ලංගම හා පෞද්ගලික බස් රථවලට අවශ්‍ය ඉන්ධන ලබා දීමට අපොහොසත් වීම නිසා අද (29) පෞද්ගලික බස් රථ ධාවනය 80% පමණ අඩු වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසයි. පසුගිය මාසයේ ඉන්ධන ලබා දීම නිසි ක්‍රමවේදයක් යටතේ සිදු වුවත් මීට දින හතරකට පෙර සිට ඉන්ධන ලබා නොදීම නිසා පෞද්ගලික බස් රථ ධාවනය සීමා වී ඇති බවත් මේ සඳහා කඩිනමින් විසඳුමක් ලබාදිය යුතු බවත් ඔහු පැවසීය. පාසල් හා කාර්යාල කටයුතු පැවැත්වෙන දිනයක් නිසා බස් රථ ධාවනය අඩාල වීමෙන් සිසුන්-ගුරු හා කාර්යාල සේවකයන් දැඩි අපහසුතාවට පත්වන බවත් එයට…
Read MoreDay: August 29, 2022
නියෝජ්‍ය කතානායකගෙන් විශේෂ නිවේදනයක්
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ සේවය කිරීම සඳහා අලුතින් මන්ත්‍රීවරුන් සිව්දෙනකු තේරීම් කාරක සභාව විසින් පත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන, සමගි ජන බලවේගයේ තලතා අතුකෝරළ සහ එරාන් වික්‍රමරත්න යන අය පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවට අලුතින් කරනු ලැබු අය වේ.
Read Moreවම හා එක්ව නව ආණ්ඩුවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වමේ පක්ෂ සමඟ එක්ව බිහිකරන සන්ධානයක් මගින් නිශ්චිත වශයෙන්ම ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී.ල.නි.ප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. වත්මන් ආණ්ඩුව ගෙනයන්නේ පොහොට්ටු පක්‍ෂයේ නායකයන් නිසා එහි තනතුරක් ලබාදුන්නත් භාරගැනීමට තමන් සූදානම් නැති බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ජයවර්ධනපුර ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේ දී පැවති එම පක්‍ෂ මහරගම ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසිවකුට අද වන තුරු ආණ්ඩුවට එක්වීමට අනුමැතිය දී නැතැයි කී මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවට එක් වූ නිමල් සිරිපාල ද සිල්වා ‘වචනයේ පරිසමාප්ත…
Read MoreBitcoin to Satoshi Converter BTC to Sats
Content How Much Is A Sat Bitcoin? Zelf democratizes Web3 with the Apple Watch Satoshi to Bitcoin conversion calculator Satoshi Price Chart USD Satoshi Nakamoto is the name used by the creator of Bitcoin. Learn more about this unknown developer and who it might be. Investopedia requires writers to use primary sources to support their work. These include white papers, government data, original reporting, and interviews with industry experts. We also reference original research from other reputable publishers where appropriate. You can learn more about the standards we follow in…
Read Moreබිත්තර ඇසුරුම්කරණය ට නිර්නායක
ඉදිරි සති දෙක ඇතුළත බිත්තර සදහා පනවා ඇති පාලන මිල සංශෝධනය සිදු කිරීමට නියමිත බව වෙළෙද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත. ඇසුරුම් කළ බිත්තර සදහා දැනට පනවා ඇති පාලන මිලෙන් අසාධාරණයක් සිදුවන බැවින් ඇසුරුම් කළ සුදු හා රතු හෝ දුඹුරු බිත්තර සදහා වෙන් වෙන් වශයෙන් පාලන මිල නියම කිරීමට නියමිතය. එහිදී ඇසුරුම්කරණයට අදාළ නිර්නායක පිළිබඳ ව මේ වනවිට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය හරහා අවශ්‍ය සලකා බැලීම් සිදු කරමින් පවතින බව වෙළෙද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සදහන් කර ඇත.
Read Moreජාතික වොලිබෝල් ශූරතාවලියේ ජය ගුවන් හමුදාවට
මෙවර ජාතික වොලිබෝල් ශූරතාවලියේ පිරිමි සහ කාන්තා ඉසව් දෙකෙහිම ශූරතාවය දීනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත්ව තිබේ.
Read Moreසිසුන් 171,497 දෙනෙකුට විශ්වවිද්‍යාල ප්‍රවේශය
උසස් පෙළ විභාග අයැදුම්කරුන් 272,682 ක් පෙනී සිටි අතර ඉන් 171,497 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබේ. විදුහල්පතිවරුන්ට අද (29)සිට 2021 උසස් පෙළ ප්‍රතිඵල ලේඛන භාගත කිරීමට අවස්ථාව සලසා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසයි. විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, දෙවන හා තෙවන වර උසස් පෙළ විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන්ට ලබන පළමුවැනිදා සිට 8 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට අයැදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි.
Read More