විදේශ කටයුතු අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් කොන්සුලර් අංශයේ ලේඛන සත්‍යාපන කටයුතු වලට බාධා පැමිණ ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. කොළඹ පිහිටි කාර්යාලයේ මෙන්ම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල කටයුතුවලටද මේ හේතුවෙන් බාධා පැමිණ ඇති බවත් පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් හදිසි ලේඛන පමණක් ක්‍රියාවලියට යටත් කරන බවද අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කොන්සල් කාර්යාල මඟින් ලබා ගත හැකි බවද විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. එම පරිගණක පද්ධතියේ හටගත් දෝෂය යථා තත්ත්වයට පත් කෙරුණු පසුව දැනුම්දෙන අතර…
Read MoreDay: May 10, 2023
සමලිංගික නීති සම්මතයට ජනමත විචාරණ අවශ්‍ය නැහැ-ශ්‍රේෂ්ඨාධිකරණය
ශ්‍රේෂ්ඨාධිකරණය සමලිංගික සබඳතා නීතිගත කිරීමේ මාර්ගය පෙන්වා දී ඇති බවත්, ඒසේම පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් අදාල පනත සම්මත කරගැනීමෙන් එය කළ හැකි ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි කළ බවත්, කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දෙන ලදි. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පිටු 43 කින් යුත් සම්පූර්ණ තීන්දුවක් මගින් මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හෝ ජාතික ජනමත විචාරණයක් මෙම පනත සම්මත කරගැනීම සඳහා අවශ්‍ය නොවන බවත් තීන්දු කර ඇත. අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ විජිත් මලල්ගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළහ. මුලදී සම ලිංගික සම්බන්ධතා සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය…
Read Moreදුම්රිය කිහිපයක ධාවනය අවලංගු කරයි
දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගීන් දැඩි පිඩාවට පත්ව තිබේ. මෙම සංකේත වර්ජනය හේතුවෙන් අද දින ධාවනය වීමට තිබූ කාර්යාල දුම්රිය ගමන්වාර 5ක් අවලංගු කර ඇති බවත් එමගින් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. නානුඔය සිට මහනුවර දක්වා සහ කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය අද ධාවනය නොවන බවත් ගනේවත්ත සිට කොළඹ කොටුව සහ පානදුර දක්වා පෙ.ව 3.55ට ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය අද ධාවනය නොවන…
Read Moreහදිසියේම කාලගුණයෙන් රතු නිවේදනයක්.!
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය අද (10) දිනය වනවිට සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වීම නිසා ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහු දින ධීවර යාත්‍රා සඳහා “රතු නිවේදනයක්” නිකුත් කරමින් සැලකිලිමත් වන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. උතුරු අක්ෂාංශ 02ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 85 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින්විට එය පැයට කිලෝමීටර 70ක් දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…
Read Moreඩෙංගු ව්‍යාප්තියේ වැඩිම බලපෑම පාසැල් සිසුන්ට
මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් සියයට 25 ක් පාසල් වයස් සීමාවේ දරුවන් බව සෞඛ්‍ය කීට විද්‍යා සංගමය පවසයි. එහි ජාතික සංවිධායක දිස්නක දිසානායක පැවසුවේ කීට විද්‍යා නිලධාරීන් දිවයින පුරා පාසල් තුළ සිදුකළ සමීක්ෂණවලදී අදාළ පාසල්වලින් සියයට 99 කින්ම මදුරු කීටයින් සොයා ගෙන ඇති බවයි. කීට විද්‍යා නිලධාරීන් ලබාදෙන දත්ත නිසියාකාරව පරිශීලනය නොකිරීම, ක්ෂේත්‍ර නිලධාරීන් සමග එක්ව තීන්දු තීරණ නොගැනීම හා දූමායන කටයුතු සම්බන්ධයෙන් පවතින අවධානය අඩුවීම ඩෙංගු රෝග ව්‍යාප්තියට බලපා ඇති බව ද ප්‍රකාශ කරයි. ඩෙංගු ව්‍යාප්තිය පාළනය සඳහා පූර්වාරක්ෂක පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින්…
Read Moreඩෙංගු මර්දන වැඩසටහනට පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සහාය
ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා සියලු පූර්වාරක්ෂක පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාසියලු පළාත් ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දුන්නේය. ඩෙංගු මර්දන වැඩසටහන සඳහා අවශ්‍යතාව අනුව, ප්‍රධාන ලේකම්වරුන්ට උපරිම සහාය ලබා දෙන ලෙස ද ජනාධිපති ලේකම්වරයා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට උපදෙස් දී ඇත. ගෙවී ගිය සතිය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 1896ක් වාර්තා වී අතර සමස්ත රෝගීන් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. එය ආසන්න ප්‍රතිශතයක් ලෙස 49% ඉක්මවා ඇත. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 21%ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 18%ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 7%ක්…
Read More