amangalla-hotel-galle

මෙම වසරේ ලෝකයේ හොඳම හෝටල් 50 අතරින් 38 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අමන්ගල්ල හෝටලය සමත් වී ඇත. අමන්ගල්ල හෝටලය ගාල්ලේ පිහිටි සුඛෝපභෝගී හෝටලයකි.

ලොව හොඳම හෝටල් 50 ඇකඩමිය විසින් මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත් කර ඇත.ලෝකය පුරා සිටින හෝටල් හිමිකරුවන් සහ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ වාර්තා කරනු ලබන මාධ්‍යවේදීන් ඇතුළුව හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් 580 දෙනෙකු ලොව හොඳම හෝටල් 50 ඇකඩමිය තුළ සිටී.

ලොව හොඳම හෝටල් 50 ට ඇතුළත් වූ හෝටල් වෙත සුබ පැතුම් එක් කරමින් එම ඇකඩමිය ප්‍රකාශ කර ඇත්තේ සංචාරය කිරීමට ප්‍රිය කරන්නන්ට ඔවුන්ගේ ඊළඟ සංචාරයේදී අමතක නොවන අත්දැකීමක් ලබා ගැනීමට මෙම ලැයිස්තුව උපකාරී වනු ඇති බවයි.

Similar Posts