සීමා නිර්ණ කමිටුව යොදාගෙන පළාත් පාලන ඡන්දය කල් දාන්න බෑ!

election

පළාත් පාලන ආයතනයන්හි සභිකයින් අඩු කිරීම පිනිස සීමා නිර්ණ කමිටුවක් පත් කර තිබෙන නමුත් පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරීමට සීමා නිර්ණ කමිටුව යොදාගත නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා සදහන් කළේය. යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභා යෝජනා විධිමත්ව ක්‍රියාවට නැගීම සඳහා නිර්මිත මැතිවරණ කොමිෂන් සභා ක්‍රියා මාර්ග ජනගත කිරීමේ සංවාද මාලාවෙහි දිස්ත්‍රික් මට්ටමේ 24 වැන්න ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් පැවති අවස්ථාවේදී සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. 2017 වසරේදී පළාත් පාලන ආයතනවල සභිකයින් 40%කින් වැඩි කිරීම කිසිදු තේරුමක් නැති බව සදහන් කළ සභාපතිවරයා , මේ පිළිබඳව මැතිවරණ…

Read More

බිත්තර සංගම් නව මිලට එකඟ නොවෙයි

eggs

පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඉදිරිපත් කරන ලද බිත්තර සඳහා වූ නව සංශෝධිත මිල ගණන් සම්බන්ධයෙන් එකගවිය නොහැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. ඒ, අදාළ නඩුව ප්‍රසන්ත ද සිල්වා සහ ඛේමා ස්වර්ණාධිපතිගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි. එම අවස්ථාවේදී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ  පාරිභෝගික සේවා කවුන්සිලය විසින් සුදු බිත්තරයක් සඳහා රුපියල් 42 ක්, රතු බිත්තරයක් සඳහා රුපියල් 44ක උපරිම සිල්ලර මිල නියම කිරීමට තීරණය කළ බවයි. එම අවස්ථාවේදී බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා…

Read More

ඇපල් ඉල්ලන විශ්වවිද්‍යාල ආචාර්යවරු

apple-proff

මේ වෙනකොට සමාජ මාධ්‍යවල අහන්න ලැබෙන අඳෝනා වැඩි හරියක් සිදුවෙමින් තිබෙන පරිවර්තනයේ වේදනාකාරී ප්‍රතිඵල. පරිවර්තනය හමුවේ ගතානුගතික මිනිස්සු පැරණි තත්වය අපට දියව් කියලා අඬාවැටෙනවා. ඒ අයට නායකත්වය දෙන්නෙ වාමාංශිකයන්. ඒ අය අතර ඉන්න කවියන් වගේ අය අහිමි වූ ජීවිතය ගැන රොමැන්තික විදියට කවි කතා ලියනවා. මිනිසුන් කුපිත කරන්නට තමයි උත්සාහ කරන්නෙ. හැබැයි, තිබුණු ජීවිතේ ආපහු ලබාගන්න ක්‍රමයක් නැහැ. වාමාංශිකයන් බලය ගත්තත් ඒක එහෙමම තමයි. ඒකට හේතුව තමයි ඒ ජීවිතයට පදනම් වුණ තත්වය වෙනස් වෙලා. පදනම වෙනස් වුණාම පැරණි තත්වය තවදුරටත් පවත්වාගෙන යන්න බැහැ. අලුත් වෙන්නම වෙනවා. මුලින් බැහැ කියලා අඬාවැටුණට…

Read More

අවිධිමත් කම්කරුවන් සදහා ස්වයං රැකියා ව්‍යාපෘතියක්

onlinejobbank

අවිධිමත් කම්කරුවන්ගේ ජිවන තත්වයන් නගා සිටුවිමේ අරමුණ මත එම අවිධිමත් කම්කරුවන් සදහා ස්වයං රැකියා ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් ශාඛාව මගින් සැලසුම් කර ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු එම සංගමයේ උප සභාපති එම්. මෛයිදිලි මහත්මිය පවසන ලද්දේ ප්‍රොටෙක්ට් සංගමයේ සමාජිකත්වය දරණ අවිධිමත් කම්කරුවන්ගේ ජිවන තත්වයන් නගා සිටුවිම සදහා ස්වයං රැකියා ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බවත්ය. ඒ අනුව හැටන්, දික්ඔය, ගිනිගත්හේන, මස්කෙළිය, ලක්ෂපාන යන ප්‍රදේශවල ජංගම වෙළදාම සදහා කරත්ත කිපයක් ලබා දිමට සැලසුම් කර ඇති බවත් ඒ සදහා අදාල පලාත් පාලන ආයතනවලින් අවසර ලබා ගැනිමටද ඉල්ලුම් කර…

Read More

පච වපුරා ‘සමාජවාදය’ නෙළාගත නොහැකි ය

socialism

මෙරට ආර්ථිකය අද තිබෙන්නේ ඉතාමත් භයානක අර්බුදයක බවට විවාදයක් නැත. දැන් තිබෙන්නේ අර්බුදයෙන් ගොඩ එන මං සොයාගෙන ඒ අනුව කටයුතු කිරීමට ය. ඒ සඳහා සත්‍යය සොයාගත යුතු ය. එලෙස සත්‍යය සෙවීමට ප්‍රධාන බාධකයක් වී තිබෙන්නේ අර්බුදය තුළ තම දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාවට නැගීමට කැස කවන උදවිය විවිධාකාර අසත්‍ය තොරතුරු සහ විකෘති කිරීම් සමාජගත කරමින් සිටීම ය. දැන් ඇතිව තිබෙන අර්බුදය බරපතළ ය. එයට අතීතයේ ගත් වැරදි දේශපාලන ආර්ථික ක්‍රියාමාර්ග හේතු වූ බවට ද සැකයක් නැත. නමුත් ඒ නිසා අතීතයේ සියලු දේ වැරදියි කියමින් බැන වැදීමෙන් පලක් නැත. අවශ්‍ය වන්නේ සිදු…

Read More