හෙද හිගය නිසා කොළඹ

staff

කොරෝනා වසංගතය හා දැඩි හෙද හිගය නිසා කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ හෙද නිලධාරිනියන් මුහුණ දී ඇති අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් . සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම්  එස්. බි. මැදිවත්ත මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරර සිටිති.

දීර්ඝ කාලයක සිට පවතින දැඩි හෙද හිගයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිසි විසදුම් නොලැබීමත්, අද වනවිට බරපතල ලෙස බස්නාහිර පලාත පුරා පැතිර යන #කොරෝනා වසංගතයත් හේතුවෙන් කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ සේවය කරන හෙද කාර්ය මණ්ඩලය දැඩි සේ පීඩාවට පත්ව ඇත.

මෙම තත්වයත් දිනපතා රෝහල් ගත වන මව්වරුන් ප‍්‍රමාණය වැඩි වීමත් නිසා හෙද කාර්ය මණ්ඩලයට රෝගී සත්කාර කටයුතු පවත්වාගෙන යාමේදී බරපතල දුෂ්කරතා ගණනාවකට මුහුණදීමට සිදුව ඇත.

රෝහල පවත්වාගෙන යාමට අවශ්‍ය හෙද නිලධාරීන් ප‍්‍රමාණය 335 ක් ලෙස ගණනය කර තිබුනද රෝහලේ සිටිනුයේ 264 ක හෙදියන් සංඛ්‍යාවක් බවත්, එයින්ද සියයකට ආසන්න පිරිසක් #කොරෝනා වසංගත තත්වය හා වෙනත් විවිධ හේතු නිසා සේවයට නොපැමිණෙන බවත් වාර්තා වේ.

හෙද කාර්ය මණ්ඩලයෙන් කොටසකට විශේෂ නිවාඩු ලබාදී කොටසක් පමණක් සේවයේ යොදවන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශය රෝහල් ප‍්‍රධානීන්ට චක‍්‍රලේඛ නිකුත් කර තිබුනද අවම තරමින් එම චක‍්‍රලේඛයෙන් ගර්භනී හා කුඩා බිළිදුන් සිටින හෙදි නිලධාරිනියන් සදහා ලබාදී ඇති සහනයන් හෝ ලබාගැනීමට ඔවුන්ට නොහැකි වීමෙන් කාන්තා රෝහලක් තුලම කාන්තා හෙදි නිලධාරීන් විශාල ප‍්‍රමාණයක් පීඩාවට පත්ව සිටී.

මේවනවිට හෝමාගම, මුල්ලේරියාව වැනි රෝහල්වල මාතෘ ඒකක වසා දමා ඇති බැවින් ප‍්‍රදේශයේ විශාල රෝගීන් ප‍්‍රමාණයක් සොයිසා කාන්තා රෝහල වෙත පැමිණේ. හෙද හිගයක් මධ්‍යයේ වූවද මෙම රෝහලේ හෙදි නිලධාරිනියන්ට මුල්ලේරියාව සහ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල්වල #කොරෝනා වාට්ටුවල සේවය කිරීමට සිදුව තිබීම තත්වය තවත් බරපතල කරවන්නකි.

වසංගත තත්වය වර්ධනය වන අවස්ථාවක සොයිසා කාන්තා රෝහලෙන්ද #කොරෝනා රෝගීන් වාර්තාවන පසුබිමක අවශ්‍ය කායික හා මානසික විවේකයකින් තොරව අඛණ්ඩ සේවා මුරවල නිරත වීමට සිදුවන තත්වයක සොයිසා කාන්තා රෝහලේ හෙද කාර්ය මණ්ඩලය දැඩි අනතුරක පසුවන බව ඔබතුමියට පෙන්වා දීමට කැමැත්තෙමු.

බාහිර සමාජයට වාර්තා නොවන ලෙස සොයිසා රෝහලේ තත්වය සඟවා තිබුනද වසංගතය දිනෙන් දින වර්ධනය වන තත්වයකදී රෝහලේ සේවය කරන හෙද කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පිළිබදව වෘත්තීය සමිතියක් ලෙස අප සංගමයට නිහඩව සිටිය නොහැක.

එබැවින් සොයිසා කාන්තා රෝහලට මේ මොහොතේ අවශ්‍ය යැයි කියන හෙදි නිලධාරීන් ප‍්‍රමාණය වන 50 ක ප‍්‍රමාණය ලබාදෙමින්, අනෙකුත් රෝහල්වල හෙද කාර්ය මණ්ඩලවලට කොරෝනා වසංගතය වෙනුවෙන් ලබාදී ඇති විශේෂ නිවාඩු හා වරප‍්‍රසාද මෙම රෝහලේ හෙදියන්ටත් ලබාදී ඔවුන් #කොරෝනා ආසාදිතයන් බවට පත්වීමේ අනතුරින් ගලවා ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස වගකීමෙන් යුතුව ඉල්ලා සිටිමු.

බෝගහගොඩ – ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….