අලි ගම් වැදීම පාලනය කිරීම සඳහා නවීන තාක්ෂණය

මහවැලි කලාපයේ  ගොවි ජනතාවගේ  සමාජීය  ප්‍රශ්නයක්ව පවතින වන අලි ගම් වැදීම පාලනය කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිත කර අලි වැට සංවර්ධනය කිරීමේ නියමු ව්‍යාපෘතිය ක් පොළොන්නරුව,  වැලිකන්ද, කන්දකාඩුව  ප්‍රදේශයේ දී මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භකෙරිණි..

මෙම ව්‍යාපෘතිය   ශ්‍රී ලංකා නව  නිපැයුම් කරුවන් ගේ කොමිසමේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහාය  ඇතිව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය  විසින් අරඹනු ලැබීය.

මෙම නියමු ව්‍යාපෘතිය ,  මඟින් සංවර්ධනය කෙරෙන  විදුලි වැට කිලෝමීටර් එකක දුරක් සඳහා  සාමාන්‍ය , විදුලි  වැට සඳහා  වැය කරන රුපියල් ලක්ෂ නවයක්  පමණ මුදල වෙනුවට  වැය වන්නේ  රුපියල් ලක්ෂ  හයක් වැනි මුදලකි.  එමෙන්ම  මෙම විදුලි  වැට හරහා  කිලෝ වොට් 17 ක උපරිමයක් දක්වා විදුලිය බල  ධාරිතාවක් යෙදවිය හැකිය.

එමගින් විදුලි   වැට  ස්පර්ශ කරන අලි න්ට, සාමාන්‍ය විදුලි  වැටට වඩා  වැඩි   විදුලි ධාරිතාවක්  නිකුත් කෙරේ. එමඟින්  වන අලි න්ට, ගම්මාන සඳහා  ඇතුළු  වීමේ ඉඩකඩ අහිමි වන අතරම , විදුලි  වැට ට, හානි කරන අවස්ථාව ද අහිමි කෙරේ.

දැනට පවතින විදුලි වැට මඟින් යෙදවෙන විදුලිය ධාරිතාව  කිලෝවොට් 6.6 ක් පමණ වේ.

කෙසේ වෙතත් මෙම  නියමු ව්‍යාපෘතියෙන් හඳුන්වා දෙන විදුලි  වැට හරහා යෙදවෙන ධාරිතාව අඩු වැඩි කිරීමේ හැකියාව පවතියි.එමෙන්ම නව නියමු ව්‍යාපෘතියෙන් හඳුන්වා දෙන  විදුලි  වැට  මඟින්, අලි විදුලි වැට ආසන්නයට පැමිණෙන  අවස්ථාවේ දී , ප්‍රදේශයේ  විදුලි වැට ආසන්නයේ සිටින පදිංචි කරුවන් ට ඒ පිළිබඳව   කෙටි පණිවුඩයක් නිකුත් කෙරේ.මෙම නියමු ව්‍යාපෘතිය යටතේ  කිලෝමීටර් 04 ක, දුරක් සංවර්ධනය කෙරේ.

එය නිරීක්ෂණය  කිරීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදුකරනු ඇත. ව්‍යාපෘතිය සාර්ථක වුව හොත් සියළු මහවැලි කලාප සඳහා  හඳුන්වා දෙන බව මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා සඳහන් කළේ ය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන් ගේ කොමිසමේ කොමසාරිස් ජනරාල් මහාචාර්ය  රංගික හල්වතුර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හයවෙනි  සැහැල්ලු සේවා බලකායේ , කන්දකාඩුව  කඳවුරේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ආචාර්ය නිශාන්ත මුත් තන්ත්‍රිගේ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පර්යේෂණ සංවර්ධන  හා  විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ කෞශල්‍යා විජේවීර, මහවැලි  බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු නොයෙල් ජයසිරි මහතා  ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.පින්තූරවල දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….