මහවැලි කලාපයේ  ගොවි ජනතාවගේ  සමාජීය  ප්‍රශ්නයක්ව පවතින වන අලි ගම් වැදීම පාලනය කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිත කර අලි වැට සංවර්ධනය කිරීමේ නියමු ව්‍යාපෘතිය ක් පොළොන්නරුව,  වැලිකන්ද, කන්දකාඩුව  ප්‍රදේශයේ දී මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භකෙරිණි..

මෙම ව්‍යාපෘතිය   ශ්‍රී ලංකා නව  නිපැයුම් කරුවන් ගේ කොමිසමේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහාය  ඇතිව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය  විසින් අරඹනු ලැබීය.

මෙම නියමු ව්‍යාපෘතිය ,  මඟින් සංවර්ධනය කෙරෙන  විදුලි වැට කිලෝමීටර් එකක දුරක් සඳහා  සාමාන්‍ය , විදුලි  වැට සඳහා  වැය කරන රුපියල් ලක්ෂ නවයක්  පමණ මුදල වෙනුවට  වැය වන්නේ  රුපියල් ලක්ෂ  හයක් වැනි මුදලකි.  එමෙන්ම  මෙම විදුලි  වැට හරහා  කිලෝ වොට් 17 ක උපරිමයක් දක්වා විදුලිය බල  ධාරිතාවක් යෙදවිය හැකිය.

එමගින් විදුලි   වැට  ස්පර්ශ කරන අලි න්ට, සාමාන්‍ය විදුලි  වැටට වඩා  වැඩි   විදුලි ධාරිතාවක්  නිකුත් කෙරේ. එමඟින්  වන අලි න්ට, ගම්මාන සඳහා  ඇතුළු  වීමේ ඉඩකඩ අහිමි වන අතරම , විදුලි  වැට ට, හානි කරන අවස්ථාව ද අහිමි කෙරේ.

දැනට පවතින විදුලි වැට මඟින් යෙදවෙන විදුලිය ධාරිතාව  කිලෝවොට් 6.6 ක් පමණ වේ.

කෙසේ වෙතත් මෙම  නියමු ව්‍යාපෘතියෙන් හඳුන්වා දෙන විදුලි  වැට හරහා යෙදවෙන ධාරිතාව අඩු වැඩි කිරීමේ හැකියාව පවතියි.එමෙන්ම නව නියමු ව්‍යාපෘතියෙන් හඳුන්වා දෙන  විදුලි  වැට  මඟින්, අලි විදුලි වැට ආසන්නයට පැමිණෙන  අවස්ථාවේ දී , ප්‍රදේශයේ  විදුලි වැට ආසන්නයේ සිටින පදිංචි කරුවන් ට ඒ පිළිබඳව   කෙටි පණිවුඩයක් නිකුත් කෙරේ.මෙම නියමු ව්‍යාපෘතිය යටතේ  කිලෝමීටර් 04 ක, දුරක් සංවර්ධනය කෙරේ.

එය නිරීක්ෂණය  කිරීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදුකරනු ඇත. ව්‍යාපෘතිය සාර්ථක වුව හොත් සියළු මහවැලි කලාප සඳහා  හඳුන්වා දෙන බව මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා සඳහන් කළේ ය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන් ගේ කොමිසමේ කොමසාරිස් ජනරාල් මහාචාර්ය  රංගික හල්වතුර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හයවෙනි  සැහැල්ලු සේවා බලකායේ , කන්දකාඩුව  කඳවුරේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ආචාර්ය නිශාන්ත මුත් තන්ත්‍රිගේ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පර්යේෂණ සංවර්ධන  හා  විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ කෞශල්‍යා විජේවීර, මහවැලි  බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු නොයෙල් ජයසිරි මහතා  ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.පින්තූරවල දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts