මහජන සම්පත ගැන විමර්ශනයක් ඉල්ලයි

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් මහජන සම්පත ලොතරැයි දෙකක එකම දිනුම් අංක සටහන් වීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ඉල්ලා මහජන අයිතන් සුරැකිමේ පදනම විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත.

2019-12-31 දින මහජන සම්පත සමාන ටිකට් පත් දෙකක් නිකුත් වී ඇති බවත් ලොතරැයි මුද්‍රණ ක්‍රියාවලියට අංක සටහන් වීම පරිගණක පද්ධති ඇසුරෙන් සිදු වන බව ඔවුන්ගේ දැනුම බවත්  එවැනි පසුබිමක මෙලෙස එකම අංක දෙපාරක් මුද්‍රණය වීම වංචාවක් ද යන්නට සැකයක් සමාජයේ ඇති කරන කාරණාවක් වන අතර, ඒ හරහා මණ්ඩලයට පාඩුවක් හෝ ලොතරැයි මිලදී ගන්නා පාරිභෝගිකයාට පාඩුවක් සිදු විය හැකි බවත් මෙම පැමිණිල්ලෙන් කියා ඇත.

ඒ් නිසා මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ඇති  අතර, එවැනි දේ නැවත සිදු නොවීමට හා ලොතරැයි කෙරෙහි විශ්වාස බිඳවැටීම වැළැක්වීම සඳහා සිද්ධිය සම්බන්ධයෙන් එම විමර්ශන වාර්තාව  ප්‍රසිද්ධ කරන ලෙස මේ පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

මහජන අයිතීන් සුරැකීමේ පදනමේ අධ්‍යක්ෂක මෙහෙයුම් හා ජාතික සංවිධායක අසේල සම්පත් හා මාධ්‍ය අධ්‍යක්ෂක චිරන්ත අමරසිංහ යන මහත්වරුන් විසින් මෙම පැමිණිල්ල කර ඇත.

මේ අතර ජාතික ලොතරැයි මණ්ඩලයේ තාක්ෂණික අංශය විසින් පිමෙම වරද පිලිගෙන එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැලුම් ප්‍රියංකර මහතාද ඔහුගේ මුහුණු පොතේ සටහනක් තබා ඇත.

ඒ මහතා පවසන්නේ මෙම ටිකට් පත් මුද්‍රණය වීම පිලිබදව ඉක්මන් පරීක්ෂණයක් සිදු වෙනු ඇති අතර මින් ඉදිරියට එවැනි ටිකට් පත් මුද්‍රණය වීම වැලැක්වීම සදහා සුදුසු වැඩ පිළිවෙලක් නිර්මාණය කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් උපදෙස් ලබා දී ඇති බවය.

යම් හෙයකින් මෙම ටිකට් පත් සදහා තාග්‍ය මුදලක් ලැබී ඇත්නම් එම ටිකට් පත් දෙක සදහාම අදාල තාග්‍ය වටිනාම ලබා දීමට ජාතික ලොතරැයි මණ්ඩලය සූදානම් බවද ඔහු කියා තිබුණි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….