කළුතර දරුවන් මේ දිනවල කදු මුදුන් , ගස්, ගල් මුදුන් මත

gasgal

කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමිය පාසල් දරුවන් සහ එම පාසල්වල ගුරුභවතුන් මේ දිනවල කදු මුදුන් , ගස්, ගල් මුදුන් මත On line අධ්‍යාපන කටයුතු කරන ආකාරය පසු ගියදා රාජය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා, මතුගම කලාප අධ්‍යාපනඅධ්‍යක්ෂක ලාල් දිසානායක ඇතුළු නිළධාරින්ට දැක ගැනිමට අවස්ථාව උදාවිය.

කොවිඩි වසංගතයෙන් අධ්‍යාපනය ඇතුළු බොහෝ කටයුතු On line ක්‍රමයට සිදුවුවත් ලංකාවේ බොහෝ ප්‍රදේශවලට සන්නිවේදන පහසුකම් අහිමිය. සුපිරි පහසුකම් ඇති බස්නාහිර පලාතේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර හැරුණු කොට ග්‍රාමිය ප්‍රදේශ රැසකට “සිග්නල්“ නැත. රූපවාහිණි, ගුවන් විදුලි මගින් දේශපාලඥයින් තාක්ෂණික සංවර්ධනය පිළිබද කොතෙකුත් කතා කළ ද ග්‍රාමිය ප්‍රදේශ රැසක මාර්ග ඇතුළු යටිතල පහසුකම් තවමත් හණ මිටි යුගයේය.

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර හැඩිගල්ල, දික්හේන,අතලේ , බොරළුගොඩ, අත්වැල්තොට. දිගන්න,ඕමත්ත ජනපදය, අට හවුල්හේන ඇතුළු ගම්මාන රාශියක ජනතාව දුකථන ඇමතුමක් ලබාගැනිමට කදු මුදුනක්,ගල් පර්වතයක් හෝ ගසකට නැගිය යුතු අවාසනාවන්ත තත්වයට මුහුණදි සිටිති.

වසර දෙකකට ආසන්න කාලයක සිට කොරෝනා වසංගතය නිසා මෙරට පාසල් අධ්‍යාපනය ඇන හිට තිබිමත් සමග බොහෝ ප්‍රදේශවල මාර්ග ගත ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදුකරමින් තිබේ. එහෙත් ග්‍රාමිය ප්‍රදේශවල දරුවන්ට සහ ගුරුභවතුන්ට මාර්ග ගත ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදු කිරිම සදහා පළමුව සන්නිවේදන පහසුකම් ලබා ගැනිමට විශාල වෙහෙසක් දැරිමට සිදුව තිබේ.

පාලින්ද නුවර දික්හේන කන්ටු විදුහලේ දරුවන් සහ ගුරුභවතුන් දික්හේන කදු මුදුනේ තේ වත්තක් මැද තනාගත් මඩුවකට ගොස් මාර්ග ගත ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදු කරන අතරතුර පසුගියදා ළමා කටයුතු පෙර පාසල් , පාසල් යටිතල පහසුකම් , අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ලාල් දිසානායක මහතා ඇතුළු පිරිසක් කදු තරණයකර මහත් වෙහෙසක් දරා එම ස්ථානයට ළගාවිය.

දික්හේන ජනපදය කනිටු විද්‍යාලයේ විදුහල්පතිණිය – රේණුකා කරුණාරත්න මහත්මිය.

මේ පාසලේ ළමුන් 268 ක් ඉන්නවා. පාසල තියෙන තැනට වගේම ගමේ හැම තැනටම සිග්නල් නෑ. මේ ප්‍රදේශයේ කදු මුදුන් කීපයකට පමණයි සිග්නල් තියෙන්නෙ. ඒ නිසා දරුවනුත් ගුරුභවතුන් තම තමන්ට පුළුවන් උස් ස්ථාන වලට යනවා. ඒ ආකාරයට මෙම ස්ථානයේ මඩුවක දුරස්ථභාවය තියාගන අධ්‍යාපන කටයුතු සිදුකරනවා. කොරෝනා නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවී හැකි ආකාරයට මේ විධිහට සිදුකරගන යනවා.

සුදේශ් කුමාර.

අපේ පාසලේ ළමයින්ට On line ඉගන ගන්න පහසුකම් නෑ. අපට දුරකථන ඇමතුමක් ගන්නවත් සිග්නල් නෑ.ඒ නිසා මේ පැත්තතෙ තියෙන උස ස්ථාන වලට නැගල තමයි අපි මේ දවස්වල අධපන කටයුතු කරන්නෙ.

කාන්තා හා ළමා කටයුතු පෙර පාසල් ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය-පියල් නිහාන්ත ද සිල්වා මහතා.

මේ ප්‍රදේශයටම සිග්නල් තියෙන්නෙ කදු මුදුන් දෙකකට පමණයි . මේ දරුවනුත් , ගුරුභවතුන් හා දෙමාපියන් අධ්‍යාපනය වෙනුවෙන් මහත් වෙහෙසක් ගන්න බව අපට පැහැදිළි වුණා.අති ගරු ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමුව ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා, අධ්‍යාපන අමාත්‍ය ජි.එල්. පිරිස් මැතිතුමා, සහ සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා, එකතුවෙලා අපි මේ දරුවන්ගේ අධ්‍යාපන ගැටළුව පිළිබද සාකච්ඡා කරනවා

.අන්තර්ජාල පහසුකම් ලබා දිමට කටයුතු කරනවා. ඒ වගේම මෙවැනි දුෂ්කර ප්‍රදේශවලට ඉතාම ඉක්මණින් ඊ තක්ෂලා ඉගනුම් මධ්‍යස්ථාන දහසක් ආරම්භ කිරිමට දැටමත් සාකච්ඡාකර වැඩ පිළිවල යොදමින් තියෙනවා.

මේ සංකල්පය ඉදිරියට ගෙන යාම පිළිබද නාමල් රාජපක්ෂ ඇමතිතුමාට විශේෂ ස්තුතිය පලකරනවා.පෞද්ගලික අංශයේද සහයෝගය ලබාගන පාසල්, විහාරස්ථා, ප්‍රජාශාලා හෝ සිග්නල් තියෙන තැනක මෙම ආයතන ‍ ආරම්භ කර දරුවන්ට අධ්‍යාපනය ලබාදිම සිදු කරනවා.

පවතින කොවිඩ් වසංගතය නිසා ගුරුවරුන්ට අවශ්‍ය ටැබ් සහ දුරකථන ලබාගැනිම සදහා රාජ්‍ය බැංකු හා අධ්‍යාපන ක්ෂේත්‍රෙයේ විද්වතුන් සමග සාකච්ඡා කර සහණදායි ණය පහසුකම් ලබාදිමට අවශ්‍ය කටයුතු සකසනවා.

එස්. පොද්දෙණිය – මිගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….