සේනා දළඹුවා දුටු පමණින් කෘමිනාශක යෙදීම අනවශ්‍යයි

සේනා දළඹුවා දුටු පමණින් කළබලවී කෘමිනාශක යෙදීම අනවශ්‍ය බවත් අනිසි ලෙස කෘමිනාශක යෙදීමේදී වගාවට හිතකර කෘමින් විනාශවි තවත් හානිය වැඩිවීමක් සිදුවන බව මහ ඉලුප්පල්ලම කෂත්‍ර පර්යේෂන භෝග පර්යේෂන සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ හා පලිබෝධ පාලනය පිළිබඳව ප්‍රධාන කෘෂි විද්‍යාඥ නිශාන්ති ගුණවර්ධන මහත්මිය පැවසුවාය.

මේ වන විට රජරට ඇතුළුව දිවයිනේ විවිධ ප්‍රදේශවල බඩ ඉරිඟු වගාවන් පුරා පැතිර යන සේනා දළඹු හානිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විද්‍යාඥවරිය මේබව පැවසු අතර වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය.

බඩ ඉරිගු පත්‍ර විශාල ප්‍රමාණයක් මුල් අවදියේදී දළඹුවන් ආහාරයට ගත්තත් භෝගයේ වර්ධනයත් සමග සති හයක් අටක් යන විට භෝගයටම හානිය මග හරවා ගෙන ගහ පරිණතවි දළඹුවන් අඩුකර ගැනීමක් පෙන්නුම් කරනවා.

බඩ ඉරිඟු වගාවේ ප්‍රධාන ගැටළුවක් තමයි සේනා දළඹු හානිය.මේ කන්නයේදී බඩ ඉරිඟු වගාව ලංකාවේ විවිධ පළාත් වල සිදුකෙරුණා.විශේෂයෙන්ම අනුරාධපුර අම්පාර මොණරාගල බදුල්ල වගේ ප්‍රදේශවල.2018 වසරේ අග භාගයේ තමයි ලංකාවේ ප්‍රථම වරට සේනා දළඹු හානිය වාර්ථා වුණේ.

හානිය හදුනා ගැනීම සඳහා ගත යුතු ක්‍රියා මර්ග ඒකාබද්ධ පළිභෝද පැකේජයක් හදුන්වාදීලා අපිට පහුගිය කන්න දෙකේම දළඹුවා පාලනය කරන්න හැකි වුණා.විශේෂයෙන්ම අස්වනු හානිය සියයට පහකට වඩා අඩු අගයකට අඩුකර ගන්න හැකිවුණා.

අපි හානිය දුටු පමණින් කළබල වෙලා කෘමිනාශක යෙදීමට යන්න අවශ්‍ය නෑ.ගොඩක් වෙලාවට අනිසි ලෙස කෘමිනාශක යෙදුවොත් හානිය උග්‍රවීමක් සිදු වන්නේ.මේ දළඹුවන්ගේ ස්වාභාවික සතුරන්(වගාවට හිතකර සතුන්) මගින් දළඹුවන් පාලනය වීමක් සිදු වෙනවා.කෘමිනාශක යෙදුවොත් වගාවට හිතකර සතුන් විනාශ වෙලා දළඹු හානිය දැඩිව ව්‍යාප්ත වීමක් සිදුවෙන්න පුළුවන්.

පහුගිය කන්නයේදී අපි ඒකාබද්ධ ක්‍රමවේදයක් දළඹු පාලනයට හදුන්වා දුන්නා.එතනදී වැදගත්ම දේතමයි වගා කරන භූමියේ එක යායක ගොවීන් සියලු දෙනාම එකටම වගාව ආරම්භ කිරීම.විටින් විට කඩින් කඩ මේ වගාව ආරම්භ කිරීම නිසා හානිය වැඩි වීමට හේතුවක් වෙලා තියෙනවා.

හානිය මුල්ම අවධියේදී හානිය අඩු මට්ටමක තියෙනවා නම් වැලි,දහයියා අලු ගහේ ගොබයට ඉසීම කරන්න පුළුවන්.ඒ වගේ දේවල් වලින් හානිය තරමක් දුරට අඩු කර ගන්න පුළුවන්.ඒ වගේම කොහොඹ බීජ නිස්සාරක යොදලා සතියෙන් සතියට භෝගයට යෙදීමෙන් සතුන් පලවා හැරිය හැකියි.

ඒ වගේ ක්‍රමවේද භාවිතා කරලා හානිය යම් කිසි මට්ටමකට අවම කර ගත හැකියි.ඒ වගේම ලපටි අවස්ථාවේදී හානිය 20% කට වගේ දක්නට ලැබෙනවා නම් කෘෂි කර්ම දෙපාර්තමේන්තුව මගින් කෘමි නාශක වර්ග පහක් නිර්දේශ කරලා තියෙනවා.ඒවා මගින් සාර් ථකව කෘමින් පාලනය කළ හැකියි.

අනුරාධපුර එප්පාවල නල්ලමුදාව ගම්මානයේ බඩ ඉරිගු අක්කර 50 කට වැඩි ප්‍රමාණයක් පුරා සේනා දළමු වසංගතය පැතිරි ඇතැයි හේන් ගොවීන් පවසති.දින 03 /04 ක ඉඳන් කොළ පාටට තිබුණ බඩ ඉරිඟු ගස් සුදු පාට වෙන්න ගත්තා.

ඊ‌ට පස්සේ බඩ ඉරිඟු ගහේ ගොබය කඩලා බැලුවම පණුවෝ ඉන්නවා දැක්කා.කෘමිනාශක තෙල් ගෙනත් ගැහුවා ඒ තෙල් ගැහුවත් පණුවෝ අඩුවක් නෑ. ඒ විදිහටම ඉන්නවා.මේ දළඹුවා විනාශ කරන්න හැම දේම කළා නමුත් විනාශ කර ගන්න බැරි වුණා.

දැන් අපි අන්ත අසරණ වෙලා ඉන්නේ.මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා අපි ජනාධිපතිතුමන්ගෙන් හා කෘෂි බලධාරින්ගෙන් ඉල්ලනවා යැයි ගොවින් පැවසීය.

මේවනවිට මහවිලච්චිය ගොවි ජනපදයේ යාය පහ හය හත ඇතුළු ප්‍රදේශ රැසක සේනා දළඹු ආක්‍රමණ නිසා බඩ ඉරිගු වගාවට දැඩි හානි සිදුවෙමින් පවතින බව එම ප්‍රදේශයේ ගොවින් පැවසූහ.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….