පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අවලංගු වෙයි

parliament-of-sri-lanka

පළාත් පාලන මැතිවරණය සඳහා බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අනුමැතිය හිමිවිය. පළාත් පාලන මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන්, ඒ සඳහා නාමයෝජනා බාර දුන් අපේක්ෂකයින් මහත් අපහසුතාවයකට පත්ව ඇති බව එම කාරක සභාව පෙන්වා දුන්නේය. එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (20) රැස්විය.

Read More

අමන්ගල්ල හෝටලය ලෝකයේ හොඳම හෝටල් අතරට

amangalla-hotel-galle

මෙම වසරේ ලෝකයේ හොඳම හෝටල් 50 අතරින් 38 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අමන්ගල්ල හෝටලය සමත් වී ඇත. අමන්ගල්ල හෝටලය ගාල්ලේ පිහිටි සුඛෝපභෝගී හෝටලයකි. ලොව හොඳම හෝටල් 50 ඇකඩමිය විසින් මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත් කර ඇත.ලෝකය පුරා සිටින හෝටල් හිමිකරුවන් සහ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ වාර්තා කරනු ලබන මාධ්‍යවේදීන් ඇතුළුව හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් 580 දෙනෙකු ලොව හොඳම හෝටල් 50 ඇකඩමිය තුළ සිටී. ලොව හොඳම හෝටල් 50 ට ඇතුළත් වූ හෝටල් වෙත සුබ පැතුම් එක් කරමින් එම ඇකඩමිය ප්‍රකාශ කර ඇත්තේ සංචාරය කිරීමට ප්‍රිය කරන්නන්ට ඔවුන්ගේ ඊළඟ සංචාරයේදී අමතක නොවන අත්දැකීමක්…

Read More

කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

Water_Cut

ලබන 23 වන සෙනසුරාදා පස්වරු 6.00 සිට 24 වනදා උදෑසන 6.00 දක්වා පැය 12 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි. ඒ් අනුව කොළඹ 11, 12, 13, 14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත. ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ, අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

Read More

අන්තර්ජාලය හරහා සිදුකරන ක්‍රියාකාරකම් රැසක් වැරදි වශයෙන් පනත් කෙටුම්පතකින් ගැසට් කරයි

gazet

මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ නියමය අනුව, මාර්ගගත (Online) ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම, යම් ප්‍රකාශයක් හෝ සිද්ධියක් මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම, තහනම් කාර්යයන් සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණූම් භාවිත කිරීම වැළැක්වීම ඇතුළු කාරණා කිහිපයක් එහි සඳහන් ය. ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන පංච පුද්ගල කොමිෂන් සභාවක් යෝජිතව ඇති අතර එහි සාමාජිකයෙකුගේ ධුර කාලය වසර තුනකි. කොමිසමේ සාමජිකයින් තොරතරු තාක්ෂණය , නීතිය, පාලනය,සමාජ සේවා, පුවත්පත් කලාව, විද්‍යාව සහ තාක්ෂණවේදය හෝ කළමනාකරණය යන කේෂ්ත්‍රවල සුදුසුකම් හා පළපුරුද්දක් සහිත පුද්ගලයින්…

Read More

ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 10ක්

train engine india sri lanka train engine list train engine sri lanka

දුම්රිය එන්ජින් 10ක් මෙරටට ලබාදීමට ඉන්දියාව කැමැත්ත පළ කර තිබේ. දුම්රිය සාමාන්‍යධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා සඳහන් කළේ, ණය ආධාරයක් ලෙස එම දුම්රිය එන්ජින් මෙරටට ලැබෙන බවයි. ඒවා ගෙන ඒමට පෙර, තත්ත්ව පරීක්ෂාවක් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඉන්දියාව බලා යාමට නියමිතව ඇත. එන්ජින් නොමැතිවීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා මතුව ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ ය.

Read More