිච්චි කළැයි කියා දින 14 ක සිරදඩුවම් නියම කර තිබේ.

Read More

අද සවස 5ට කුමක්වෙයිද?

අරගලකරුවන්ට කළ දැනුම් දීමකට අනුව අද (5) සවස 5 දක්වා අරගල භූමියෙන් ඉවත්වන්නට කාලය ලබාදී ඇති අතර දින 118 කට පසු අරගල භූමියෙන් ඉවත් වීමට ඊයේ (04 දා) එහි සිටි පිරිසක් පියවර ගෙන තිබිණ. එහිදී තවත් පිරිසක් තවදුරටත් අරගලයේ රැදී සිටීමට තීරණය කර තිබූ අතර අරගලයේ අභිලාෂයන් ඉටු වනතුරු තම සටන අත්නොහරින බව ඔවුහු ප්‍රකාශ කර සිටියහ. අරගල භූමියේ කුඩාරම් සහ ඒ ආශ්‍රිතව වගා කටයුතු ද කිරීමට අරගලකරුවන් පියවර ගෙන තිබූ අතර පොලිසිය විසින් ශබ්දවාහිනී යන්ත්‍ර උපයෝගී කර ගනිමින් ඒ සියල්ල ඉවත් කර ගන්නා ලෙසට අරගලකරුවන්ට දැනුම් දී තිබිණ. මෙහිදී…

Read More

කේතය පරිස්සම් කර ගන්න

kanchana

ජාතික ඉන්ධන බලපත්‍රයට අදාල කිව්.ආර්. කේතය සෙසු පුද්ගලයන්ට පෙනෙන සේ ප්‍රදර්ශනය නොකළ යුතු බවත් වෙනත් පුද්ගලයකු එය නීති විරෝධී ලෙස භාවිතා නොකරන බවට වගබලා ගැනීම සඳහා එය ආරක්ෂා කළ යුතු බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. කිව්.ආර් කේතය පිළිබඳව ගැටලුවක් ඇති වුවහොත් වර්තමාන කිව්.ආර් කේතය ඉවත්කර නැවත ලියාපදිංචි විය හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

Read More

ගාස්තු පහළ දැමීමට විරෝධය දක්වමින් බස් වර්ජනයක්

සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසුවේ ඉන්ධන ගැටලුව සදහා කඩිනම් විසදුමක් ලැබෙන තෙක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. බස් සංගම් කිහිපයක් අද වර්ජනයක් ක්‍රියාත්මක කළද දිවයින පුරා පිහිටි ලංගම ඩිපෝ මගින් බස් රථ සාමාන්‍ය පරිදි සිදුකරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබානොදී බස් ගාස්තු පහළ දැමීමට ද විරෝධය දක්වන බවත් කිව්.ආර්. කේතයට අනුව බස් රථයක් සඳහා සතියකට ලබාදෙන ඩීසල් ලීටර් 40 කෙසේවත් ප්‍රමාණවත් නොවන බවත් බස්රථ හිමියෝ පවසති.  

Read More