2023 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට අදාල ඡන්දය වැඩි ඡන්ද 37කින් ජයග්‍රහණය කළා. ඒ අනුව අයවැය දෙවනවර කියවීමේ දී ඊට පක්ෂව ඡන්දව 121ක් ද විපක්ෂව 84ද ලැබී තිබුණා. මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන එක් අයෙක් ඡන්දය ලබා දීමට පැමිණියේ නැහැ. පසුගිය 14 වැනි දා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම අය වැය මගින් 2023 වසරේ රජයේ වියදම ලෙස රුපියල් බිලියන 7885ක් වෙන් කිරීමට යෝජනා කෙරුණා.
Read MoreDay: November 22, 2022
ප්‍රබල භූකම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීමක්
සොලමන් දූපත් ආශ්‍රිතව ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ රිච්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රභලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන ඇති බවය. මේ හේතුවෙන් භූකම්පනය හටගත් ස්ථානයේ සිට කිලෝමීටර් 300ක් ඇතුළත සොලමන් වෙරළ තීරයේ ප්‍රදේශයකට සුනාමි අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව වාර්තා වේ. භූ කම්පනය තත්ත්පර 20ක පමණ කාලයක් සිදුව ඇති බව සඳහන්ය. නගර ආශ්‍රිතව විදුලිය ද විසන්ධි වී ඇති අතර ජනතාව එම ප්‍රදේශය අතහැර උස්බිම් වෙත පළායමින් සිටින බව විදෙස් මාධ්‍ය පැවසුවේය. ප්‍රධාන දූපත් 6 ක් සහ තවත් කුඩා දූපත්…
Read Moreමහින්දගෙ තැනට තිලංග
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉවත්කර, තිලංග සුමතිපාල මහතා පත්කරනු ලැබ ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව එම පක්ෂ මූලස්ථානයේදී රැස්වූ අවස්ථාවේදී මෙම පත්වීම සිදුකර තිබේ. පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම තනතුර සඳහා සුමතිපාල මහතාගේ නම යෝජනා කර ඇති අතර, පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව ඒ සඳහා අනුමැතිය දී ඇත.
Read Moreභූ කම්පනයෙන් මියගිය පිරිස තවත් ඉහළට
ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සිදු වූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සහ තුවාලකරුවන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වන විට මරණ 162ක් වාර්තා වී ඇති අතර තුවාලකරුවන් 13,000ක් පමණ වාර්තා වී තිබේ. කෙසේ වෙතත් මියගිය සහ තුවාලකරුවන් සංඛ්‍යාව නිෂ්චිතව සඳහන් කළ නොහැකි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ. සුන්බුන් අතර සිරවී සිටින පිරිස බේරාගැනීම සඳහා සහන කණ්ඩායම් යොදවා ඇති බව වාර්තා වේ. රික්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනය චියෑන්ජූර් නම් කලාපය කේන්ද්‍ර කොට සිදුව තිබුණි. .
Read More