පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකා බැංකුවේ  ශාකා කළමනාකරුවන්ට විවිධ දේශපාලන බලපෑම් එල්ල කරමින් ඇතැම් පුද්ගලයින්ගේ අවශ්‍යතා ඉ‍ටු නොකිරීම නිසා කළමනාකරුවන් අත්තනෝමතික ලෙස මාරු කිරීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගමයක්  ගෙන ඇති බවත් මෙහි එක් අදියරක් ලෙස ඊයේ (20) දිනයේ කෑම පැයේ විරෝධතාවක් සංවිධානය කළ බවත් ලබන (22) දා පොලොන්නරුවදිස්ත්‍රිකයේ සියලුම බැංකු ශාකා වසා දමා සංකේත වැඩ වර්ජනයක් දියත් කරන බවත් ලංකා බැංකු සේවක සංගමය පවසයි.

එහි උප ලේකම් ධනංජය සිරිවර්ධන මහතා පැවසුවේ ඊයේ(20) දින සිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇත ලංකා බැංකුවේ සියලුම ශාකා දින 3ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවයි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් දේශපානඥයින්ගෙන් ශාකා කළමනාකරුවන්ට එල්ලවන බලපෑම් හා අනිසි ලෙස එක් එක් පුද්ගලයින්ට ණය නිකුත් නොකිරීම හේතුවෙන් කළමනාකරුවන් අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීමට එරෙහිව ඊයේ( 20) දවහවල් පොලොන්නරුව කදුරුවෙල ශාකාව අභියස විරෝධතා ව්‍යාපාරයක් දියත් කළ හ.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ලංකා බැංකු සේවක සංගමයේ උප ලේකම් ධනංජය සිරිවර්ධන මහතා මෙසේ ද කීය.

“අපි වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරගෙන තිබෙනවා ඊයේ දිනයේ සිට.ඊයේ දිනයේ කලු පටි පැළද ගෙන රාජකාරියට වාර්තා කළා. අපි කෑම පැයේ දී විරෝධතා ව්‍යාපාරයක් දියත් කළා.හෙටත් අපි විරෝධය පළ කරනවා.හෙට (22) දිනයේ අපි සංකේත එක් දින වර්ජනයකට යනවා.මේකට හේතු වෙලා තියෙන්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ කළමනාකාරිත්වය  විවිධ බලපෑම් මත අවිධිමත් බලපෑම් සිදු කරනවා.ලංකා බැංකුව කියන්නේ රාජ්‍ය බැංකුවක්.

ශ්‍රී ලංකා මහ බැංකුව තුළින් පාළනය වෙන්නේ.මහජන මුදල් මෙහි තිබෙන්නේ.නිලධාරින් මහ ජනතාවගේ මුදල් ආරක්ෂා කරමින් අදාළ චක්‍රලේඛ අනුව කටයුතු කරන්නේ.නමුත් අනිසි බලපෑම් මත ණය ලබා නොදීම නිසා අපේ සේවකයින් කළමනාකාරිත්වය විසින් ස්ථාන මාරු කරලා තියෙනවා.චක්‍රලේඛ උල්ලංගනය කරමින් අපේ සේවකයින්ට බලපෑම් කරනවා.

නීත්‍යානුකූලව අටයුතු කරන නිලධාරින් අත්තනෝමතිකව කටයුතු කරනවා.බැංකුවේ සභාපතිවරයා අත්තනෝමතික විදිහට තමන්ගේ රාජකාරිය පිළිබදව අවබෝධයකින් තොරව කටයුතු කරනවා.මේ නිසා මෙම විරෝධතාව ලංකාව පුරා ක්‍රියාත්මක වෙන්න පුළුවන්.

බැංකුවේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයට අත්තනෝමතික විදිහට ඇගිලි ගහනවා.අපි අද වගේම හෙටත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බැංකු ශාකා 19 ක මෙවැනි විරෝධතාවක් ක්‍රියාත්මක කරනවා.ලබන (22)දා අපි සංකේත වැඩ වර්ජනයකට යනවා.

හෙට (22) දිනයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම බැංකු ශාකා වසා දමා සංකේත වර්ජනයක් අපි ක්‍රියාත්මක කරනවා .මේ වන විට අපේ නිලධාරින් හා කළමනාකරුවන් 4ක් ස්ථාන මාරු කරලා තිබෙනවා.”පින්තූරවල දැක්වෙන්නේ එම විරෝධතාවේ අවස්ථා කිහිපයකි.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts