දුමින්දගේ නඩු තීන්දුව, පුරහල බෝම්බය හා පද්මිනී රණවක

1999 දෙසැම්බර් 18දා කොළඹ නගර ශාලාව අසල පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදී එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයකින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට දකුණු ඇස අහිමි වෙමින් බරපතල තුවාල ලැබූ අතර 26දෙනෙකු ඝාතනයට ලක්වෙමින් සිය ගණනක් තුවාල ලැබූහ.

මෙම ඝාතනය ගැන විමර්ශන ද මෙහෙයවනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් බව ඔහු අයිතිය වෙබ් අඩවියට පවසා තිබිණි. එවකට පොලිස් පරීක්ෂකවරුන් වූ පී. අම්පාවිල හා ශානි අබේසේකර මෙම විමර්ශනයේ ප්‍රධාන භූමිකාවන් ඉටුකළ බව සත්‍යයකි. මෙය දක්ෂ විමර්ශනයක් ලෙස සැලකේ. මරාගෙන මැරෙන බෝම්බකාරිය ඇඳ සිටි ඇඳුමේ ලේබලයක් හරහා සොයා ගොස් අවසානයේදී කතාව මුළුමනින්ම පාහේ හෙළිදරව් කරගත් මුත්, වරදකරුවන්ට දඬුවම් නියමකිරීමට මූලික වශයෙන් උපකාරී වූයේ නඩුවේ සාක්ෂිවලට වඩා විත්තිකරුවන්ගෙන්ම ‘ලබාගත්’ පාපොච්චාරණය වීම හාස්‍යජනකය.

මේ සම්බන්ධ නඩුව මහාධිකරණයේ විභාග කළ විනිසුරු පද්මිනී රණවක ගුණතිලක විසින් 2015දී වී. වරදරාජා නම් විත්තිකරුට වසර 290ක හා සී.අයි. රඝුපති නම් විත්තිකරුට අවුරුදු 300ක සිර දඬුවම් නියම කළාය. එම දඬුවම වසර 30කින් ගෙවී යාමට නියමිතය. රඝුපතිගේ බිරිඳ වසන්ති ෂර්මා සාක්ෂි නොමැති වීම නිසා මෙම නඩුවෙන් නිදහස් වූවාය. 2000 වසරේ අත්අඩංගුවට ගන්නා ලද ඇය 2015 වනතෙක් අවුරුදු 15ක්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගත කර තිබිණි. ඇයට එම ඉරණමට මුහුණදෙන්නට සිදුවූයේ ඇගේ සැමියා නිසා බව මහාධිකරණ විනිසුරුවරිය ඇය නිදහස් කරමින් පැවසුවාය. එහෙත්, එය බොළඳ හේතු දැක්වීමකි. සත්‍ය හේතුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතයි.

මෙම නඩුව සම්බන්ධයෙන් වරද පිළිගත් තවත් පුද්ගලයකුට ද අවසන් තීන්දුවට පෙර දඬුවම් නියම කරන ලද බව මතකය.

වසන්ති නිදහස් වුව ද චන්ද්‍රිකා ඝාතනය සඳහා මරාගෙන මැරෙන බෝම්බකාරිය විසින් භාවිතා කරන ලද ඇඳුම් කට්ටලය ඇඳීමට ඇය උපකාර කර තිබිණි. මෙම සිදුවීමේ සුලමුල හෙළිවීමට ඇය විමර්ශනයේදී ලබාදුන් සහාය හේතු විය. කෙසේ වෙතත්, ඇය කාන්තාවක වීම විනිසුරුවරියගේ අනුකම්පාව ඇයට හිමිවීමට හේතු වන්නට ඇත.

මෙම නඩුවෙහි විත්තිකරුවන්ට දඬුවම් නියම වන්නට මූලික හේතුව වන්නේ මහාධිකරණ විනිසුරුවරිය විසින් ඔවුන්ගේ ‘පාපොච්චාරණ’ ස්වේච්ඡාවෙන් සිදුකළ සත්‍ය ප්‍රකාශ බව පිළිගැනීමයි. එම කටඋත්තර සටහන් කරගෙන තිබුණේ එවකට සහකාර පොලිස් අධිකාරිවරයකු වූ නෙවිල් ගුරුගේ විසිනි. එම කටඋත්තර අධිකරණය විසින් පිළිගන්නේ ගුරුගේගේ කීර්තිය පදනම් කරගෙනය. ඒවා වධහිංසනය භාවිතා කරමින් වාර්තා කරගන්නා ලද කටඋත්තර බවට විත්තියේ නීතීඥවරුන් විසින් කරන ලද තර්ක ප්‍රතික්ෂේප කරන ලදී.

පසු කලෙක පද්මිණී රණවක ගුණතිලක විනිසුරුවරිය විසින් අභියාචනාධිකරණයට උසස්වීමක් ලබාගැනීම සඳහා ජනාධිපතිවරයාට බලපෑම් කිරීම සඳහා මෙම නඩු තීන්දුව උපයෝගී කරගන්නට උත්සාහ කළ බව රන්ජන් රාමනායකගේ පටිගත කරන ලද දුරකථන සංවාදවලින් හෙළිදරව් විය.

දුමින්ද සිල්වා නඩු තීන්දුව ද මේ අයුරින්ම උසස්වීම් සඳහා උපයෝගී කරගන්නට උත්සාහ කර ඇති බව විනිසුරුවරියගේ පටිගත වූ ප්‍රකාශවලින් පෙනේ. දේශපාලන පළිගැනීම් විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ද දුමින්ද සිල්වාට අසාධාරණයක් වූ බව සඳහන් වී ඇති බව වාර්තා විය.

දුමින්ද සිල්වාට නිදහස ලැබීමට විනිසුරුවරියගේ වෘත්තීය විෂමාචාර අනියමින් හේතු විය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගත කර සිටින ඇතැම් දේශපාලන සිරකරුවන්ට එරෙහි අපරාධ ඔප්පු වීමටත් එවැනි විෂමාචාර හේතුවන්නට ඇතැයි පුරහල බෝම්බ නඩුව අනුව සිතේ.

පුරහල බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් සිරගත කළ පුද්ගලයන් නිදහස් කරන්නැයි අප ඉල්ලාසිටින්නේ නැත. එහෙත්, දෙමළ ඊලාම් යුද්ධය සම්බන්ධ සිදුවීම්වලට වැරදිකරුවන් වී සිටින සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනාට පොදු සමාවක් ලබාදී, පුනරුත්ථාපනය කර, එම පරිච්ඡේදය අවසන් කළ යුතුය.

ත්‍රස්තවාදයට නැවත ඉඩ නොතැබිය යුතුය. එසේම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ද අහෝසි කළ යුතුය.

praja.lk

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….