කොළඹදී ගහනවා නම් අරගලය ගමේදි

කොළඹදී ගහනවා නම් අරගලය ගමේදි

කොළඹදී කරන්න බැරිනම් ගෝල්ෆේස් පිටියේදී මර්දනය කරනවා නම් අරගලය ගම්වලදී කරන්නැයි අරගලකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද 24) පැවසීය. අරගලයට දේශපාලකයන් හොඳටම බියවී සිටින බවත් මේ රට ගොඩනැඟිය හැක්කේ නිරපාක්ෂික අරගලයකින් පමණක් බවත් ඔහු සඳහන් කළේය. ෆොන්සේකා මහතා මෙසේ පැවසූවේ ආරක්ෂක, මහජන ආරක්ෂක…

සිවුරු ඇදගත් බට්ටො දාල හිමිවරුන්ට තර්ජන කරන විට අපි නිකන් ඉන්නේ නැහැ
|

සිවුරු ඇදගත් බට්ටො දාල හිමිවරුන්ට තර්ජන කරන විට අපි නිකන් ඉන්නේ නැහැ

රටේ ආණ්ඩු පෙරලන්න එන විට හමුදාවට පැත්තකට වෙලා ඉන්න බැහැ.පාරට බැහැලා පන්සල්වල ස්වාමීන් වහන්සේලාට තර්ජනය කරන විට, සිවුරු ඇඳ ගත්ත බට්ටො දාලා තර්ජනය කරන විට අපි නිකන් ඉන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. පැවිදි පුද්ගලයන් මේවට දමා රටේ කලබල කරන සෙල්ලම නතර කළ යුතු බව කී ජනාධිපතිවරයා පැවිද්දන්ට පැවිද්දන්ගේ වැඩ කටයුතු කරන්න කියන්නැයි…

තිලංගව සන්ධානයේ පක්ෂ 5ක් ප්‍රතික්ෂේප කරයි
|

තිලංගව සන්ධානයේ පක්ෂ 5ක් ප්‍රතික්ෂේප කරයි

තිලංග සුමතිපාල මහතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා ලෙස තමන් පිළිනොගන්නා බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. සන්ධානයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතාව ඉවත්කිරීම හෝ නව ලේකම්වරයකු පත්කරගැනීම සම්බන්ධයෙන් තමන්ට කිසිඳු දැනුම්දීමක් කර නොමැති බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ව්‍යවස්ථාව සහ පූර්ව ආදර්ශ පරිදි ඒ සම්බන්ධයෙන් විධායක සභාව…

මන්කිපොක්ස්, “එම්පොක්ස්” වෙයි?

මන්කිපොක්ස්, “එම්පොක්ස්” වෙයි?

මන්කිපොක්ස් වෛසරයේ නාමය “එම්පොක්ස්” ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව ඇත. අද(24) දින එම තීරණය ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. පසුගිය කාලය තුළ මන්කිපොක්ස් වෛරසයේ නම වෙනස් කිරීම ගැන ඇමරිකාව අවධානය යොමු කළේ මන්කිපොක්ස් නාමය හේතුවෙන් යම් කණ්ඩායමක් හෝ තුන්වන පාර්ශවයකට අගතියක් සිදුවන බව පවසමිනී.