මේක සැලසුම් සහගත දේශපාලන දඩයමක්…!

-රසික ජයකොඩි- මෑත කාලයේ ආණ්ඩුවට තියුණු විවේචනයක් එල්ල කළ ඩිජිටල් මාධ්‍යවේදියෙකු වන බෲනෝ දිවාකර අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේක තවදුරටත් ආගමික ප්‍රශ්නයක් මත පදනම් වූ විමර්ශනයක් කියලා පෙනෙන්නේ නැහැ. මේක සැලසුම් සහගතව සිදුවන දේශපාලන දඩයමක් බව පෙනෙන්න තියෙනවා. නතාෂා එදිරිසූරියගේ කොමඩිය නිසා බෞද්ධයන්ගෙන් සැළකිය යුතු පිරිසකට සාධාරණ සිත් රිදවීමක් සිදුව තිබෙනවා. ඒත් දැන් සිදුවන්නේ ඒ ප්‍රකාශය නිසා බොර වුණු දියේ වෙනත් අය තමන්ට කැමති විදියට මාළු බෑමයි. නො එසේ නම් ඒ ප්‍රශ්නය පිටින් දමා තමන්ට තියෙන වෙනත් දේශපාලන ඇරියස් කවර් කරගැනීමයි. මේ වන විට ලංකාව තියෙන්නේ විශාල ආර්ථික ගිනි කන්දක් උඩයි.…

Read More

ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු පිරිස මෙන්න

ක්ෂේත්‍ර කිහිපයක නියැලෙන තැනැත්තන් අද (01) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරී, බැංකු, වාස්තු විද්‍යාඥ යන ඇතුළු ක්ෂේත්‍රයන්ද මෙයට ඇතුලත්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. අදාළ ගැසට් නිවේදනය අනුව මෙලෙස ‌දේශීය ආදායම් කොමසාරිස්වවරයා වෙත ලියාපදිංචි වීම අනිවාර්ය වන පිරිස පහතින්. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි සාමාජිකයින් ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයින් ශ්‍රී ලංකා වාස්තු…

Read More

ලංකාව ණය ගෙවල ඉවර කරන්නේ කවදාද?

ලංකාවේ ණය ප්‍රශ්නය ගැන ඕනෑ තරම් කතා කරලා තියෙනවනේ. රජයේ ණය නිසා රට අර්බුදයකට ගියා. දැන්, IMF එකේ උදවු සහ තවත් දේවල් නිසා ආර්ථිකය ස්ථාවර වෙමින් පවතිනවා. හැබැයි IMF එක දුන්නෙත් ණයනේ. ඔය ණයත් ආපහු ගෙවන්න වෙනවා. කලින් කළේ අලුත් ණය අරගෙන පරණ ණය ගෙවන එක. දැන් කරන්නෙත් අලුත් ණය අරගෙන පරණ ණය ගෙවන එක. කලින් අලුත් ණය අරගෙන පරණ ණය හා පොලී ගෙවද්දී ණය එන්න එන්නම වැඩි වුනා. අන්තිමට ණය තිරසාරත්වය නැති වෙලා ණය පැහැර හරින්න සිදු වුනා. දැන් අලුත් ණය අරගෙන පරණ ණය හා පොලී ගෙවද්දීත් ණය එන්න…

Read More

ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

dengue treatment

දෛනිකව රෝහල් ගතවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පසුගිය සති කිහිපයට සාපේක්ෂව වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, මෙම සතිය තුළ ‍රෝහල්ගත වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 800 ඉක්මවා ඇති බවයි. මේ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 24ක පමණ පසුගිය සතියට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන බව වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා පැවසීය. වසරේ මේ දක්වා හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 39,028කි.

Read More

ප්‍රංශය ම පෑනෙන් ඇල්ලූ, ජේත්තුකාර පත්තරකාරයා “බෙල් අමී”

සර්වකාලීන පුද්ගල චරිතයකට පණදුන් ප්‍රංශ මහා සාහිත්‍යය කරු මෝපසාං. එදා පැරිසිය අද කොළඔ ද දිල්ලිය ද මතු නොව ලොව තවත් මහා නගරවල ද සැරිසරන “ජෝර්ජස් ඩියුරෝ යි ලා” ලෝක සම්භාව්‍ය සාහිත්‍යයේ අද්විතීය ස්ථානයක් හිමි කර ගත් ප්‍රංශ මහා ලේඛක ගී ද මෝපසාං ගේ [Guy de Maupassant] විශිෂ්ටතම නවකතාව, Bel Ami හෙවත් පෙම්බර මිතුරා. ලොව විශිෂ්ට සාහිත්‍යකරු ගී ද මෝපසාං ගේ සාහිත්‍ය ජීවිතය තුළ ලියන්නට යෙදුණු නව කතා හය අතුරින් බෙල් අමී නවකතාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක් බව ලොව පාඨක විචාර මතයයි. සම්පූර්ණ විවෘතභාවයකින් යුතුව එවකට පැරිසියේ පැවති දූෂිත සමාජ සම්මතයන්…

Read More

විකාශන අධිකාරි පනත් කෙටුම්පත ගැන අධ්‍යනයට කමිටුවක්

mice-sound

යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත ඇතුළු ඉදිරියේදී ආණ්ඩුව ගෙන ඒමට යෝජිත ‍පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ එකමුතුව කමිටු කිහිපයක් පත් කර තිබේ. ඒ අනුව යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා වන කමිටුව පත් කර ඇත්තේ, මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ය. එහි සෙසු සාමාජිකයින් ලෙස ඉම්තියාස් බාකිර් මාකර්, ගයන්ත කරුණාතිලක, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න ඇතුළු මන්ත්‍රීවරුන් පත් කර තිබේ. අදාළ කමිටුව මේ වනවිට යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විවිධ පාර්ශ්වවලින් අදහස් විමසීම ආරම්භ කර ඇතැයි එහි ප්‍රකාශකයකු පැවසීය. අධිකරණ…

Read More