කස්සප හිමි ප්‍රමුඛ නිලධාරින් නවාතැන්ගෙන සිටි නිවාඩු නිකේතනයක බීමතින් යකානටයි

niwadu-nikethanaya

රාජකාරි කටයුත්තකට පැමිණි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ බුද්ධශාෂන හා ආගමික කටයුතු පිළිබද ලේකම් පූජ්‍ය අග්ගාරේ කස්සප හිමිපානන් ප්‍රමුඛ නිලධාරින් නවාතැන්ගෙන සිටි සුඛෝපභෝගි නිවාඩු නිකේතනයක බීමතින් යකානටා දේපළවලට අලාභහානි සිදුකළ මිහින්තලය ප්‍රාදේශිය සභාවේ ලාබාල මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනෙකුට එරෙහිව පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිල්ලක් ලැබී තිබේ.

මිහින්තලය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු මිහින්තලය පොලිස්වසමේ කුරුන්දන්කුළම පිහිටි නිවාඩු නිකේතනයේ මත්පැන් සාජ්ජයක් පවත්වා තිබෙන අතර එදින මධ්‍යම රාත්‍රීය වනතුරුත් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස එම ස්ථානයෙන් පිටව නොයෑම නිසා නිවාඩු නිකේතනයේ ආරක්ෂක අංශය ඔවුන්ට වේලාව අවසන්වි ඇති බව දන්වා තිබේ.

නිවාඩු නිකේතනයේ කාමර කිහිපයක් වැදගත් පුද්ගලයන් නවාතැන් ගෙන සිටින බවත් මත්පැන් සාජ්ජය නිසා නිදා සිටින ඔවුන්ට හිරිහැර වන බවත් ස්වාමින්වහන්සේ නමක්ද කාමරයක නවාතැන්ගෙන සිටින බවත් ආරක්ෂක අංශය ඔවුන්ට දන්වා තිබේ.

මත්පැනින් සූර්වි සිටි මන්ත්‍රීවරයා ඇතුළු පිරිස හාමුදුරුවරු කොහොමද යකෝ හෝටල් වල නවතින්නේ එන්න කියපිය එළියට අපි හැමදාම බොන්නේ මෙහෙ කවුද අපිව එළවන්න හදන්නේ යනුවෙන් පවසමින් කළහාකාරි අන්දමින් හැසිරි ආයතනයේ ජනේලයක වීදුරුවක්ද පහරදි කඩාදමා තිබේ.

මන්ත්‍රීවරයා ඇතුළු පිරිස හිමිනම ඇතුළු පිරිස නවාතැන්ගෙන සිටි කාමරය ආසන්නයට ගොස් එළියට පැමිණෙන ලෙස තර්ජනය කරමින් කෑකෝ ගසා ඇතත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ කිසිදු පුද්ගලයෙකු අදාල කාමරයෙන් පිටතට පැමිණ නැති අතර ආරක්ෂක අංශය මන්ත්‍රීවරයා ඇතුළු පිරිස කළහකාරි අන්දමින් හැසිරීම නිසා පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

මේ සම්බන්ධයෙන් මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඒ මහතා කියා සිටියේ අදාල නිවාඩු නිකේතනයේ ගැටුමක් සිදුවි අලාභ හානියක් සිදුව තිබෙන බවයි.එහෙත් ස්වාමින්වහන්සේ ඇතුළු පිරිස ඊට මැදිහත්වි නැති බවත් ඔවුන් කිසිදු පැමිණිලක් ඉදිරිපත් කර නැති බවත් පැවසුවේය.

අදාල නිවාඩු නිකේතනයේ කලමනාකාරිත්වයෙන් දේපළ අලාභ සිදුවිම් සම්බන්ධයෙන් පොලිස්ථානයට ඊයේ (21දා) දහවල් වනතුරු පැමිණිලි නොලැබුණු බවත් එහෙත් ඔවුන්ට සිද්ධිය පිළිබදව පැමිණිල්ලක් ඉදිරිපත් කරනා ලෙස පොලිසිය දැනුම්දුන් බවත් එම හිමියන් අග්‍රමාත්‍ය ලේකම් කාර්යාලයේ හිමිනමක්ද යන්න නොදන්නා බව ඒ මහතා පැවසුවේය.

ලාබාල මන්ත්‍රීවරයා කළහකාරි මන්ත්‍රීවරයෙකු වන අතර පාසල් සමයේදි ඉගෙනුම ලැබු විද්‍යාලයේ විදුහල්පතිවරයාට පහරදීම නිසා විද්‍යාලයෙන් නෙරපු අතර අනුරාධපුර හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසාවිනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය ගමන්කළ නිල රථයට මහකනදරාව වැව් බැම්මේදි ගල්වලින් පහරදීමේ චෝදනාවට අත්අඩංගුවට පත්වූවෙකි.

2017 වසරේ පොසොන් රාජකාරිවල නිරතව සිටි රථවාහන පොලිස් නිලධාරියෙකුගේ නිල ඇදුම ඉරා පහරදීම මිහින්තලය නගරයේ ආපන ශාලාවකට පහරදී අලාභ සිදුකිරීම හා පුද්ගලයන්ට පහරදීම ඇතුළු ගණනය කළ නොහැකි සිදුවිම් රැසකට චෝදනා ලැබුවෙකි.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….