මැතිවරණ කොමිසම ගැන ව්‍යවස්ථා සභාවෙන් ප්‍රකාශයක්

mathiwarana komisin sabawa

මැතිවරණ කොමිසමේ සාමාජිකාවක ඉල්ලා අස්වී ඇතැයි මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවසයි. මේ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දුන් පසු සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ‍ය.

Read More

විදුලිය කැපුවොත් මණ්ඩලය නීතිය ඉදිරියට

power-cut

මෙම කාලසීමාවේදී අඛණ්ඩ විදුලි සැපයුම කෙරෙහි ව්‍යාකූල තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ ඇමතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා අද (28) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, එකඟවූ පරිදි අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට අසමත් වූවහොත් විදුලිබල මණ්ඩලය නීතිය ඉදිරියට ගෙනයන බවය.

Read More

සද්දන්ත කුලයේ කදුලු කතාව

සාමාන්‍යයෙන් අපි හැමෝම අලින්ට ආදරෙයි නේ ද? පොඩි කාලෙ තමයි ලංකාවෙ මිනිස්සු සත්තුන්ට ආදරේ ගස් වැල් වලට ආදරේ එහෙම. වයසින් වැඩි වෙනකොට ඒ සංවේදීතාවය හරි අඩුයි. අර පොඩි කාලෙ පත රචනා ලිව්ව කට්ටිය සත්තු මරනව, ගස් කපනව, කුණු තැන තැන දානව.. හරිම ආත්මාර්ථකාමී නේ ද අපි. නමුත් ඔයාල දන්නව ද මෑත කාලීනව ලංකාවෙ වන අලින්ට මූණ පාන්න වෙලා තියෙන ගැටලුව? හරි අපි මෙහෙම කියමුකෝ හැමදාම ලංකාවෙ හවසට ප්‍රවෘත්ති වලට නැත්‍නම් පත්තර වල මොනතරම් යනව ද අලි -මිනිස් ගැටුම ගැන නේද? ඒව ඇහුව ම මිනිස්සුන්ට කේන්ති යනව. ගෙවල් කඩල මිනිස්සු මරල…

Read More