onlinejobbank

අවිධිමත් කම්කරුවන්ගේ ජිවන තත්වයන් නගා සිටුවිමේ අරමුණ මත එම අවිධිමත් කම්කරුවන් සදහා ස්වයං රැකියා ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් ශාඛාව මගින් සැලසුම් කර ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු එම සංගමයේ උප සභාපති එම්. මෛයිදිලි මහත්මිය පවසන ලද්දේ ප්‍රොටෙක්ට් සංගමයේ සමාජිකත්වය දරණ අවිධිමත් කම්කරුවන්ගේ ජිවන තත්වයන් නගා සිටුවිම සදහා ස්වයං රැකියා ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බවත්ය.

ඒ අනුව හැටන්, දික්ඔය, ගිනිගත්හේන, මස්කෙළිය, ලක්ෂපාන යන ප්‍රදේශවල ජංගම වෙළදාම සදහා කරත්ත කිපයක් ලබා දිමට සැලසුම් කර ඇති බවත් ඒ සදහා අදාල පලාත් පාලන ආයතනවලින් අවසර ලබා ගැනිමටද ඉල්ලුම් කර ඇති බවත්ය.

එම පලාත් පාලන ආයතනවලින් ඒ සදහා අවසර ලැබිමෙන් පසු එම ස්වයං රැකියා ව්‍යාපෘති ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බවත් ඒ තුලින් අවිධිමත් කම්කරුවන්ගේ ජිවන තත්වයන් යම් දුරකට හෝ නගා සිටුවිම ප්‍රොටෙක්ට් සංගමයේ අරමුණ බවද මෛයිදිලි මහත්මිය වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts