solomand

සොලමන් දූපත් ආශ්‍රිතව ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ රිච්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රභලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන ඇති බවය.

මේ හේතුවෙන් භූකම්පනය හටගත් ස්ථානයේ සිට කිලෝමීටර් 300ක් ඇතුළත සොලමන් වෙරළ තීරයේ ප්‍රදේශයකට සුනාමි අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව වාර්තා වේ.

භූ කම්පනය තත්ත්පර 20ක පමණ කාලයක් සිදුව ඇති බව සඳහන්ය.

නගර ආශ්‍රිතව විදුලිය ද විසන්ධි වී ඇති අතර ජනතාව එම ප්‍රදේශය අතහැර උස්බිම් වෙත පළායමින් සිටින බව විදෙස් මාධ්‍ය පැවසුවේය.

ප්‍රධාන දූපත් 6 ක් සහ තවත් කුඩා දූපත් 900 ක් සොලමන් දූපත් රාජ්‍යයට අයත් වෙයි. ලෝක බැංකු වාර්තා අනුව සොලමන් දූපත් රාජ්‍යයේ ජනගහනය 7,03,995 කි. හොනියාරා යනු සොලමන් දූපත් රාජ්‍යයේ අගනුවරය.

Similar Posts