රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරයි

රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරයි

දෙවෙනි එලිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය යෙදෙන සැප්තැම්බර් 19 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙයි. ඒ රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලේකම් මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත. සැප්තැම්බර් 19 වන දින දැනටමත් ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙයි.

ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට

ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා අගනුවර දී ආරම්භ  විය. සැසිවාරය ලබන මස 7 වැනිදා දක්වා පැවැත්වේ. මෙවර සැසිවාරය ආරම්භයේ දී බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණ සිහිපත් කරමින් නිශ්ශබ්දතාවයක් සුරැකීමට කවුන්සිලය පියවර ගත්තේය. ඉන් අනතුරුව 51 වන සැසිවාරයේ කටයුතු ආරම්භ කෙරුණි. මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලේ විශ්‍රාම ගැනීම හේතුවෙන් නව මහ කොමසාරිස්වරයා…

ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සූදානම්
|

ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සූදානම්

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරු තත්ත්වයෙන් මිදීමට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහාය ලබාදීමට අපේක්ෂා කරන බව, ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) මහතා පවසයි. ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) මහතා ඇතුළු නියෝජිත පිරිස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වු…

අරගලකරුවෝ මැතිවරණ කොමිසමට

අරගලකරුවෝ මැතිවරණ කොමිසමට

නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම, නව දේශපාලන බලවේගයක් බිහි කිරීම සහ ඉදිරි මැතිවරණවලදී 25% තරුණ කෝටාව අනිවාර්ය කිරීමට අදාළ යෝජනාවලියක් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම වෙත භාරදීම සඳහා සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ නියෝජිතයෝ පිරිසක් අද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවීමට තීරණය කර ඇත.

සර්ව ආගමික මධ්‍යස්ථානය වෙත සදාතුක කරඩුව තැන්පත් කරයි

සර්ව ආගමික මධ්‍යස්ථානය වෙත සදාතුක කරඩුව තැන්පත් කරයි

හැටන් පොලිස් අධිකාරි කාර්යාල අභිනවයෙන් ඉදි කරන ලද සර්ව ආගමික මධ්‍යස්ථානය වෙත සදාතුක කරඩුව තැන්පත් කිරිම මධ්‍යම පලාත් ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජිව ධර්මරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතාගේ සංකල්පයක් මත 156වන පොලිස් දිනයට සමගාමිව මෙම සර්ව ආගමික මධ්‍යස්ථානය ඉදි කර ඇති අතර මෙම අවස්ථාවට හැටන් ප්‍රදේශයේ සියලුම ආගම්…

නයිටිංගේල් හෙද විදුහලේ 25වන කාණ්ඩයේ හෙද නිලධාරින් විසිර යයි

නයිටිංගේල් හෙද විදුහලේ 25වන කාණ්ඩයේ හෙද නිලධාරින් විසිර යයි

නයිටිංගේල් හෙද විදුහලේ 25වන කාණ්ඩයේ හෙද නිලධාරින් විසිර යාම එම හෙද විදුහලේදි පවත්වන ලදි. මෙම කාණ්ඩය යටතේ තරුණියන් 20 දෙනකු මාස 06ක කාලයක් හෙද විදුහල තුලද මාස තුනක කාලයක් රෝහල්වල ප්‍රායෝගික පුහුණුවක් ලැබු බව එම හෙද විදුහලේ අධ්‍යක්ෂිකා එස්. සුබෝධනි මහත්මිය පැවසිය. මෙසේ පුහුණුව ලැබු එම හෙදියන් සදහා කොළඹ මහනුවර ප්‍රදේශවල පුද්ගලික රෝහල් හතක සේවය…

බල පත්‍රයක් නොමැතිව දර ප්‍රවාහනය කර වැඩවරදී

බල පත්‍රයක් නොමැතිව දර ප්‍රවාහනය කර වැඩවරදී

නිසි බල පත්‍රයක් නොමැතිව දර ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමග එක් සැකකරුවකු හැටන් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ කාසල්රි ප්‍රදේශයේදි කරන ලද පරික්ෂාවකදි බලපත්‍රයක් නොමැතිව දර ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමග එක් පුද්ගලයකු සැක පිට අත් අඩංගුවට ගෙන ඇති බවත්ය….

ආහාර අනාරක්‍ෂිතතාවය ගැන අනතුරු ඇඟවීමක්

ආහාර අනාරක්‍ෂිතතාවය ගැන අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ මිලියන 6.3න ජනතාවක් මධ්‍යස්ථ මට්ටමේ සිට උග්‍ර මට්ටමේ ආහාර අනාරක්‍ෂිතභාවයකට මුහුණ දෙන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය(FAO) සහ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) නව වාර්තාවක් නිකුත් කරමින් සදහන් කරයි. ප්‍රමාණවත් ජීවිතාරක්‍ෂක සහ ජීවනෝපාය ආධාර ලබා නොදුනහොත් ඔවුන්ගේ තත්ත්වය වඩාත් බැරෑරුම් විය හැකි බව එහි දැක්වේ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ…

රැඳවියන් 417 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක්

රැඳවියන් 417 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක්

සිරකරු දිනය නිමිත්තෙන් රැඳවියන් 417 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස ලබාදී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඊයේට යෙදී තිබූ සිරකරු දිනය නිමිත්තෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව එම නිදහස ලබාදී ඇත.දඩ මුදල් ගෙවීමට නොහැකි වූ සහ සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ රැඳවියන් පිරිසකට එම නිදහස හිමිව තිබේ.නිදහස හිමිවූ රැඳවියන්…