වධහිංසාවලට ගොදුරු වූ වින්දිතයින්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය

වධහිංසාවලට ගොදුරු වූවන්ට සහයෝගය දැක්වීමේ ජාත්‍යන්තර දිනය ලෙස අද දිනය අපි සනිටුහන් කරන අතර, ශ්‍රී ලංකාවේ වධහිංසා පැමිණවීම වැඩිවීම පිළිබඳව පහත  අත්සන් සහිතව අපගේ  ප්‍රකාශය මෙසේ ඉදිරිපත් කරමු.

පසුගිය වසර තුළදී, කොවිඩ් – 19  වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට අනපේක්ෂිත  අභියෝගයන් රැසකට මුහුණ දීමට සිදුවූ බව අපි දුටුවෙමු. රටතුළ ගැඹුරු අස්ථාවරත්වයක් සහ අවිනිශ්චිතතාවයක් සහිත  මෙම සන්දර්භය තුළ, පොලීසිය විසින් වැඩි වැඩියෙන් ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම තුළින් ශ්‍රී ලාංකික පුරවැසියන්ට වඩාත් අනාරක්ෂිත බවක් දැනී තිබේ.

වධහිංසාවලට එරෙහි ශ්‍රී ලංකා සාමූහිකය, අවම වශයෙන් 30 ක තරම් වධහිංසා සිදුවීම් ප්‍රමාණයක් වාර්තා වී ඇති බව හඳුනා ගන්නා අතර 2020 අප්‍රේල් මස සිට 2021 අප්‍රේල් දක්වා කාලය තුළ අත්අඩංගුවේ පසුවෙද්දී හා අධිකරණමය ක්‍රියාදාමයන් තුළ දී සිදුවු මරණ 27ක් හදුනාගෙන ඇත. මෙවැනි  අභියෝගාත්මක කාලයකදී වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහයෝගය දැක්වීම දැඩි අවශ්‍යතාවයක් වන අතර වින්දිතයින් සහ එසේ වින්දිතයින් බවට පත්වීමේ අවදානමක් සහිත පුද්ගලයින් කෙරෙහි විශේෂ අවධානයක් යොමු නොකිරීම රජයේ බලධාරීන්ගේ බරපතල අසාර්ථකත්වයකි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ගණනාවක් මෙන්ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්තා මගින් පැහැදිලි වන පරිදි වධහිංසා පැමිණවීම පද්ධතිමය ගැටළුවක් වන අතර, එය තුරන් කිරීම සඳහා රජයේ දැඩි කැපවීමක් අවශ්‍ය වේ; අර්ථවත් ක්‍රියාමාර්ග තුළින් එවන් කැපවීමක් නිදර්ශනය කිරීමට අනුප්‍රාප්තික රජයන් මෙතෙක් අපොහොසත් වී ඇත.‍

විවිධ වධහිංසාවලට ගොදුරු වූවන් සහ ඔවුන්ගේ පවුල් විවිධ අභියෝගයන්ට මුහුණ දෙන අතර ඔවුන්ට  පුළුල් පරාසයක සහාය අවශ්‍ය වේ. මිනිසුන්, විශේෂයෙන් ආන්තික, වෙනස් කොට සැලකීම් සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් විසින් පැමිණිලි කිරීම හෝ සහාය පැතීමෙන් බොහෝ සාධක මත වැළකී සිටින  බව අපි හඳුනා ගනිමු. නිල පැමිණිලි ඉදිරිපත් කරන අය තවදුරටත් දුෂ්කරතා විඳදරා ගනී. වින්දිතයින්ට තර්ජනය කිරීම් හා ඔවුන් බිය ගැන්වීම් සහ පලිගැනීම් වලට මුහුණ දීම, වින්දිතයින් මහජනයා ඉදිරියේ  නින්දාවට පත් කිරිම හා සමාජයෙන් නෙරපා හැරීම් වලට ලක්වීම, වින්දිතයින් ව්‍යාජ අපරාධ චෝදනාවලට මුහුණ දීම සහ ව්‍යාජ  නඩු පැවරීමට කටයුතු කිරීම ඒ් අතර වේ.

වින්දිතයින් ද සංවේදී නොවීම මෙන්ම  බොහෝ විට පූර්ව-නිගමනයන්ගෙන් යුත් පරිපාලන හා නෛතික ක්‍රියාදාමයන්ගේ අහිතකර බලපෑමෙන් යුක්තිය සුරක්ෂිත කිරීම හා වින්දිතයින්ගේ හානිය  සහ යුක්තිය පැතීම වෙනුවෙන් ඔවුන්ට දැරීමට සිදුවන  පිරිවැය සඳහා ප්‍රමාණවත් වන්දි ලබා දීම සහතික නොකෙරේ.

විධිමත් පැමිණිලි කිරීම හැරුණු විට, වෙනත් ආකාරයක සහායන් ලබා ගැනීම පහසුවෙන් කළ නොහැක්කකි. අර්ථවත් ආරක්ෂාවක් සහ යථා තත්වයට පත්වීම වීම සඳහා සහය සැපයෙන රාජ්‍ය යාන්ත්‍රණයන් ද නොපවතී. රටක් වශයෙන් සහ සමාජයක් වශයෙන් අප මෙම දිනයේ දී මෙම අභියෝගයන්ට මුහුණ දීම සඳහා අප තුළ තිබිය යුතු කැපවීම පිළිබදව නැවත අවධාරණය කළ යුතුය.

අප දැඩි ලෙස අවධානය යොමු කරන්නේ,  නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම නොකඩවා පරිහානියට පත් වීමයි. අත්අඩංගුවේ පසුවන්නන්ට එරෙහි හිංසනය භාවිතා කිරීම ඇතුළුව ඝාතන, වධහිංසා පැමිණවීම් සහ අත්අඩංගුවේ පසුවන අතරතුර මරණයට පත්වීම්  වැනි සිද්ධීන් මගින් පෙන්නුම් කරන්නේ පුරවැසියන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වනු ඇතැයි තවදුරටත් අපේක්ෂා කළ නොහැකි බවයි. ඒ වෙනුවට, ඔවුන් ආරක්ෂා කිරීමට බැඳී සිටින බලධාරීන්ට ඔවුන් බිය වෙති.

විශේෂයෙන් මෙවැනි වසංගත තත්වයක් තුළ, සෞඛ්‍ය හේතූන් මත පුරවැසියන්ගේ අයිතිවාසිකම් සීමා කර ඇති වි‌ටෙක, මෙවැනි සිදුවීම් හරහා මහජන කාංසාව සහ නොසන්සුන්තාව වැඩි විය හැකිය.

පොලිස් නිලධාරීන් මුහුණ දෙනු ලබන ආතතිතීන්  පිළිබදව ද අප සිහිපත් කර සිටින අතර, අපි පුන පුනා  අවධාරණය කර සිටින්නේ, එසේ පොලීසිය මුහුණ දෙන අභියෝගයන් නිසා කිසි විටෙකත් ව්‍යවස්ථානුකූලව ආරක්ෂා කර ඇති රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සාධාරණීකරණය කළ නොහැකි බවයි.

නීතියේ ආධිපත්‍යය සඳහා වත්මන් රජය දක්වන ඇලු මැරුණු ස්වභාවය  පෙන්නුම් කරන්නේ බලගතු සහ වරප්‍රසාද ලත් අයවලුන් විසින් ආන්තිකභාවයට පත් වූවන්ට, ආණ්ඩුවේ විවේචකයන්ට සහ විරුද්ධවාදීන්ට එරෙහිව නීතිය අත්තනෝමතිකව ක්‍රියාතමක කිරීමට හා වෙනස් කොට සැලකීමට එය සක්‍රීය කිරීමයි. මෙය පොලීසිය තුළ ක්‍රියාත්මක වන දඩුවම් නොලැබීමේ හැඟීම කෙරෙහි දැඩි බලපෑමක් ඇති කර තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස භාරකාර හිංසනයන්හි ප්‍රමාණාත්මක වැඩිවීම ප්‍රදර්ශනය කෙරේ.

අඩු ආදායම්ලාභී, ජනවාර්ගික හා ආගමික සුළුතරයන් සහ සම-ලිංගික, මිශ්‍ර ලිංගික, සංක්‍රතාන්තික ලිංගික හා අන්තර් ලිංගික ආදී  (LGBTIQ) පුද්ගලයින් වැනි දැනටමත් ආන්තික හා අවදානමට ලක්විය හැකි කණ්ඩායම් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීමේ අවදානමට ලක්ව ඇති බව අපි අවධාරණය කරමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි වධහිංසාවට ගොදුරු වූවන්ට පලදායී පිළියම් නොමැති වීම උග්‍ර වීම හරහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව වැනි අධිකරණමය සහ අධීක්ෂණ ආයතනවල ස්වාධීනත්වයට දැඩි ලෙස හානි පමුණුවනු ඇති හෙයින් අප මේ පිළිබද විශේෂයෙන් සැලකිලිමත් වේ.

