විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, විදුලිබල මණ්ඩලයේ සභාපති සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වග උත්තකරකරුවන් ලෙස නම්කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.
Read MoreDay: January 30, 2023
ව්‍යවස්ථා සභාව අද යළි රැස්වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (30) රැස්වීමට නියමිතව තිබේ. අද පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගිය 25 වනදා පළමු වරට රැස් වූ අතර ඊට එම සභාව නියෝජනය කරන සාමාජිකයින් 9 දෙනෙකු පමණක් සහභාගී වී තිබුණි. මේ දක්වාත් සුළු පක්ෂ නියෝජනය කරන නියෝජිතයා පත් නොකිරීම හේතුවෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව මෙලෙස සාමාජිකයින් 9 දෙනෙකුගෙන් පමණක් රැස්වී තිබු බව සඳහන්ය. එහිදි කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡාවට ලක්වු අතර අද දිනයේ දි තවදුරටත් ඒ…
Read Moreඋපාධිධාරීන්ට ගුරු පත්වීම් – අයැදුම් කරන්නේ මෙහෙමයි
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් 26,000ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අයැදුම්පත් කැඳවා තිබේ. 2018, 2019, 2020 යන කාල පරිච්ඡේද තුළදී රාජ්‍ය සේවයට එක්වූ සංවර්ධන නිලධාරීන් ඇතුළු අවුරුදු 40ට අඩු උපාධිධාරීන්ගෙන් එසේ අයැදුම්පත් කැඳවා තිබේ. ලැබෙන අයැදුම්පත් සංඛ්‍යාව පිළිබඳව අවධානය යොමු කරමින් ලබන මාර්තු මාසයේදී දීප ව්‍යාප්ත මට්ටමින් මෙම බඳවා ගැනීමේ තරග විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇත. පළාත් පාසල් සඳහා පළාත් මට්ටමිනුත් ජාතික පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මට්ටමිනුත් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර සම්මුඛ පරීක්ෂණවල ලකුණු පළාත් මට්ටමින් නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ. තරග…
Read Moreවෘත්තීය සමිති එකමුතුවේ විශේෂ හමුවක් අද
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින්ගේ විශේෂ හමුවක් අද (30)පැවැත්වෙයි. ඒ, රුපියල් ලක්ෂය ඉක්මවන මාසික ආදායම් මත 6% සිට 36% දක්වා බදු අයකරන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නැයි බලකරමින් පසුගිය සතියේ ක්‍රියාත්මක කළ කළු විරෝධතා සතියේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ය. වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කළේ, මෙම හමුව සඳහා වෘත්තීය සමිති 30ක පමණ නියෝජිතයින් සහභාගි වීමට නියමිත බවයි.
Read More