අරක්කු online පොහොර Offline – ගොවීන් 300ක් පොහොර නැතිව ලොප් වෙයි

පොහොර ලබා ගැනීමට පොලොන්නරුව සේවාගම ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත පැමිණි ගොවීන් පිරිසක් තමන්ට ලබා දීමට නියමිත පොහොර තොගය ගොඩගොවිතැන් කළ පිරිසකට ලබා දී ඇතැයි කියමින් විරෝධතාවක නිරත වූහ.

පොලොන්නරුව සේවාගම,වැවේතැන්න,මොණරතැන්න,ලක්ෂ උයන පලුගස්දමන උතුර යන ගොවි සංවිධානවල ගොවීන් 300කට පමණ මෙසේ මූලික පොහොර නොලැබීම නිසා ඔවුන් මෙම විරෝධතාව දියත් කළ හ.සේවාගම ගොවිජනසේවා බලප්‍රදේශයේ ගොවින් ට තවත් යූරියා පොහොර මිටි 1500ක හිගයක් පවතින බවත් එසේ තිබිය දී සේවාගම ගොවිජනසේවා මධ්‍යස්ථානයෙන් ගොඩ ගොවිතැන් සදහා පොහොර නිකුත් කර ඇති බවත් ඔවුහු ප්වසති.වී ගොවිතැනට ලබා දීමට නියමිත පොහොර වෙනත් පිරිසකට ලබා දී ඇති බවට ගොවීහු චෝදනා කරති.

“අපට යූරියා පොහොර මිටි 1500ක් පමණ අවශ්‍යයි.අද අපි පොහොර ගන්න ආවට ගොවිජනසේවා මධ්‍යස්ථානයට ආවත් මෙහෙට ලැබුණු පොහොර ටික වෙන අයට අතිරේක බෝග කරන අයට දීලා.අපේ බල ප්‍රදේශයේ අතිරේක බෝග වගා කරන අය අතේ ඇගිලි ගණනටත් අඩුයි.නමුත් පොහොර මිටි 72කින් දැන් තියෙන්නේ 16යි.අපේ පොහොර වෙනත් අයට දීලා.

මී ගැන දිසාපතිගෙන් අහනකොට එතුමා අපට චෝදනා කරනවා කලින් පොහොර ගත්තෙ නෙත්තෙ ඇයි කියලා.එහෙම ඇග බේරා ගන්න බැ.අපි ආවෙ පොහොර ගන්න.එනකොට පොහොර නැ.ඒ නිසා අපෙ ගොයමට දැන් දින 50ක් විතර වෙනවා.ගොවීන් 300ක් විතර අසරණ වෙලා.අපි ණය වෙලා කුඹුරු කරන්නේ.

මේ වතාවේ අපේ කුඹුරු විනාශ වෙලා.අපට පොහොර දෙන්න කියලා අපි ඉල්ලන්නේ.ඇහුවාම කියන්නෙ පොහොර නැ කියලා.කොටසකට පොහොර දෙන්නත් අපට නොදෙන්නත් හේතුව මොකද්ද පොහොර හිගයක් තියෙනවා නම් ලැබුණු පොහොර සාධාරණව ගොවීන්ට බෙදා දෙන්න ඕන.

හිතවත්කම්වලට මුදල්වලට පොහොර දෙනවා දෙනවා ද දන්නෙ නැ.ගොවිජනසේවා සහකාර කොමසාරිස්තුමා අපට කිව්ව ගොවිජන සේවා එකට මිටි 72ක් එව්වා කියලා නමුත් අපි අද බලනකොට 16යි තියෙන්නෙ.එහෙම වුනේ කොහොමද?වැඩි මිලටත් පොහොර නැ.

රුපියල් 5000ට වත් පොහොර හොයා ගන්න නැ.අපේ ගොයම දවසින් දවස විනාශ වෙනවා.” ගොවීහු කීහ.

විරෝධතා පුවරු ඔසවාගෙන සේවගම ගොවිජනසේවා මධ්‍යස්ථානය ඉදිරිපිට පැයකට අධික කාලයක් උද්ගෝෂණයක යෙදුනු ගොවීහු හිස් අතින් ම ගෙදර ගියහ.පින්තූරවල දැක්වෙන්නේ.එම විරෝධතාවේ අවස්ථා කිහිපයකි.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….