බොන්න නොදුන් අරලිය ගහ මැදුරේ පාටියට ඩබල් බ්ලැක් සහ විස්කි
|

බොන්න නොදුන් අරලිය ගහ මැදුරේ පාටියට ඩබල් බ්ලැක් සහ විස්කි

පසුගිය බදාදා දින රාත්‍රියේ අරලිය ගහ මැදුරේදී ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කොට තිබිණ. බිරින්දෑවරුන්ද කැටුව එන ලෙස ආරාධනා කළ නිසාදෝ මධුවිත සංග්‍රහ නොකිරීමට උත්සව සංවිධායකයන් පියවර ගෙන තිබිණ. නමුත් එක්තරා ඇමැතිවරයකු ඇති පදමට ඩබල් බ්ලැක් විස්කි බෝතල් රැගෙන උත්සව ශාලා පරිශ්‍රයට පිටතින් සිට අනෙකු ඇමැතිවරුන් සමග මධුවිතින් සන්තර්පණය වීමට පියවර ගත්තේය’…

උවිදු විජේවීර ‘දෙවන පරපුර’ ලියාපදිංචි කරයි
|

උවිදු විජේවීර ‘දෙවන පරපුර’ ලියාපදිංචි කරයි

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා වන උවිදු විජේවීර මහතා විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා තිබේ. එම පක්ෂය ‘දෙවන පරපුර’ ලෙස මැතිවරණ කොමිසන් සභාවේ ලියාපදිංචි කර ඇත. ඔහුගේ පක්ෂය  ලියාපදිංචි පක්ෂ ලෙස පිළිගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. ඒ අනුව මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 දක්වා ඉහළ යයි.

වාහනයත් එක්ක පැන්ෂන් යන කාලේ ඉවරයි

වාහනයත් එක්ක පැන්ෂන් යන කාලේ ඉවරයි

රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් විශ්‍රාම යනවිට ඔවුන් භාවිතා කළ නිල වාහනවල හිමිකාරීත්වය පැවරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඉදිරියට රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් විශ්‍රාම යනවිට ඔවුන් ඒ දක්වා පාවිච්චි කළ වාහනය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වේ.