රුසියාවේ යුද නෞකාවකට යුක්රේනයෙන් ප්‍රහාරයක්

රුසියානු යුද නෞකාවක් වන “අයිවන් හර්ස්” බොස්ෆරස් සමුද්‍ර සන්ධියට ළඟා වෙමින් සිටියදී කළු මුහුදේදී යුක්‍රේන කාර්ය මණ්ඩලයක් නොමැති ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත. එම යුධ නෞකාව රුසියාවේ සිට තුර්කිය වෙත ගෑස් රැගෙන යන ටර්ක්ස්ට්‍රීම් සහ බ්ලූ ස්ට්‍රීම් ගෑස් නල මාර්ග ආරක්ෂා කරමින් සිටින අවස්ථාවේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි. ප්‍රහාරයට ලක්වු රුසියාවේ “අයිවන් හර්ස්” නෞකාව යනු පසුගිය 2013 වසරේදී දියත් කරන ලද මධ්‍යම ඔත්තු බැලීමේ යුද නෞකාවක් බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

Read More

පොසොන් දන්සල් පැවැත්වීමට අවසර ලබාදීම ගැන දැනුම්දීමක්

පොසොන් උත්සවය වෙනුවෙන් පවත්වන දන්සල් පිළිබඳ තොරතුරු තම ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල සේවය කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට දැන්විය යුතු බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි. මේ ආකාරයට තොරතුරු ලබා දෙන සෑම ප්‍රද්ගලයෙකුමට සෞඛ්‍ය ආරක්ෂිතව දන්සලක් පවත්වාගෙන යන ආකරය පිළිබඳව උපදෙස් ලබා දිමට කටයුතු කරන බවද එම සංගමයේ ලේකම් මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. අයි. බෝපිටියගේ මහතා සඳහන් කරයි. පොසෙන් උත්සවය වෙනුවෙන් පවත්වන සියලුම දන්සල අදාළ දිනවලදි පරික්ෂාවකට ලක් කරන බවත් ඒ සදහා දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 2,400 ක් සේවයේ යොදවන බව ද පවසන ලදි. දන්සලක්…

Read More

මත්පැන් අළෙවියෙන් බිලියන ගණනක් පාඩුයි

මත්පැන් අළෙවියෙන් වාර්ෂිකව රුපියල් බිලියන 300කට වඩා අධිකවූ බදු ආදායමක් ලැබීමේ හැකියාව තිබිය දී මේ වනවිට සුරාබදු දෙපාර්තමේන්තුව මගින් බදු ලෙස රජයට උපයා දෙන්නේ රුපියල් බිලියන 170 කටත් අඩු මුදලක් බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් ප්‍රනාන්දු පැවසීය. සුරාබදු පනත බරපතළ ආකාරයෙන් උල්ලංඝනය කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් නිෂ්පාදන සමාගම්වලට මත්පැන් සිල්ලර අළෙවිය සඳහා බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු අක්‍රමිකතා රැසක් හේතුවෙන් රජයට වසරකට රුපියල් බිලියන 130කට වඩා වැඩි බදු මුදලක් අහිමි වන බවද ඔහු පැවසුවේය. ඇල්කොහොල් සඳහා කෘතිම රා නිෂ්පාදනයේ දී ශරීර සෞඛ්‍යයට අහිතකර නොයෙකුත් විෂ ද්‍රව්‍ය…

Read More

යුපුන් අවසන් මහා තරගයට

ඉතාලියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියක මීටර් 100 අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්විය. 12° MEETING INTERNAZIONALE “CITTÀ DI SAVONA” මලල ක්‍රීඩා තරගාවලියේ පළමු වටයේ තරගයකින් දෙවන ස්ථානය හිමිකරගනිමින් ඔහු මෙලෙස එහි අවසන් වටයට සුදුසුකම් ලබාගත්තේය. එහිදී යුපුන් වාර්තා කළ කාලය තත්ත්පර 10.04කි.

Read More