රජය විසින් ඉකුත් වසර හතර තුළ (2019-2022) සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීම සඳහා විවිධ සමෘද්ධි සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 1260ක් වැය කර ඇතත් 95 වර්ෂයේදී හඳුනාගත් සමෘද්ධිලාභීන් 312,307 දෙනෙකු 2023 වර්ෂය වන විට ද සවිබල ගැන්වීමකින් තොරව තවදුරටත් සහනාධාර ලබමින් සිටින බව ද ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. මෙම සමෘද්ධිලාභීන් හඳුනා ගෙන වසර 29ක් ගතවී ඇතත් සවිබල ගැන්වීමකින් තොරව තවදුරටත් සහනාධාර ලබමින් ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2020, 2021, 2022 යන වර්ෂවල පිළිවෙළින් 1958ක්, 18,629ක් හා 21,189 දෙනෙකු වාර්ෂිකව…
Read MoreDay: September 19, 2023
ජීවිතය ඉල්ලන දරු පවුලක්
වන අලි ප්‍රහාරයකින් පාඩික්ගම ගම්මානයේ නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී දරුවන් සමග අසරණ වූ දෙමව්පියෝ ගසක් උඩ පිහිටි පැලක සිටින පුවතක් අපට මැදවච්චියෙන් වාර්තා විය. මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තුලාන අංක 54 හිරල්ලුගම වසමේ මෙම පාඩික්ගම ගම්මානය පිහිටා ඇත. ගොවිතැන මූලික ජීවනෝපාය වූ මෙම ගම්මානය දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවක් සිටින ගම්මානයක් බවට මැදවච්චියේ නම් දරා ද ඇත්තේ බලධාරීන් එම ගම්මානයට කුඩම්මාගේ සැලකිල්ල දක්වන නිසාවෙනි. එමන්ම දීර්ඝ කාලයක සිට ගොවීන් වගා කරමින් සිටි හේන් රක්ෂිත කරමින් අඩවි වන නිලධාරීන් විසින් ගම්වාසීන්ට සිදු කළ අසාධාරණයක ප්‍රතිඵලයක් ලෙස මෙම ගම්මානයට වල් අලි දිගෙන් දිගටම…
Read Moreණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන එකඟතාවක් නැතිව IMF ඉතිරි ණය වාරිකවලට යන්න බෑ
ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තවම එකඟතාවයක් නොමැති බවත් එසේ එකඟතාවයක් නොමැතිව අයි.එම්.එෆ්. ඉතිරි වාරිකවලට යා නොහැකි බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර තිබෙන කොන්දේසිවලින් ශ්‍රී ලංකාව සම්පූර්ණ කර ඇත්තේ සියයට 28 ත් 30ත් අතර ප්‍රමාණයක් බවත් පළමු කොන්දේසිය වන ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තවම එකඟතාවයක් නොමැති බවත් එම එකඟතාවය නැතුව දෙවන සහ තුන්වන වාරිකවලට යාමට නොහැකි බවත් මන්ත්‍රීවරයා කීවේය. ඒ පිළිබඳව…
Read More