ගූගල් සිතියම් මඟ පෙන්වීම් (Google Map) අනුගමනය කර තම මෝටර් රථය ධාවනය කරමින් සිටියදී කැඩුණු පාලමකින් වැටී මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් වන්දි ඉල්ලා පවුලේ සාමාජිකයන් google සමාගමට එරෙහිව නඩු පවරා තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ උතුරු කැරොලිනාවේ පදිංචිකරුවෙක්. තාක්ෂණික දැවැන්තයාට මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් නඩු පවරා ඇත්තේ නොසැලකිලිමත්කම සඳහායි. අදාළ පාලමේ කඩා වැටීම සම්බන්ධයෙන් දැනුවත්වී සිටිය ද එය සංචාලන පද්ධතිය තුළ (navigation system) යාවත්කාලීන කිරීමට අපොහොසත් වී ඇති බවටයි google සමාගමට චෝදනා එල්ලවී ඇත්තේ. වෛද්‍ය උපකරණ අලෙවිකරුවෙකු වන දෙදරු පියෙකු වූ පිලිප් පැක්සන්, 2022 වසරේ සැප්තැම්බර් මස 30 වනදා ඔහුගේ ජීප් රථයෙන්…
Read MoreDay: September 22, 2023
වතු කම්කරුවන්ට පර්චස් 10 බැගින් ඉඩම් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක්
පෞද්ගලික වැවිලි සමාගම් සතුව පවතින භාවිතයට නොගන්නා ඉඩම් පොදු අවශ්‍යතා සඳහා පවරා ගැනීමට සකස් කර ඇති නීති කෙටුම්පත කඩිනම් ගෙන ඒමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එක්වී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ යුතු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඔහුගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි. වතු පෞද්ගලීකරණය කිරීමෙන් පසු, ඒවායේ පවතින භාවිතයට නොගත් ඉඩම් පොදු අවශ්‍යතා සඳහා හෝ අත්පත් කර ගත නොහැකි බව සඳහන් කළ සභාපතිවරයා මෙම භාවිතයට නොගත් ඉඩම් ලබාගැනීම සඳහා පනතක් සකස් කිරීමේ වගකීම පසුගිය රජය…
Read Moreරෝහල් රැසක සෞඛ්‍ය සේවකයින් විරෝධතාවයේ නිරත වෙයි
රටපුරා රෝහල් රැසක සෞඛ්‍ය සේවකයෝ අද (22) කෑම පැයේදී රෝහල් අසල විරෝධතා පැවැත්වුහ. රෝහල්වල පවතින ඖෂධ හිඟය, වෛද්‍ය හිඟය සහ අනෙකුත් ගැටලු සඳහා බලධාරීන් වැඩි සැලකිල්ලක් නොදැක්වීම මෙම විරෝධයට හේතුව බව සෞඛ්‍ය සේවකයින් පවසයි. ඒ හේතුවෙන් රෝගීන් ගේ ජීවිත අනතුරුදායක තත්ත්වයක පවතින බව ඔවුන් පවසයි.
Read Moreසෞඛ්‍ය ගැටලුවලට විසඳුම් ඉල්ලා විරෝධතාවක්
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසකට කඩිනම් විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති රැසක් අද (22)දහවල් සෞඛ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබේ. සෞඛ්‍ය සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුව හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය සංවිධාන කර ඇති මෙම විරෝධතාව නම් කර ඇත්තේ ජාතික සෞඛ්‍ය විරෝධතා දිනය ලෙසයි. අද දහවල් 12 සිට එක දක්වා විරෝධතාව පැවැත්වෙනු ඇති. මෙම විරෝධතාවයේ විශේෂත්වය වන්නේ සෞඛ්‍ය වෘත්තීය සමිති සමග සිවිල් සංවිධාන හා ජනතාවද ඒකාබද්ධ වීමයි
Read More