සඳුන් මාලිංගගේ වධහිංසා හා භාරකාර මරණය සම්බන්ධයෙන් 2021 මැයි මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් වධහිංසා පැමිණවීම මෙන්ම තවදුරටත් දඩුවම් නොලබා සීටීම වැළැක්වීම සඳහා මහේස්ත්‍රාත්වරුන් සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන් (JMO) වැනි ක්‍රියාධරයන්  විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය ඉස්මතු කර තිබේ.

මූලික මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන පරිදි හැසිරවෙන  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි නීතිවල පැවැත්ම සහ ඇතැම් පාපොච්චාරණයන්  විවිධ බලපෑම්  යටතේ ලබා ගත් බව සනාථ කෙරෙන  විත්තිකරුට වගකීම පැවරීම, වධහිංසා පැමිණවීම ආදිය දැක්විය හැක. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදු  කරන ලද  බන්ධනාගාර පිළිබඳ ජාතික අධ්‍යයන වාර්තාවේ මෙය මනාව ලේඛනගත කර ඇත.

සමලිංගික සම්බන්ධතා අපරාධකරණය කිරීම සඳහා වන වැග්‍රන්ට්ස් ආඥා පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන වැනි වෙනත් නීති, දඩුවම් නොලබන පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ඇතැම් සමාජ කණ්ඩායම් අපරාධකරණය කිරීමේ සංස්කෘතියකට දායක වේ.

වධහිංසා පමුණුවන්නන් අපරාධකරුවන් ලෙස දිගින් දිගටම දඩුවම් නොලැබීම භුක්ති විඳීම මගින්, වධහිංසා චෝදනා ලැබූවන් පිළිබඳව විමර්ශනය කිරීමට හා නඩු පැවරීමට ප්‍රමාණවත් පියවර ගැනීමට අනුප්‍රාප්තික රජයන් අපොහොසත් වී ඇති බව අප වටහා ගන්නා අතර  භරකාර හිංසනයන් දිගින් දිගටම නරක අතට හැරීම පිළිබද වත්මන් රජයේ වගකීම සහ එහි භූමිකාව කොසලකා සිටිය නොහැක.

ශ්‍රී ලංකාවේ පුරවැසියන් වශයෙන්, පවුලේ සාමාජිකයන් සහ අතුරු පාර්ශවකරුවන් මෙන්ම මානව හිමිකම් ආරක්ෂා කරන්නන් වශයෙන් අපගේ හැකියාවන් අනුව, වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහයෝගය දැක්වීම  සහ යුක්තිය සඳහා වන ප්‍රවේශය සහතික කිරීම සඳහා අපගේ කැපවීම පිළිබදව  අපි ප්‍රතිඥා දෙමු.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති නීතියේ ආධිපත්‍යයට සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට ගරු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. මෙම අයිතිවාසිකම් බලාත්මක කිරීම සඳහා, වැඩිවන දඩුවම් නොලැබා සිටීමේ ප්‍රවණතාවය වැළැක්වීම සහ විශේෂයෙන් වධහිංසා පැමිණවීම වැළැක්වීම සඳහා වහාම රජයේ ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටිමු.

එවැනි අර්ථවත් රජයේ ක්‍රියාමාර්ගයකට ඇතුළත් විය යුත්තේ වධහිංසා කිසිසේත්ම නොඉවසීම පිළිබඳ විධිමත් ප්‍රතිපත්ති අනුගමනය කිරීම, රාජ්‍ය නිලධාරීන්, විශේෂයෙන් පොලීසිය සහ බන්ධනාගාර නිලධාරීන් විසින් වධහිංසා පැමිණවීම විධිමත් ලෙස හෙළා දැකීම, වධහිංසාවන් පිළිබද  චෝදනා ලබන්නන් සහ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීම මෙන්ම  වින්දිතයින් කෙරෙහි සහය සැලසීමයි.

වධහිංසාවලට එරෙහි ශ්‍රී ලංකා සාමූහිකය –  මාධ්‍ය ප්‍රකාශය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….