gossip hot news sri lanka

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් 26,000ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අයැදුම්පත් කැඳවා තිබේ.

2018, 2019, 2020 යන කාල පරිච්ඡේද තුළදී රාජ්‍ය සේවයට එක්වූ සංවර්ධන නිලධාරීන් ඇතුළු අවුරුදු 40ට අඩු උපාධිධාරීන්ගෙන් එසේ අයැදුම්පත් කැඳවා තිබේ.

ලැබෙන අයැදුම්පත් සංඛ්‍යාව පිළිබඳව අවධානය යොමු කරමින් ලබන මාර්තු මාසයේදී දීප ව්‍යාප්ත මට්ටමින් මෙම බඳවා ගැනීමේ තරග විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පළාත් පාසල් සඳහා පළාත් මට්ටමිනුත් ජාතික පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මට්ටමිනුත් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර සම්මුඛ පරීක්ෂණවල ලකුණු පළාත් මට්ටමින් නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.

තරග විභාගයෙන් සමත් වන උපාධිධාරීන් වසර තුනක පරිවාස කාලයකට යටත් කිරීමෙන් පසු ගුරුවරුන් ලෙස ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ගැනීමට නියමිත අතර වසර 5ක් සේවය කිරීම සඳහා කැමති පළාතක් තෝරා ගැනීමට ඔවුන්ට අවස්ථාව සලසා දී ඇත.

සියලු ම අයැදුම්පත් පෙබරවාරි මස 10 දිනට පෙර ඉන්ටර්නෙට් ඔස්සේ (http://applicationsdoenets.lk/exams) පමණක් ඉල්ලුම් කළ යුතු බව අධ්‍යාපන ඇමතිවරයා පැවසීය.

මහනුවර දළදා මාලිගාවේ ඊයේ (29) පැවති 195 වන පිරිවෙන් අධ්‍යාපන බල මණ්ඩල රැස්වීමට සහභාගි වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

Similar Posts