ලංකා බැංකුවේ ශාකා කළමනාකරුවන්ට දේශපාලන බලපෑම්

BoC

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකා බැංකුවේ  ශාකා කළමනාකරුවන්ට විවිධ දේශපාලන බලපෑම් එල්ල කරමින් ඇතැම් පුද්ගලයින්ගේ අවශ්‍යතා ඉ‍ටු නොකිරීම නිසා කළමනාකරුවන් අත්තනෝමතික ලෙස මාරු කිරීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගමයක්  ගෙන ඇති බවත් මෙහි එක් අදියරක් ලෙස ඊයේ (20) දිනයේ කෑම පැයේ විරෝධතාවක් සංවිධානය කළ බවත් ලබන (22) දා පොලොන්නරුවදිස්ත්‍රිකයේ සියලුම බැංකු ශාකා වසා දමා සංකේත වැඩ වර්ජනයක් දියත් කරන බවත් ලංකා බැංකු සේවක සංගමය පවසයි.

එහි උප ලේකම් ධනංජය සිරිවර්ධන මහතා පැවසුවේ ඊයේ(20) දින සිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇත ලංකා බැංකුවේ සියලුම ශාකා දින 3ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවයි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් දේශපානඥයින්ගෙන් ශාකා කළමනාකරුවන්ට එල්ලවන බලපෑම් හා අනිසි ලෙස එක් එක් පුද්ගලයින්ට ණය නිකුත් නොකිරීම හේතුවෙන් කළමනාකරුවන් අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීමට එරෙහිව ඊයේ( 20) දවහවල් පොලොන්නරුව කදුරුවෙල ශාකාව අභියස විරෝධතා ව්‍යාපාරයක් දියත් කළ හ.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ලංකා බැංකු සේවක සංගමයේ උප ලේකම් ධනංජය සිරිවර්ධන මහතා මෙසේ ද කීය.

“අපි වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරගෙන තිබෙනවා ඊයේ දිනයේ සිට.ඊයේ දිනයේ කලු පටි පැළද ගෙන රාජකාරියට වාර්තා කළා. අපි කෑම පැයේ දී විරෝධතා ව්‍යාපාරයක් දියත් කළා.හෙටත් අපි විරෝධය පළ කරනවා.හෙට (22) දිනයේ අපි සංකේත එක් දින වර්ජනයකට යනවා.මේකට හේතු වෙලා තියෙන්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ කළමනාකාරිත්වය  විවිධ බලපෑම් මත අවිධිමත් බලපෑම් සිදු කරනවා.ලංකා බැංකුව කියන්නේ රාජ්‍ය බැංකුවක්.

ශ්‍රී ලංකා මහ බැංකුව තුළින් පාළනය වෙන්නේ.මහජන මුදල් මෙහි තිබෙන්නේ.නිලධාරින් මහ ජනතාවගේ මුදල් ආරක්ෂා කරමින් අදාළ චක්‍රලේඛ අනුව කටයුතු කරන්නේ.නමුත් අනිසි බලපෑම් මත ණය ලබා නොදීම නිසා අපේ සේවකයින් කළමනාකාරිත්වය විසින් ස්ථාන මාරු කරලා තියෙනවා.චක්‍රලේඛ උල්ලංගනය කරමින් අපේ සේවකයින්ට බලපෑම් කරනවා.

නීත්‍යානුකූලව අටයුතු කරන නිලධාරින් අත්තනෝමතිකව කටයුතු කරනවා.බැංකුවේ සභාපතිවරයා අත්තනෝමතික විදිහට තමන්ගේ රාජකාරිය පිළිබදව අවබෝධයකින් තොරව කටයුතු කරනවා.මේ නිසා මෙම විරෝධතාව ලංකාව පුරා ක්‍රියාත්මක වෙන්න පුළුවන්.

බැංකුවේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයට අත්තනෝමතික විදිහට ඇගිලි ගහනවා.අපි අද වගේම හෙටත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බැංකු ශාකා 19 ක මෙවැනි විරෝධතාවක් ක්‍රියාත්මක කරනවා.ලබන (22)දා අපි සංකේත වැඩ වර්ජනයකට යනවා.

හෙට (22) දිනයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම බැංකු ශාකා වසා දමා සංකේත වර්ජනයක් අපි ක්‍රියාත්මක කරනවා .මේ වන විට අපේ නිලධාරින් හා කළමනාකරුවන් 4ක් ස්ථාන මාරු කරලා තිබෙනවා.”පින්තූරවල දැක්වෙන්නේ එම විරෝධතාවේ අවස්ථා කිහිපයකි.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….