google account google map google mail google play google sign in google chrome google colombia

ගූගල් සිතියම් මඟ පෙන්වීම් (Google Map) අනුගමනය කර තම මෝටර් රථය ධාවනය කරමින් සිටියදී කැඩුණු පාලමකින් වැටී මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් වන්දි ඉල්ලා පවුලේ සාමාජිකයන් google සමාගමට එරෙහිව නඩු පවරා තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ උතුරු කැරොලිනාවේ පදිංචිකරුවෙක්.

තාක්ෂණික දැවැන්තයාට මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් නඩු පවරා ඇත්තේ නොසැලකිලිමත්කම සඳහායි.

අදාළ පාලමේ කඩා වැටීම සම්බන්ධයෙන් දැනුවත්වී සිටිය ද එය සංචාලන පද්ධතිය තුළ (navigation system) යාවත්කාලීන කිරීමට අපොහොසත් වී ඇති බවටයි google සමාගමට චෝදනා එල්ලවී ඇත්තේ.

වෛද්‍ය උපකරණ අලෙවිකරුවෙකු වන දෙදරු පියෙකු වූ පිලිප් පැක්සන්, 2022 වසරේ සැප්තැම්බර් මස 30 වනදා ඔහුගේ ජීප් රථයෙන් යමින් සිටියදී එය සමග පාලමකින් ඇද වැටීමෙන් පසු දියේ ගිලී මිය ගොස් තිබෙනවා.

ඔහු තම දියණියගේ නවවන උපන්දින සාදය වෙනුවෙන් මීට පෙර ගමන් කර නොමැති අසල්වැසි ප්‍රදේශයක් හරහා නිවස බලා යමින් සිටියදී Google Maps වෙතින් ඔහුට වසර නවයකට පෙර කඩා වැටුණු අලුත්වැඩියා නොකළ පාලමක් හරහා යාමට උපදෙස් දුන් බවයි සඳහන් වන්නේ.

Similar Posts